Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විදේශ ගමන්වලට ඔබටත් වාසනාව හිමිද?

1 year ago 7 Min read
Subha.lk
තම මව් රටින් බැහැරව විදේශ රටවල විසිතුරු බලන්න, විදේශ රැකියාවක් කරන්නට නැති නම් වැඩිදුර අධ්යාපනයක් ලබන්නට ඔබත් සිහින දකින කෙනෙක් විය හැකිය. එහෙත් එම සිහින ඔබ සිතන අයුරින්ම සැබෑවෙයිද ? ඔබේ කේන්ද්රයේ පිහිටි ග්රහ පිහිටීම අනුව ඒ සිහින සැබෑ වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් බැරි නැන කෙසේ වෙතත් ඒ පිළිබඳව සැබෑ තත්ත්වය ඔබේ කේන්ද්රයේ සටහන් වී ඇත. බලන්න ඒ වාසනාව ඔබටත් හිමිවේද කියා. විදේශ ගමන් බිමන් කාණ්ඩ පහකට වෙන් කළ හැකි අතර ඉන් ප්රධාන කාණ්ඩය වන්නේ රාජ්ය තාන්ත්රික ගමන්ය. ඊළඟට ප්රධාන වනුයේ යුද්ධ කටයුතු සඳහා යන ගමන් බිමන්ය. සංචාරය සඳහා යන ගමන්ද රැකී රක්ෂා කටයුතු සඳහා සහ අධ්යාපන කටයුතු යෙදෙන විදේශ ගමන් ද වේ. එම ගමන දියෙන් ගියද, ගොඩින් ගියද, ගුවනින් ගිය ද එය දේශාන්තර සංචාරයක් සේ දැක්විය හැකිය. ජන්ම පත්රයක තුන් වැන්නෙන් කෙටි ගමන් බිමන් හා විනෝද ගමන් නිරූපණය කරයි. හත්වැන්නෙන් සාමාන්ය ගමන් බිමන් ගැන කියැවෙයි.නම වැන්නෙන් ඈත පළාත් වලට යන සංචාරයකින් හා වන්දනා ගමන් ගැන ප්රකාශ වන අතර දොළොස් වැන්නෙන් විදේශගත වීම් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ජන්මියෙකුගේ කේන්ද්රයේ පළමු වැන්නෙන් ස්වකීය මාතෘ භූමිය ද හතරවැන්නෙන් ප්රකාශ වන බැවින් පළමු වැන්නට විරුද්ධ රාශිය වන හත්වැන්නත් හතර වැන්නට විරුද්ධ රාශිය වන දහවැන්නත් ග්රහ බලපෑම් අනුව කෙනකුට උපන් ස්ථානයෙන් පිටත යැමට සිදුවේ. බටහිර ජ්යෝතිෂ ක්රමය අනුව තුන්වැන්නෙන් පෙන්නුම් කරනුයේ කෙටි ගමන් පිළිබඳවය. නම වැන්නෙන් දීර්ඝ ගමන් පිළිබඳ තීරණය කළ යුතු බව සඳහන්ව ඇත. සෘෂි මතය අනුව කෙනෙකුගේ ලග්නාධිපතියා හත් වැන්නෙහි යෙදී ඇත්නම් ඔහුට තම ජන්ම භූමියෙන් පිට දේශයක වාසය කිරීමට සිදු වේ.ජාතක පරිජාතකයේ දැක්වෙන පරිදි චර රාශියක් ලග්නය වීම හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක වික්ෂණයට අසු වී තිබීම ජන්මියාට පිට දේශයක වාසය කිරීමට සලස්වන ග්රහ පිහිටීමකි. ඉතා සාර්ථක දේශ සංචාරක ගමන් බිමන් සඳහා ලග්නය චර රාශියක් වීමත්, ලග්නාධිපතියා රවි සඳු බුධ සිකුරු යන ඉක්මන් ගමන් ඇති ග්රහයකු වීමත් අවශ්ය වේ. ඉහත කී පිහිටීම නොමැති නම්, ඒ වෙනුවට තිබිය යුතු අනෙකුත් පිහිටීම් මෙසේය. උච්ච මූල ත්රිකෝණ ස්වක්ෂේත්ර හෝ මිත්ර බලයකින් යුතුව බලවත් පාපයෙකු ලග්නයෙහි සිටීම ජන්මියා ස්වකීය මව් භූමියෙන් පිටනට යැමට හේතු වේ. ලග්නාධිපතියා 12 වැනි රාශියේ හෝ ඉතා දුර්වලව හෝ සතුරු රැසක හෝ ඇතිව උපන් අයට පිටරටවල ඇවිදීමට හා මුළු ජීවිත කාලයම පිට දේශයක ගත කිරීමටද සිදු වේ. කුජ වැන්නේ සිටී නම් ජන්මියා පිට දේශයක වාසය කරයි. මුල් කාලයේදී ගෘහ ජීවිතය හතර ප්රනීමත් වේ. හතර වැන්නේ ශනි නම් ඔහුගේ ජීවිතයේ අගභාගය මව් බිමෙන් බැහැර ගොස් ආගමික දිවි පෙවෙනක් ගත කරයි. හය වැන්නාධිපති දෙවැන්නේ සිටීමත් පිට දේශයකට යැමට හිතකර පිහිටීමකි. හය වැන්නාධිපති දෙවැන්නේ සිට අටවැන්න දකින්නේ නම් හෝ 6, 8, 11 සහ 12 වැනි ස්ථානයේ සිටීමෙන් හෝ විදේශ ගමක් බිමන් යෙදේ. නිරතුරුවම ඈත දේශවල සංචාරය කිරීම සඳහා තිබිය යුතු තවත් ග්රහ යෝගයක් නම් හත්වැන්නේ රවි උච්චව සිටීමය තුලාව ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීම ද අනර්ඝ පිහිටීමකි. නීච රවි අටවැන්නේ සිටි විට ගමන් බිමන් වැඩිකම් නිසා අවිවේකී තත්ත්වයකට පත් වේ. ගුරු අටවැන්නේ නම් වැඩි වශයෙන්ම යෙ දෙන්නේ වන්දනා ගමන් වේ. රවි සිංහයේ සිටින අයට වඩා රවි මේෂයේ සිටින අය දේශ සංචාරයකට පෙළඹේ. 10 වැන්නාධිපතියා කේන්ද ස්ථානයක් හෝ ත්රිකෝණ ස්ථානයක සිටී නම් ප්රීතිමත් දේශ සංචාරයකට හේතුවක බවත් දස වැනාධිපතියා දුෂ්ට ස්ථානයක සිටී නම් දේශ සංචාර (ගමින් නිසා කරදර ඇතිවන බැවින් ජානක පරිජාතකයේ දැක්වේ. ලග්නය චර රාශියක් වීමත්, එහි අධිපතියා චර රාශි වීමත්, එසේම ඔහු චර රාශියක සිටි ග්රහයකුගේ දෘෂ්ඨියට ලක්වීමත් විදෙස් ගමන් යෙදීමට හේතු වන්නකි. දොළොස් වැන්නාධිපතියා පාප ග්රහයකුගේ දෘෂ්ඨියට ලක්වීම යනු අධික වියදම් දරා විදේශගත වීමට සිදුවන ග්රහ සංයෝගයකි. තුන්වැන්න කටකය හෝ මීන රාශිය වී එහි චන්ද්රයා සිටීමෙන් නියත වශයෙන්ම වන්දනා ගමන් සඳහා පිට දේශවල සංචාරය කිරීමට වාසනාව උදාවෙන බව භවදිවිකාවේ දැක් වේ. කටකය, මීනය, මෝක්ෂ රාශියන්ය. ඒ හා සම්බන්ධව යෙදෙන ගමන් බිමන් වැඩි වශයෙන්ම ශුද්ධ ස්ථාන කෙරෙහි බලපාන බව පැහැදිලිය. එම දෙරැස ජල රාශියද වන බැවින් විශේෂයෙන් මුහුදු යාත්රා මගින් එම ගමන් සිදුවීමට ඉඩ ඇත. මුහුදු ගමන් කෙරෙහි චන්ද්රයාද බලපවත්වයි. තුන්වැන්නෙන් වැඩි වශයෙන්ම කෙටි ගමන් ප්රකාශ වෙතත්, එහි ඇති අනෙකුත් ග්රහ තත්ත්වයන් අනුව එයම දීර්ඝ ගමනකට හේතු වීමටද ඉඩ ඇත ඉහත සඳහන් ග්රහ පිහිටීම් ඔබේ කේන්ද්රයෙහි පිහිටා ඇත්දැයි ඔබටත් බලාගත හැක. දොළොස් වැන්න මුල්කරගත් එම විදෙස් ගමන් යෝග මගින් ඔබටත් විදේශගත වීමට වාසනාව උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk