Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පිරිමි දරුවන් නොලබන බව කේන්දරයේ ග්රහ පිහිටීම අනූව කිව හැකියි.

1 year ago 7 Min read
Subha.lk
වැලක ගෙඩි කවදාකවත් වැලකට බරක් නොවන බවට කතාවක් සමාජය තුළ පවතී. මෙම කතාවේ ගැඹුරු අරුතක් තිබේ. දරුවන් පවුලක කොතෙක් සිටියත් ඔවුන් දෙමව්පියන්ට වැඩියක් නොවේ. පෙරදිග සංස්කෘතික ලක්ෂණ මුල්කරගත් අපේ රටෙි පවුලකට එකතුවන දරුවන් සම්පතක් ලෙස හඳුන්වයි. එම පවූලේ පරම්පරාව ඉදිරියට ගෙන යාම සඳහා පිරිමි දරුවන් ඉපදීම වැදගත් වේ. පස්වැන්න පාපී ග්රහයෙකුට අයිතිව තිබියදී එය ප්රබල පාපි ග්රහයන් සමග සංයෝග වී සිටින විට එම රාශියට හෝ එහි අධිපතිට හෝ කිසිම සුබ සබඳතාවක් නොමැති නම් එම කේන්ද්ර හිමියාට පිරිමි දරුවන් අහිමි වනු ඇත. පස්වැන්නාධිපති සහ පස් වැන්නෙහි නවාංශක අධිපති ස්ත්රීකාරක ග්රහයනට අධිපති වූ විට එසේම ස්ත්රී කාරක ග්රහයෙකු එයට එකතු වූ විට හෝ පස්වැන්නෙහි අධිපති සමග හෝ පිළිගත හැකි මටිටමේ සම්බන්ධතාවයක් නොමැති නම් එම කේන්දරයේ හිමියන්ට ගැහැණු දරුවන් ලැබෙනු ඇත. පස්වැන්න ඉරට්ටේ රාශියක් නම් එයට ස්ත්රීකාරක ග්රහයෙකු එක් වූ විට සහ එම ග්රහයාගේ දෘෂ්ටිය එයට ලැබෙනවිට සහ සූබ බලපෑමක් පස්වැන්නට නොලැබෙන විට ගැහැණූ දරුවන් පමණක් ලැබෙන බව කියයි. පස්වැන්නාධිපති සහ ගුරු යහපත් ස්ථානයක පිහිටා නොමැති විට පිරිමි දරුවන් නොලැබෙන බව කියැවේ. සිකුරු ලග්නාධිපතිය ලෙසින් දසවැන්නට එක් වූ විට එම එකොළොස්වැන්න පාපී ග්රහයෙකු වූ විට සහ තුන්වැන්න සහ නවවැන්න පාපී ග්රහයන් වූ විටද පිරිමි දරු උපත් සිදු නොවන බව පැවසේ. පස් වැන්නෙහි පාපී ග්රහයන් වූ විටත් එමෙන්ම පස්වැන්නාධිපතිගෙන් සය වැන්න. අටවැන්න ස්ථානවල පාපී ග්රහයන් සිටින කේන්දර හිමියන්ටද පිරිමි දරුවන් නොලැබේ. පස්වැන්න ඉරටිටෙි රාශියක් නම් එය සිකුරුට හෝ සඳුට හෝ අයිති නම් එසේම නවාංශකය සිකුරුට හෝ සඳුට අයිති නම් උපදින්නේ ගැහැණු දරුවන් වේ. පිරිමි දරුවන් වාසනාව මුල්කරගෙන උපදින බවට මත පවතී. එහෙත් පස්වැන්න පීඩනයට පත්ව තිබේ නම් තුන්වැන්නාධිපති ලග්නයට එක් වූ විට ගැහැණූ දරුවන් පමණක් උපදිනූ ඇත. එහෙත් ඔවුන්ට පිරිමි දරුවෙකු අහම්බෙන් ඉපදුන විට ඔවුන් අකාලයේ මියයනූ ඇත. පස්වැන්න බූදට අයිතිව තිබියදී සෙනසූරුගේ දෘෂ්ටියට අසූවූ විට පිරිමි දරුවන් ලැබීම දුෂ්කර වේ. බුද හෝ සෙනසුරු යන ග්රහයන් දෙදෙනාගෙන් එක් ග්රහයෙකු පස්වැන්නාධිපති සමග හෝ කාරක ග්රහයා වන ගුරු සමග හෝ තමන්ට අයිති රාශියක සිටින විට එම ග්රහයා අනෙක් දෘෂ්ඨියට ලක් වූ විට ගැහැණූ දරු උපත් පමණක් පෙන්වයි. සිංහ ලග්නය හෝ වෘශ්චික ලග්නය හෝ උදාවෙද්දී බෙලහීන පස් වැන්නාධිපති පාපී ග්රහයන් සමග සංයෝග වූ විට පිරිමි දරුඵල ලැබීම දුෂ්කර වේ. ලග්නාධිපති පාපී ග්රහයෙකු සමග සංයෝග වූ විට එසේම පස්වැන්නාධිපති දුස්ථානයක සිටින විට ඊට සමාන ප්රතිඵල ඇති වේ. පාපී ග්රහයන් සංයෝග වූ ගුරු පස් වැන්නට එක් වූ එක් වූ විට අත්වන ප්රතිඵලද එයට සමාන බව කියැවේ. ලග්නාධිපති අඟහරුට අයත් වේ. මේෂ රාශියට හෝ වෘශ්චික රාශියට හෝ එක්ව සිටියදී පස්වැන්නාධිපති සය වැන්නෙහි සිටීනම් පිරිමි දරු උපතක් සිදුවීමට ඉඩ නැතැයි ද සඳහන්වේ. ලග්න රාශිය පාපි ග්රහයෙකුට අයත්ව තිබියදී රවි සෙනසුරුට අයත් මකර රාශියට හෝ කුම්භ රාශියට හෝ එක්වූ විට පාපී ග්රහයන්ගේ දෘෂ්ටියට ලක්ව සිටී නම් එසේම ලග්නාධිපති දුර්වල නම් පිරිමි දරුවන් නොලැබේ. රවි සිටින කන්ය ලග්නය උදාවෙද්දී අඟහරු පස්වැන්නෙහි සිටී නම් පිරිමි දරුඵල අයත් නොවේ. මීන ලග්නය උදාවෙද්දී පීඩිත සඳු පස් පමණක් පෙන්නුම් කරයි. වැන්නෙහි සිටියේ නම් ගැහැණු දරුවන් පමණක් පෙන්නුම් කරයි ස්ත්රී කාරක රාශියක පූරුෂ කාරක ග්රහයන් සමග පස්වැන්නට එක් වූ විට අත් වනූයේ එවන්ම ප්රතිඵල වේ. වෘෂභ, සිංහ, කන්ය, වෘශ්චික රාශි වද රාශිය. පස්වැන්න එයින් එක් රාශියක් වූ විට එසේම එය හොඳින් වර්ධනය නොවූ තත්ත්වයක තිබෙන විට යහපත් සහ පූරුෂ කාරක ග්රහයෙකුට කිසිම සබඳතාවයක් නැති විට පිරිමි දරු උපතක් ලැබීම දුෂ්කර වේ. සෙනසූරු බූධ සහ කේතු යන ග්රහයන් පස්වැනි රාශිවල අධිපතීන් සමග සංයෝග වූ විට පිරිමි දරුවන් නොලැබේ යැයි ජ්යෙතිෂයේ සඳහන් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk