Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබව පාරට වට්ටන යෝග...

1 year ago 7 Min read
Subha.lk
ජන්ම පත්රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්රබල අශුභ යෝගයකි. කේමද්රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්රයාගෙන් දෙපස රාශිවල හෙවත් උත්පත්ති චන්ද්රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්රහයකු නොමැති වීමෙනි. යම් ජන්මියකුගේ ජන්ම පත්රයේ කේමද්රැම යෝගය පිහිටි කල ඔහු හෝ ඇය ඉතා අවාසනාවන්ත දිළිදු කෙනෙකි. කරන කියන වැඩ අසාර්ථක වේ. බොහෝ විට තනිකඩ ජීවිත ගත කරයි. විවාහ වුවද දරුවන් නොමැත. විවාහ දිවිය අන්තිම අසාර්ථක වී කැඩී යයි. මෙවැනි කේන්දර හිමියෝ බොහෝ විට ජීවන වෘත්තිය ලෙස බැල මෙහෙවරකම් වල නිරත වේ. තවද නිතර අනුනට දෝෂාරෝපණය කරන අතර සොරකමට මෙන්ම වංචාවට බරය. මෙම යෝගය කෙතරම් අවාසනාවන්තද යත් මොවුන්ගේ මරණය පවා අන්ත දුක්ඛිතය. මෙම යෝගයේ අශුභත්වය ඉහත ආකාර වුවද යමකුගේ ජන්ම පත්රයක පිහිටා ඇති කේමද්රැම යෝගය ජන්ම පත්රයේත් නවාංශකයෙත් යෙදී ඇති ග්රහ පිහිටීම තුළින් භංග වේ නම් උක්ත යෝගයේ අනිටු ඵල කිසිදා උරුම නොවේ. එනිසා ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවේ. කේමද්රැම යෝගය භංග වන ක්රම ගණනාවකි. 1.ජන්ම පත්රයේ චන්ද්රයා සිටින රාශියට ග්රහයකුගේ දෘෂ්ටියක් වැටීම. 2. උත්පත්ති චන්ද්රයාගෙන් දෙවැන්නට හෝ 12 වැන්නට ග්රහයකුගේ දෘෂ්ටියක් වෑටීම. 3. ජන්ම පත්රයේ 8 වැන්න අධිපති නොවන ගුරු ග්රහයාගෙන් යෙදෙන ගජකේශරී යෝගය පිහිටා තිබීම. 4. කේන්දරයේ චන්ද්රාධි යෝගය පිහිටා තිබීම. 5. ලග්නයෙන් 4 වැන්නේ ග්රහයකු හෝ ග්රහයන් කීපදෙනෙකු තැන්පත් වීමි. 6. චන්ද්රයාගෙන් කේන්දරගනට ග්රහයන් පිහිටීම. 7. නවශක කේන්දරයේ සඳුගෙන් එක් පසෙක හෝ දෙපසම ග්රහයකු හෝ ග්රහයක්. 8. ලග්නයෙන් කේන්දර ස්ථාන වැඩි ගණනක ග්රහයන් වීම. 9.නවාන්ෂක කේන්දරයේ සඳු සිටින රාශියට අනුරූපව ලග්න කේන්දරයේද උක්ත රාවය දසස ග්රහයන් සිටීම. තවද උක්ත කේමද්රැම යෝගය භංග වන ක්රම සඳහා දායක වන ග්රහයන් ප්රබල රාශි ගත බලයකින් සිටිය යුතු වන අතර, අශුභත්වය භංග කරනු වස් දායක වන ගජකේශරී ආදී කොට ඇති ප්රබල යෝග ද ඉතා බලගතුව නිර්මලව පිහිටා තිබිය යුතුය. එපමණක් නොව සඳු මතට හෝ සඳුගෙන් දෙපසට වැටෙනා දෘෂ්ටි ද ශුභ විය යුතුය. ජන්ම පත්රයක මෙම අශුභ යෝගය පිහිටා භංග නොවන අවස්ථාවන්හිදී යෝගයෙන් ගෙන දෙන අනිටු ඵලවලින් දුකට පත්වීම එසේත් නැති නම් දිළිදු වී අසාර්ථක වීම වළකනු වස් ප්රතිකර්මයක් ලෙස උපන් ප්රදේශයෙන් ඉතා ඈතකට හෝ විදේශ රටකට හෝ පදිංචියට යෑම සිදු කරයි. එම ක්රමවේදය තුළින් භංග නොවන කේමද්රැම යෝගයේ අනිටු ඵල වළකාගත් අය බොහෝය. මෙහිදී අවශ්ය වනුයේ තම ජන්ම පත්රයේ කේමද්රැම යෝගය පිහිටා තිබේද එසේ පිහිටා ඇති නම් එය භංග වේද නොවේද යන්න නිවැරැදිව දැන ගැනීමය. ඒ සඳහා උගත් ජ්යෝතිෂ වේදියකුගේ සහාය ලබාගන්න. එවිට 100%ක්ම නිවැරැදිව යෝගයේ ස්වභාවය සම්බන්ධව දැනුවත් විය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk