Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ස්ත්රී කේන්ද්රයේ සිකුරු කොතැනද?

1 year ago 7 Min read
Subha.lk
ස්ත්රී කේන්ද්රයෙහි කොටු දොළහක් ඇත. එය ලග්නය ඇතුළත ද වටහි අංක දොළහකින් දක්වා ඇත. එම කොටු දොළහේ කුමන කොටුවක හෝ ශු අක්ෂරය ඇත. 'ශු' යනු සිකුරු ග්රහයා සිටින ස්ථානය යි. මෙම ස්ථානය අනුව විවාහ වන ස්ත්රියගේ රහස් ගැඹුරින් හෙළි කරගත හැකිය. විවාහ වන ස්ත්රියගේ කේන්ද්රයේ 1 කොටුවේ ශු අකුර ඇත්නම් ලග්නයේ සිකුරුය. ඇය රූමත්ය. සැමියා සමඟ සතුටින් ප්රීතියෙන් සිටීමට යුගදිවියේ භාග්යය ලැබේ. ඇය සැමියාට ආදරයෙන් උසුළු විසුළුවෙන් විනෝදයෙන් කාලය ගත කරන්නියකි. විවාහය ජීවන යාත්රාවකි. විවාහය යන අකුරු හතරින් ඉතා ගැඹුරු අදහසක් දිස්වේ. 'වි - යන්නෙන් විශ්වාසය ද. 'වා ' - යන්නනේ වාසනාව ද 'හ' - යන්නෙන් හසරැල්ල ද ' ය' යන්නෙත් යන මග ද කියැවේ. ඒ නිසා විවාහය නමැති ජීවන යාත්රාව පසු කල ගැටලු - බාධක, අනතුරු නොවී පැදවීමට ඉහත අකුරු හතර තුළ තමන් අභිමත චාර්යා විධි හා නිදහස නොමැති බව හැඟී යන කල බොහෝ යුවතියන් පමණක් නොව වැඩි වයස්ගත මවුවරුන් ද අනියම් සබඳතා මගින් විනෝදය, විවේකය, පමණක් නොව රති සුවයේ අපූරු ආශ්වාදය සොයා දිව යැමට පෙළඹ ගිනින්. විවාහය නමැති ජීවන යාත්රාව හොඳින් පදවා වාසනාවන්ත යුග දිවියක් ගෙන යැමට ඔබ පළමුව විවාහ වන ස්ත්රියගේ කේන්ද්රයේ සිකුරු ග්රහයා සිටින ස්ථානය දැන ගැනීම වැදගත් වේ. එයින් ස්ත්රියගේ ජීවිත තොරතුරු දැන විවාහ වුවහොත් යාත්රාව බාධා අනතුරුවලින් තොරව පැදවීමට හැකිය. ස්ත්රී කේන්ද්රයෙහි කොටු දොළහක් ඇත. එය ලග්නය ඇතුළත ද වටහි අංක දොළහකින් දක්වා ඇත. එම කොටු දොළහේ කුමන කොටුවක හෝ 'ශු අක්ෂරය ඇත. 'ශු' යනු සිකුරු ග්රහයා සිටින ස්ථානය යි. මෙම ස්ථානය අනුව විවාහ වන ස්ත්රියගේ රහස් ගැඹුරින් හෙළි කරගත හැකිය. විවාහ වන ස්ත්රියගේ කේන්ද්රයේ' ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 1 වැන්නේ නම් ලග්නයේ සිකුරුය ඇය රූමත්ය. සැමියා සමඟ සතුටින් ප්රීතියෙන් සිටීමට යුග දිවියේ භාග්යය ලැබේ. ඇය සැමියාට ආදරයෙන් උසුළු විසුළුවෙන් විනෝදයෙන් කාලය ගත කරන්නියකි. 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 2 වැන්නේ නම්, ඇය ධනවත් කාන්තාවකි. විවාහය ද සාර්ථක වේ. ඇගේ කථා විලාසයෙන් ඔබේ සිත් සතන් පිනවා යන්නියකි. ' ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 3 වැන්නේ නම් ඇය කලාවට සංගීතයට නැටුම්, චිත්ර ශිල්පයට අති දක්ෂවන අතර ඉතාම රාගාධික කාන්තාවකි. ' ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 4 වැන්නේ නම් ඇය සියලු සැප සම්පත් ලැබීමට වාසනාවන්තියකි. සැමියාට ද දේපළ ධනය ලැබේ. 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 5 වැන්නේ නම්, සැමියාට පණට පන මෙන් ආදරය කරන්නියකි. දූ දරුවන් ඉතා ආදරයෙන් හදා වඩා ගනී, ඇයට සැමියාගේ ආදරයන් තෑගි බෝගත් ලැබේ. දේපොළ හිමිවන්නියකි. ' ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 6 වැන්නේ නම්, නිතර නිතර රෝගාබාධ වලට ලක්වන්නියකි. යටිබඩ ආශ්රිත රෝග, රහසඟ ආශ්රිත රෝග ඇත්තියකි. ගති ගුණ එතරම් ප්රියමනාප නොවේ. 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 7 වැන්නේ නම් ඇය ඉතා සිරියාවන්නයි. ඇය නිසා නිවසට සිරිකතගේ බැල්ම නිරායාසයෙන්ම ඇති වේ. සැමියා සමඟ සුන්දර ආදර කැදැල්ලක නැලවෙන්නියකි. ඉතා යහපත් කාන්තාවකි. 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 8 වැන්නේ නම්, සැමියා රවටා ගැනීමේ කපටි මායාකාරි බිරිඳක් වේ. ඇගේ ගති පැවතුම්ද හොඳ නැත. • 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 9 වැන්නේ නම්, නව වැන්න පුණ්ය ස්ථානය යි. ඇය පින්වන්තියකි. උසස් ගතිගුණ ඇත්තීය. ආගමට දහමට ළැදිය සැමියාට කීකරු අවනත හොඳ කතකි. ' ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 10 වැන්නේ නම්, ඇය තම ආත්ම ගෞරවය හා චරිතය පාරිශුද්ධිය සිය පණමෙන් ආරක්ෂා කර ගන්නියකි. පතිවත රකින්නියකි. හොඳ සිරිත් විරිත් අනුගමනය කරන වාසනාවන්තියකි. 'ශු ' - අකුර ස්ත්රී කේන්ද්රයේ 11 වැන්නේ නම් ඇය සමාජශීලී කතකි. මිතුරු මිතුරියන් අතර හොඳ මිතුරියකි. වෙළෙඳ ව්යාපාරයක යෙදුණ හොත් ඉතා සීඝ්ර දියුණුවක් ඇති වේ. 'ශු' - අකුර ස්ත්රී කේන්ද්රයේ 12 වැන්නේ නම් ඇය ලැබෙන දේ අරපරිස්සම් නොකරයි. නිකරුණේ මිල මුදල් වැය කරන නාස්තිකාරියකි. නිතරම දුකින් කාලය ගත කරන්නියකි. රෝගී කතක් වන අතර අධික ලෙස මුදල් ලෙඩ රෝගවලට වියදම් වේ. පරදාර ස්ත්රියකි. ඒ නිසා නරක ස්ත්රිය තරම් දරුණු ශාපයක් තවත් නැත. එසේම හොඳ ස්ත්රිය තරම් වාසනාවන්ත ආශිර්වාදයක් තවත් නැත. අධරේෂ්ව මෘතංගි - යෝෂිතං - හෘදි හාලා භල මේව කේවලම්" යම් ස්ත්රියකගේ තොල්වල අමෘතය තිබුණත් හද පතුලේ පවතින්නේ හලාහළ විෂයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk