Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කරගන්න කසාදේ ඇයි මේ ප්රමාදේ..

1 year ago 7 Min read
Subha.lk
ශිෂ්ඨ සම්පන්න විවාහය ජන සමාජයේ ඉදිරි පැවැත්ම ඇති කරන බලවත් සාධකයකි. මෙලොව උපන් සෑම ස්ත්රියකටම පුරුෂයකුටම විවාහය තම දිවිමගේ ප්රධානම කඩඉමක් වනු ඇත. තරුණ වියට එළැඹෙන බොහෝ දෙනා ඉතා වාසනාවන්ත විවාහයක් අපේක්ෂාවෙන් කටයුතු කරයි. ඒ තුළින් වාසනාවන්ත අඹුදරුවන් ගේ දොර වතුපිටි යානවාහන උසස් සමාජ තත්ත්වයන් හා යහපත් ඥාති පරපුරකට ද උරුමකම් කියනු ඇත. මෙවන් සියලු දේ ලබා ගැනීමට මෙලොව ජීවත් වන සෑම ස්ත්රී පුරුෂයකුටම යහපත් විවාහ අවස්ථාවක් උදාවිය යුතුමය තම විවාහයෙන් පසුව ඉහත සියලු දේ අහිමි කරගෙන ඉතා අවාසනාවන්ත දිවියකට උරුමකම් කියන අය ද ඇත. සමහරු විවාහ සැපත උදාවන තුරු තම යෞවන කාලය ද ඉක්වමින් බලාපොරොත්තු පෙරදැරිව අනාගතයට මුහුණ දෙමින් සිටිති විවාහ කාල සීමාව ප්රමාද වෙමින් තම තරුණ අවධිය ඉක්මවමින් දිවි ගෙවන තරුණ තරුණියන්ගේ විවාහවලට බලපාන බාධක ජ්යෙතිෂ්යයට අනුව සලකා බැලීමේදී විවිධ වූ කාරණා නිසා මෙකී තත්ත්වයන් පැනනඟින බව දැක්විය හැක. විශේෂයෙන් ස්ත්රී පුරුෂ විවාහ කෙරෙහි ඔබ උපන් ජන්ම පත්රයෙහි 37, 11 යන ස්ථාන විවාහ කෙරෙහි බලපවත්වන සුවිශේෂ ස්ථාන වනු ඇති. නව ග්රහයන් අතරින් ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වයේම විවාහ ප්රමාද කිරීමෙහිලා මූලිකව ක්රියා කරන ග්රහයන් අතරින් සෙනසුරු ග්රහයාට ප්රමුඛ ස්ථානයක් හිමිවනු ඇත. ආත්ම දමනය, දුක් කම්කටොළු විඳ දරා ගැනීමේ ආත්ම ශක්තිය තපෝ ගුණය වැනි ගුණාංග රැසකින් හෙබවන සෙනසුරු යන නම් ඇසු පමණින් අප රටේ උස් පහත් තරාතිරමකින් තොරව බොහෝ දෙනකු තුළ ඇති වන්නේ බිය හා ශෝකය දනවන කුතුහලයකි. ග්රහ මණ්ඩලයෙහි බ්රහස්පති නරුවට වඩා ප්රමාණයෙන් තරමක් කුඩා වූ වියළි ස්වභාවයෙන් යුත් ග්රහතරුවක් වන සෙනසුරු ලෝකෝත්තර ග්රහයකු ලෙසින් ස්ත්රී පුරුෂාදීන්ට ලෞකික සැපයට වඩා ලෝකෝත්තර සුවය ලබා දීමට කටයුතු කරයි. මේ නිසා සෙනසුරු ජන්මියාගේ විවාහය කෙරෙහි අනිසි හා අශුභ ලෙස බලපවත්වන පාප ග්රහයකු වන අතර ජන්මියාගේ ලෞකික බැඳීම් බිඳ දමමින් හා යටපත් කරමින් ස්ත්රී පුරුෂාදීන්ගේ විවාහ සැපත අහිමි කිරීමට හා ප්රමාද කිරීමට ඉවහල් වන ප්රධාන හා ප්රකට ග්රහයා ද සෙනසුරුම වන්නේය. ස්ත්රී පුරුෂ කේන්ද්රයෙහි විවාහය කෙරෙහි බලපවත්වන ප්රධානම ස්ථානය වන 7 වැන්න හා 7 වැන්නට යෙදුණු සෙනසුරු හා 7 වැන්නට සම්බන්ධ ග්රහයෙන් ද 7 අධිපතීන් හා සෙනසුරු අතර ඇති සංයෝග සම්බන්ධතාවන් අනුව ස්ත්රී පුරුෂාදීන්ගේ යුග දිවිය ප්රමාද වීම හෝ එසේත් නොමැති නම් විවාහ නොවී සිටීම ද සිදු කරයි. ඔබගේ 7 වැන්නේ උපතින් පිහිටි සෙනසුරු ලග්නයට හෙළන සප්තම දෘෂ්ටිය හේතුවෙන් ලෞකීය සිතුවිලි බිඳ දමමින් ලෝකෝත්තර සිතුවිලි අවදි කිරීමෙහිලා ප්රමුඛතාවක් ගනී. එබැවින් සෙනසුරු 7 වැන්නට දිග්බල ග්රහයකු වුවද 7 වැන්නේ ශනි පිහිටීම පසුකලකදී විවාහ සැපය අහිමි කිරීමට හා හීන කිරීමට ඉවහල් වනු ඇත. විශේෂයෙන් ශනි සමඟ යෙදුණු සංයෝග වන) බ්රහස්පතිද (ගුරු) 7 වැන්නේ යෙදුන විට ජන්මියාගේ විවාහය බොහෝ ප්රමාද කිරීමට හෝ විවාහ සැපය අඩු කිරීමට සමත් වනු ඇත. තවද 7 වැන්නේ හෝ 7 වැන්නට සම්බන්ධ සඳු කිවි වැනි සෞම්ය ග්රහයෝ ද සෙනසුරු (ශනි) විසින් දෘෂ්ටි ලැබූ විට විවාහය ප්රමාද වීමට කටයුතු සැලසෙනු ඇත. සඳු සිටින රාශිය අධිපතියා ශනිට පමණක් පෙනුන විටද එම චන්ද්ර රාශිය අධිපතියා ශනි සමඟ සංයෝග වූ විට ද විවාහ නොවී බ්රහ්මචාරීව වාසය කිරීමට සිදුවනු ඇත. තවද චන්ද්ර සිකුරු ග්රහ යෝගය ද යහපත් විවාහයකට හා ඉක්මන් විවාහයකට බලපවත් වන තවත් ප්රබල ග්රහයන් දෙදෙනකු වන්නේය. ලෝකෝත්තර හැඟීම් යටපත් කර ලෞකික බැඳීම් ඉස්මතු කිරීමෙහිලා ප්රමුඛව කටයුතු කරන සිකුරු ග්රහයා රූපය, ශරීර වර්ණය, නිරෝගිභාවය හා චිත්තාකර්ෂණය ගෙන දෙන සෞම්ය ග්රහයකු වනු ඇත. ස්ත්රී පුරුෂ හඳහනෙහි 3 - 7 - 9 - 11 යන ස්ථානවල ශනි සමඟ සංයෝග වූ සිකුරු විවාහ කෙරෙහි බලවත් සාධක අවස්ථාවන් ඇති කිරීමට හේතුවනු ඇත. ඉහත 3 – 7-9-11 අධිපතීන් සමඟ යෙදුණු කිවි - ශනි - චන්ද්ර යන ග්රහ සංයෝග ද විවාහ ප්රමාද වීමට වඩා විවාහ නොවී සිටීමට අවස්ථා උදාවනු ඇත. උදාහරණයක් වශයෙන් කටක ලග්නයෙන් උපන් ජන්මියකුගේ 3 වැන්න අධිපතියා බුද්ධය 7 හා 11 අධිපතියන් වන්නේ ශනි හා සිකුරුය. මෙම ග්රහයන් සඳු හා සම්බන්ධ වූවේද විවාහ ආදී ලෞකීය සැපය අභිබවා බලවත් ශ්රමණ හා බ්රහ්මචාරී යෝග යෙදීමට සමත් වනු ඇත. එලෙසම සිංහ ලග්නයෙන් උපන් ජන්මින්ගේ 3 - 7-11 අධිපතිත්වය දරන්නේ පිළිවෙලින් කිවි - ශනි - බුධ යන ග්රහයන්ය. මෙම ග්රහයන්ගේ සංයෝගය හෝ එකිනෙකට ශනි විසින් දෘෂ්ටි දීම මත බොහෝ අයගේ විවාහ ප්රමාද වීම සිදු වන්නේය. තවද එම ලග්න හිමියන්ගේ (සිංහ), 7 අධිපති ශනි 9 අධිපති කුජට සප්තමව දෘෂ්ටි දීම ද, එවැනි අයගේ ද විවාහ ප්රමාද වීම හා බොහෝ විවාහ සොයමින් කාලය ගත කිරීමට සිදුවනු ඇත. මෙලෙසම තුලා ලග්න හිමියන්ගේ ද 3-5-7-10 අධිපතියන් වන ගුරු - ශනි - කුජ - රවි යන ග්රහයන්ගේ පාප දෘෂ්ටි හා පාප සංයෝග හේතු කොටද, එහි සෙනසුරු 7 වැන්නේ හෝ 5 වැන්නේ සිටීමද හේතුවෙන් බොහෝ කල් විවාහ ප්රමාද වීමට හා තම කුලයට හෝ ජාතියට නොගැලපෙන අය සමඟ විවාහ වීමට ද හේතු පාදක වන්නේය. මේ හේතුවෙන් ශනිද 7 වැන්නට ශුභ ග්රහයකු ලෙස කිව නොහැකි වන්නේය. එලෙසම 7 වැන්නේ තුලා රැසේ උච්චව පිහිටන සෙනසුරුද මුල් අවධියේ යුග දිවිය යහපත් කොට අග සීමාවේදී සියලු දේ අහිමි කිරීමට සමත් වනු ඇත. තවද නව වැන්න වෘෂභ කන්යා, මකර යන තෙරුසින් එකක් නොවී එහි සිටින සඳුට සෙනසුරු විසින් දෘෂ්ටි හෙලන ලද්දේ නම් එය ද මැදි වයස් සීමා ඉක්මවා ගොස් විවාහ නොවී සිටීමට හෝ බ්රහ්මචාරී වීමට කටයුතු සැලසෙනු ඇත. මෙසේම විවාහ ප්රමාද කරන තවත් ග්රහ යෝගයක් වන්නේ කාන්යාවේ හෝ ධනුවේ ශනි - බුධ - සිකුරු යන ග්රහයන් සිටීම ද නම යෞවන කාලය ඉක්මවා ගොස් අග කාලයේ විවාහ වීමට හෝ නොවීමට කටයුතු සලස්වන්නේය. එලෙසම ඔබගේ හඳහනේ 5 වැන්නේ හෝ 7 වැන්නේ පිහිටා ඇති සෙනසුරු නවාංශක කේන්ද්රයේද 5 හෝ 7 යන දෙකින් එකක් පිහිටා තිබේ නම් බොහෝ කලක් විවාහ සොයමින් කටයුතු කරන්නට සිදුවනු ඇත. එලෙසම නවාංශක කේන්ද්රයේ පමණක් 5.7 වැනි ස්ථාන වල සෙනසුරු පිහිටීම ද සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයමින් කාලය ගෙවා දැමීමට සිදුවනු ඇත. තවද ඔබ දැනට ගත කරන්නේ සෙනසුරුගේ මහ දශාවක් හෝ සෙනසුරු විසින් දකින ලද හෝ සංයෝග වී සිටින ගුරුගේ මහ දශාවක් හෝ වේ නම්, විවාහය කෙරෙහි වැඩි උනන්දුවක් මුල් කාලවල දී ඇති නොවීම හේතුවෙන් අග කාලවලදී විවාහ නොවී සිටීමට එම දශාවන් හේතුපාදක වනු ඇත.මෙසේ විවාහ ප්රමාද කරන ග්රහයෝග ඔබගේ හඳහන තුළ පිහිටා ඇත්නම් ශනි, ගුරු වැනි ග්රහ දශාවක් ඉදිරියට ලැබීමට පෙර නිසි වයස් කාල සීමාවලදී විවාහ දිවියට ඇතුළු වීමෙන් සාර්ථක භාවය ලබාගැනීමට හැකිවනු ඇත.ස්ත්රී පුරුෂ විවාහය නම අනාගත පැවැත්ම වෙනුවෙන් නොබිඳී ඉදිරියට ගෙන යා යුතු හා ශිෂ්ට සම්පන්න පරපුරක් ගොඩනැඟීමට ඉවහල් වන අත්යවශ්ය සාධකය වනු ඇත. එසේ හෙයින් ඔබගේ හඳහනේ රවි - සඳු - කිවි - ගුරු වැනි සුබ ග්රහයන් යහපත් ලෙස පාප දෘෂ්ටි රහිතව පිහිටා ඇත්නම් නිසි වයස් සීමාවලදී යහපත් විවාහයක් තිර ලෙසම ඔබට හිමිවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk