ඔබේ හඳහනේ කොටු 12 ගැන දැනුම්වත් වෙන්න,
යම්කිසි අයෙකු මව්ගේ කුසින් නික්ම මෙලොව ආශ්වාසය ලබන මොහොතේ නැගෙනහිර අහසේ ඒ මොහොතේ උදාවෙමින් පැවතුන රාශි 12 න් එකක් උප්පත්තිය ලැබූ අයගේ ලග්නය ලෙස හඳුන්වා ලිය හැකිය.
ලග්න කේන්ද්‍රයේ කොටු 12 කි. මෙහි පළමු ස්ථානය ලග්නයයි කේන්ද්‍රයේ සඳු රාශිය හා ස්ථානයත් රවි සිටි රාශිය හා ස්ථානයත් ඉතා වැදගත්ය. රවිගේ ප්රභාශක්තියන් සුදු හෝ ක්‍රියාශීලීත්වයත් අදාළ ජන්මියාගේ ගති පැවතුම් වලට විශේෂ බලයක් ගෙනදෙයි. රවි සඳු සිටි ස්ථාන සහ එකී ස්ථානවලට අධිපති ග්‍රහයන් ගැනද නිශ්චය කිරීමේදී මොවුන් දුර්වල තැන්වල උපදින විට සිටියේ නම් දුර්විපාක ගෙනදෙන අතර ලග්නාධිපතියා බලවත්ව සිටි විට ශුභඵල සහ යහගුණ දියුණු කිරීමට හේතුවක් වෙයි.
කේන්ද්‍ර සටහනේ පළමු කොටුවෙන් (ලග්න භාවය) ජන්මියාගේ ගති පැවතුම් හා දේහ ලක්ෂණ කියැවෙයි. විශේෂයෙන් ශරීරය ගති ගුණ වාසනාව අවාසනාව ආදියයි.
ඔබේ හඳහනේ 02 වැනි කොටුව ධනස්ථානය ලෙස සැලකෙයි. ධනය, දේපල කථාවේ දක්ෂතාවය, දිළිඳු වීම, මරණය ආදී දේවල් 02 වැන්නෙන් බැලිය හැකිය. සෑම ලෞකික බලවේගයක්ම මෙම ස්ථානයේ පවතින බල දුබලතාව අනුව පැවැත්ම සිදු වෙයි. දෙවැන්න හා එහි අධිපති ග්‍රහයා ගැන සොයා බලා කේන්ද්‍ර හිමිකරු හිමිකාරිය ගේ පැවැත්ම හෝ ධනවත්කම අනාවරණය කර ගත හැකිය.
කේන්ද්‍රයේ 03 වැන්න සහෝදර ස්ථානය ලෙස සැලකෙයි. සහෝදර සහෝදරියන් නෑයින් හිතවතුන් මෙම ස්ථානයට අදාළ වෙයි. එසේම 03 වැන්න කේන්ද්‍රයේ ආයුෂ ස්ථානයක් ලෙසද සැලකෙයි. දැනීම වික්‍රම බව ගෞරවය, කීර්තිය ආදී දේවල් 03 වැන්න හා 03 අධිපතියාගෙන් දැනගත හැකිය.
හඳහනේ 04 වැන්න බන්ධු ස්ථානය ලෙස සැලකෙන අතර දේපළ සැප සම්පත්, ඉඩම් කඩම් ගෘහ ජීවිතය ඥානීන් ගැනද සොයා බැලිය හැකිය. 04 වැන්න වාසස්ථානය සුබ ස්ථානය ලෙසද සැලකෙයි. මෙම ස්ථානයේ සිටින ග්‍රහයාගේ සහ අධිපති ග්‍රහයාගේ බලදුබලකම් අනුව ඵල විපාක ශුභ අශුභ වශයෙන් දක්වාලිය හැකිය.
පස්වැනි කොටුව (05 වැන්න) පුත්‍ර ස්ථානය සහ විද්‍යස්ථානය (බුද්ධි) ලෙස සැලකෙයි. ජන්මියාගේ සහ බුද්ධිය, අධ්‍යාපන කටයුතු වලට දක්වන කැමැත්ත ආලය ප්‍රේමය දරුවන් දරුවන්ගේ ගුණවගාව ඥානවන්ත බව චරිත ශුද්ධිය ආදී දේවල් ගැන දිනගණ හැකිවෙයි. කේන්ද්‍රයේ 06 වැන්න ජන්මියාගේ බලය හැකියාව තහවුරු කරන ස්ථානය වෙයි. එසේම සතුරන් හා ලෙඩ රෝග ගැනද මෙම ස්ථානයෙන් දැනගත හැකිය. බලවත් පාප ග්‍රහයින් ලෞකික වේශය විදහා දක්වන ග්‍රහයින් සිටීම මෙහිදී වඩාත් උචිතය බුද්ධ සඳු සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයින්ට වඩා රවි කුජ රාහු වැනි පාප ග්‍රහයින් සිටීම වඩාත් යෝග්‍ය වෙයි. එහෙත් ශනිට 06 වැන්න එතරම් ගුණ නැත.
හඳහනේ 07 වැනි කොටුවෙන් විවාහ ස්ථානය නිර්මාණය වෙයි. විවාහය සේම අනෙකුත් සමාජ සම්බන්ධතාද මින් බැලිය හැකිය. මෙම 07 වැන්න වාරණ ස්ථානය සේම ලෞකික ආශාවන් පෝෂණය කරගන්නා ස්ථානය නිසා මෙය හතර කේන්ද්‍රයේ වැදගත් තැනක් ගනී. 07 වැන්නෙන් උත්පාදක ශක්තිය ගෙනදෙන අතර එහි පැවැත්ම කේන්ද්‍රයේ 02 වැන්නෙන් සිදු කරනු ලබයි. එනිසා විවාහ ජීවිතය ගැන සොයා බැලීමේදී 02 වැන්නේ නිරීක්ෂණය කිරීම වැදගත්ය.
හඳහනේ 08 වැනි කොටුව මාරක ස්ථානයයි. ප්‍රධාන මාරක ස්ථානයෙන් 02 වැන්න වූ කේන්ද්‍රයේ 08 වැන්නද ආයුෂ ගැන කියැවෙයි ගුප්ත රහස් ක්‍රියා හෝ මැරකම් ආදිය ගැනද 08 වැන්නෙන් සොයා බැලිය හැකිය.
කේන්ද්‍ර සටහනේ 09 වැනි ස්ථානය පුණ්‍යස්ථාන හෙවත් භාග්‍ය ස්ථානය ලෙස සැලකෙයි. උසස් දැනුම (අධ්‍යාපනය) ආගම දහම කෙරෙහි ඇති උනන්දුව, විදේශ ගමන් බිමන් විවාහයට ලැබෙන අයගේ සහෝදරාදීන් ගැනද 09 වැන්නෙන් තොරතුරු අනාවරණය කරගත හැකිය.
කේන්ද්‍රයේ 10 වැන්න ඉතා බලවත් තැනකි. ලෞකික හා ලෝකෝත්තර ක්‍රියාකාරකම් මින් අනාවරණය කරගත හැකිය. රැකියා කටයුතු ගැන සේම පියා ගැනද නතු කියයි. ජන්මියාගේ උසස් අදහස් සේම පහත් ක්‍රියාද ක්‍රියාත්මක වන්නේ මෙම ස්ථානයේ පවතින බල දුබලකම් අනුවයි. 10 අධිපතියා උච්ච ස්වක්ෂේත්ර බලයෙන් සිටීම ඉතා ශුභයි. පියා කෙරෙහි ඇති සම්බන්ධකම් සේම විවාහ සහකරු සහකාරියගේ වත් පොහොසන්කම් ආදිය ද 10 වැන්නෙන් කියැවෙයි.
11 වැන්න අයස්ථානය ලෙස සැලකේ රැකියා කටයුතු වලින් හා වෙනත් ක්‍රම වලින් ලබන ආදායම් ගැන මෙහි සිටින ග්‍රහයා අධිපතියාගේ බල දුබලකම් අනුව නතු හෙළිකර ගත හැකිය. පොත්පත් ලිපි ලේඛන මාධ්‍ය කටයුතු ගැන හා හිත මිත්‍ර සබඳතාද 11 න් කියැවෙයි.
12වැන්නෙන් සියළු විය පැහැදම් ගැන සොයා බැලිය හැකිය. සඳු බුධ සිකුරු රාහු වැනි 12 ග්‍රහයන් 12 වැන්නට සුදුසු වන්නේ ශනි කේතු වැනි ග්‍රහයන්ය සකසුරුවම මින් ඇති කරයි.