Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හදපු සහ හදන ගෙවල් ගැන දැනගත යුතුම රහසක්...

1 year ago 7 Min read
Subha.lk
නිවෙසක් යනු කෙනෙකුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගත කරන තැනයි. එනිසා නිවෙස ජීවිතයට ධනාත්මක ලෙස බලපාන ස්ථානයක් විය යුතුයි. ඒ සඳහා නිවෙසක ජීවත්වන්නන්ට සුබදායක අයුරින් වාස්තු ගැළපීමත් නිවෙස ඉදිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සුබවාදීව කිරීමත් ඉතා වැදගත් වේ. ඔබ නිවෙසක් ඉදිකරනවා නම් ඒ ඒ මාස අනුව නිවෙසක සුබ අසුබ පල ලැබෙන පිළිවෙළ දැන ඉදිකිරීම් කටයුතු ඇරැඹීම සුබ වේ. එමෙන්ම ඔබ පදිංචි නිවෙසද ඉදිකිරීම් ඇරැඹූ මාසය දන්නවා නම් පහත තොරතුරු ඇසුරෙන් යම් විග්රහයක් කරගන්නට ඔබට හැකි වන්නේය. ඔබගේ නිවෙස ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළේ නම් ඉතා සුබ වේ රැකියා ව්යාපාර දියුණු වන, දූදරුවන්ගේ යහපත උදාවන නිවෙසකි. පෙබරවාරි මාසයේ ඉදිකරන නිවෙස එතරම් සුබදායී නොවන අතර නිවැසියන්ට ගැටලු ඇති කරයි. විවිධ ප්රශ්න නිසා මානසික පීඩාවට පත්වන්නට සිදුවේ. මාර්තු මාසයේ නිවෙස ඉදිකළ හොත් ඉතා යහපත් ප්රතිඵල ලබා දෙනු ඇත. ලෙඩ රෝගවලින් තොර නිරෝගී සුව අත්වන ධනය බලය සැප නිවැසියන්ට ලබාදෙන නිවෙසකි. ජීවිතයේ ඉතා උසස් තැනකට පත්වන්නට වාසනාව ඇත. අප්රේල් මාසයද නිවාස ඉදි කිරීමට එතරම් සුබ නොවේ. එවැනි නිවාසවල පදිංචි වීමෙන් ගෘහමූලිකයා අපහසුතාවට සහ රෝගවලට ගොදුරු වෙයි. දුක් කරදර බහුල වේ. මැයි මාසයේ නිවෙසක වැඩ ආරම්භ කළහොත් ඉතා ඉහළ සුබ පල ගෙන දෙන බව සඳහන් වේ. නිවැසියන්ට දිනෙන් දින දියුණුව අත්වේ. සතුට සමගිය උතුරා යන නිවෙසකි. ධනය ලැබීම ඉතා ඉහළ තත්ත්වයට පත්වේ. ජුනි මාසයේ නිවාස සෑදීමට සුදුසු නැත. නොසිතූ නොපැතූ කරදර බාධක යෙදේ. ගෙහිමියන්ගේ විනාශය සිදු වන බව පැවැසේ. සිතේ සතුට අඩු වේ. ජූලි මාසය තුළ නිවාස වැඩ ආරම්භයද එතරම් සුබ නැත. ධනය විනාශ කෙරෙන නිවෙසකි. කොතරම් ධනය ඉතිරි කළද සුබ පලයක් අත් නොවේ. හිටි හැටියේ එම ධනය විනාශ වේ. අගෝස්තු මාසය තුළ නිවාස ඉදිකළේ නම් ඉතා සුබදායී වෙයි. අසල්වැසියන් හිතවතුන් සහායට එයි. ධන ලාභ මෙන්ම වස්තු ලාභ ද ලැබේ. නිරෝගී සුව ලැබේ. සතුට සමගිය උතුරා යයි. සැප්තැම්බර් මාසයේ නිවාස වැඩ ඇරැඹුවේ නම් කරදර බාධක අධික වේ. නොසිතූ ප්රශ්න ඇති වන බවත්, නෑදෑ හිතමිතුරන් අමනාපයට හේතු යෙදෙන බවත් පැවැසේ. නිවෙස පාළුවට ගොස් මානසික සහනය අහිමි වනු ඇත. ඔක්තෝබර් මාසය තුළ නිවෙස ඉදිකරන්නේ නම් නිවැසියන් අතර අඩ දබර ගැටුම් බහුල වෙයි. නිවෙසේ සමගියට බාධා ගෙනෙන පිටස්තර බලවේග නිවෙසට ඇතුළු වෙයි. සතුට දුරස් වෙයි. නොවැම්බර් මාසයේ යම් නිවෙසක් ඉදිකළේ නම් ඉතා වාසනාවන්ත වෙයි. ධනය උතුරන සතුට රජයන නිවෙසකි. වාසනාවන්ත දරු පරපුරක් බිහිවේ සිත් තුළ සතුට වර්ධනයට හේතු යෙදේ. දෙසැම්බර් මාසය තුළ නිවාස ඉදිකිරීම සුබ වේ. ඉතා වාසනාවන්ත ලෙස සතුටින් ජීවත් වීමට අවශ්ය වටපිටාව සැකසේ නිතර නිතර අන් අයගේ සහයෝගය ලැබේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk