Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඇහි බැමි හෙළිකරන ජීවිත රහස්

1 year ago 7 Min read
Subha.lk
කෙනෙකු දෙස බැලූ පමණින්ම නෙක ගැටෙන අංග ලක්ෂණයක් වන දෙබැමද දේහ ලක්ෂණ විද්යාවේදී ප්රමුඛ තැනක් ගනී. එම ලක්ෂණ මගින්ද කිසියම් අයකුගේ ගතිගුණ හා චරිත ලක්ෂණ පැවැසිය හැකි බව පැරුණි සෘෂිවරු ප්රකාශ කර ඈත. ඒ පිළිබඳ ඔඛ යම්කිසි දැනුමක් ලබාගෙනහොත් බබා ඇසුරු කරන අය පිළිබඳව අවබෝධයක් ලබා ගතහැකි වනු ඇත. 1.නිල් මල් මල් පෙත්තක් 80 සමානත්ව ස්වභාවයක් ඇති දිය නුවන් යුගල වඩාත් අලංකාර වනුයේ උසට පිහිටි ඇහි බැමෙහි ඇහි බැම නදී කාල වර්ණයෙන් හා සිනිදු ස්වභාභාවයෙන් පිහිටියේ නම් ඇය ඉතා වාසනාවන්ත වන අතර ජීවිතයේ මුල් කාලයේ සිටම සැප සම්පත් විඳින්නට ලැබෙන බවට සලකුණකි. . 2.ඇහි බැමි එකට එකතු ගොවී දුරස්වී නම් යයෝ ශිල්ප ශාස්ත්රවල නිපුණත්වයක් ඇති වේ. කරුණාව හා මෛත්රිය ඇය හා බැඳී සිටියි. විවාහ ජීවිතයද ඉතා වසනාවන්ත වන අතර සිය පන මෙන් පති වනද ආරක්ෂා කරගනී. 3.ඇහි බැමි දෙක එකට හාවී ඇත්නම් එය කාන්තාවකට කොහෙන්ම සුදුසු නොවේ. ඊර්ෂ්යාව, ක්රෝධය වැනි අවගුණ ලක්ෂණ එයින් ප්රකට කරයි. ඒ සියලු අවගුණ සඟවාගෙන ඇය හොඳ මුහුණක් පිටතට පෙන්වන්නීය. වෙනත් වාසනාවන්ත අංග ලක්ෂණ ඇය තුළින් විද්යමාන නොවේ නම් එවන් ස්ත්රීන් විවාහ කර ගන්නා පුරුෂයන්ටද යහපතක් සිදු නොවේ. 4.ඇහි බැම් රෝම් රළුවී තිබීමද ළඳකට අශුභ ඵල දෙන්නකි. දුප්පත්කම් එමඟින් කියාපායි. ධනවත් පවුලක උපත ලැබුවත් අසරණ දුගී තත්ත්වයකින් ඇයට දිවි ගෙවීමට සිදුවේ. ඉක්මන් කෝප සහගත බව මොවුන් තුළින් කැපී පෙනෙයි. 5.බෙහෙවින් ඉදිරියට නෙරුණු ඇහිබැමිවලින් ගුණහිත කාන්තාවක් පෙන්නුම් කරයි එවැනි කන්තාවන්ට උදව් කිරීමට ඉදිරියත් පුද්ලයන්ද කරදරයකට පත්වනුයේ එම දුර්ගුණ නිසාය. 6.ඉතාමත් දිගු රෝමයන්ගෙන් යුතු බෑම් යුගලයද සුභදායක නොවේ. දරුවන් නොමැති වඳ ළඳුන් කෙරෙහි එවන් ලකුණු දික්වෙන බව පැරණි දේහ ලක්ෂණ පොත්වල සදහන් වෙයි. 7.වක්ර හැඩයක් ගන්නා මධ්යම ප්රමාණයේ පියකරු බැමි යුගලයේදී ගුණවත් කාන්තාවන්ට පිහිටයි. කොයි කාගේත් හොඳ හිත දිනා ගැනීමට සමත්වන අය සැපවත් විවාහ ජීවිතයක් ගත කිරීමට ද වාස්තාව ලබන්නීය. සමස්තයක් ලෙස එවැනි අය රාගාධික වුවන් හැඟීම්වලට වහල් නොවේ එමෙන්ම ඇති ආන්ම ගෞරවයට ද කැළලක් ඇතිකර නොගෙනි. 8.ස්වල්ප වශයෙන් රෝම ඇති ඇහි බැමි පිහිටි පුද්ගලයා ප්රායෝගයෙහි දක්ෂ අයකු වෙයි. කපටි අන්දමින් අන්සතු දේවල් අයිතිකර ගැනීමේ දක්ෂ වන ඔවුහු අහිමිවුණ සම්පත් ගැන තැවෙන්නෝ වෙති. 9.ප්රමාණයට වඩා දික්වූ ඇහි බැමිද අශුභය අනවශ්ය දේවල් වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්රමය කැප කරන ඔවුන් හොඳ චරිතවත් අය නොවෙති. 10.ඉතා දිගු රෝම කිහිපයකින් සැදී ඉදිරියට නෙරන ලද ඇහි බැමි ඇති අයකු ඔබගේ ඇසුරට පත්වුව හොත් ප්රවේශම් විය යුතුය. වහා වෙනස් වන අදහස් ඇති එවන්නෝ ඔබේ පරම සතුරකු වීමට වැඩි කලක් ගත නොවෙනු ඇත. 11.සාමාන්යයෙන් ඇහිබැමි දෙක වෙන් වෙන් වශයෙන් පිහිටන නමුත් කලාතුරකින් ඇතැම්විට ඇහිබැමි දෙක අතර හිදැසක් මෙන් ඉඩක් නොමැති වූද ඇහිබැමි දෙක එකිනෙකට යාවී පිහිටි පිරිමි අය ද සිටිති. ළමාවියේ සිටම මෙම ලක්ෂණ ඔවුන් තුළින් දැකිය හැකි වන අතර මෙම ලක්ෂණ හිමි පිරිමියෙක් වෙතොත් ඔහු ළමාවියේ සිටම් තැන්පත් නිහඬ චරිතයක් වෙයි. ඉගෙනීමේ යෙදෙන නමුත් ඔවුන් අනි දක්ෂයෝ නොවෙනි. ඉගෙනීමද අතරමගදී කඩා බිඳගන්නා මොවුහු ව්යාපාර අංශයට නැඹුරු වන්නෝ වෙති. එමෙන්ම ඔවුහු කරන දේවල් බොහෝවිට රහසිගතව කරන්නට උත්සාහ ගනිති. තමන් ළඟින්ම ඇසුරු කරන තරුණියක් විවාහයට තෝරා ගනී. ස්ත්රී පක්ෂයට වඩා ලැදිකමක් දක්වන අධික කාමාෂාවෙන් යුතු අය වෙති. තම වත්කමට වඩා වැඩි දෙයක් ඇති බව ලෝකයාට ප්රදර්ශනය කිරීමට දැඩි උත්සාහයක් ගනිති. 12.පිරිමින්ගේ දකුණු ඇහිබැමි මත ඉන්නන් පිහිටීම ද සුභ නොවේ. එවැන්නන්හට තම වීමට අසීරු වෙයි. බිරිඳ හා සමඟ සමගියෙන් ජීවත් වේ. . 13.දකුණු ඇහිබැමි මත උපන් ලපයක් පිහිටි කාන්තාවෝ ඉතාමත් වාසනාවන්තය. ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝ විට සාර්ථක වන අතර සැප සම්පත් විඳීමේ භාග්යයද ඔවුන් සතු වේ. 14.සුනිලවරණ සුසිනිදු රෝමයන්ගෙන් සැදි දේදුනු හැඩය ගත් බැමි යුගලයද ප්රශස්ත ලක්ෂණයක් බැව් කියැවේ. ඉසුරුබර දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි මෙම උත්තම ලක්ෂණ දැකිය හැක. 15.ඇදක් නොමැතිව දෙපසට විහිද යන දෙබැමද අශුභ ලක්ෂයක් වෙයි. කාන්තාවක් තුළ අනිවාර්යෙන්ම පිහිටිය යුතු ආචාර ශීලී පැවතුම් බොහෝ විට එවැනි අය තුළින් දැකිය නොහැක. 16.ප්රමාණයට වඩා ලොම් ඇති බැමි යුගලයද අශුභය. 17.ඇහි බැමෙහි රෝම තඹ පැහැයෙන් යුක්තව පිහිටියේ නම් ඇයට දෙමාපියන්ගෙන් ලැබෙන පිළිසරණ අඩුවෙයි. එමෙන්ම ඇයගේ විවාහ ජීවිතයේදී වැඩි බරක් පැටවෙන්නේද ඇය මතය. සැමියා පෝෂණය කිරීමේ කාර්යය ද ඇය මතට පැවරෙනු ඇත. 18.නීල වර්ණයෙන් හා උසින් යුතු දෙපසට කෙමෙන් සිහින් වනසේ විහිදී ගිය ඇහි බැමි ඇති කාන්තාවන් පිරිසිදු චරිතයක් ඇති දයාව, කරුණාවෙන් යුතු ඥානවන්ත අය වෙති.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk