Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විශ්ව ශක්තියයි ජිවන හුස්මයි දෙකෙන්ම නොව එකකි.

1 year ago 7 Min read
Subha.lk
ලෝකය දියුණුය. සියලු පහසුකම් ඇත. එහෙත් සිතාගත නොහැකි වයිරස් රෝගයක් වන කොරෝනාව තුළින් මුළු විශ්වයම ගිලගෙන ඇත. දියුණු නොවූ කාලයේ මෙවන් දරුණුම තත්ත්වයේ රෝග පීඩා මතුවී නැත. දිනෙන් දින ආසාදිත වන රෝගීන් ගණන හා මියයන සංඛ්යාව බලන විට එම තත්ත්වය පිළිබඳ ඇතිවන්නේ කනගාටුවකි. දිනකට අප ආශ්වාස ප්රශ්වාස කරන වාර ගණන 21,600කි. එම ප්රමාණය භාවනාවක් තුළින් කරගත හැකි නම් එය ආයු කාලය වර්ධනය කරගැනීමට රුකුලක් වනු ඇත. ඔබේ හදවතේ නිතරම ඇවිළෙන්නේ ගිනි දැල් නම් ඔබට රෝග පීඩා වැලඳීමට ඇති ඉඩකඩ වැඩිය. නිතරම මානසිකව සතුටින් සිටින්නට හැකියාව ඇත්නම්ය රෝග පීඩා අඩු වී ආයුෂ "ස්වීමට හේතුවනු ඇත. දුර්ලභ සත්ත්ව කොටසක් වන මුහුදු කැස්බෑවා විනාඩියකට ආශ්වාස ප්රශ්වාස කිරීම කරන්නේ පස්වතාවක් පමණි. ආයුෂ ප්රමාණය අවුරුදු 360කි. මෙලෙස ඔබත් ආශ්වාස ප්රශ්වාස කිරීම හොඳ සිහියෙන් දිනපතා කරන්නේ නම් එය ආයුෂ වැඩිවීමට හේතුවනු ඇත. සත්ත්වයන්ට කරුණාව දැක්වීම, ගස් කොළන් වලට ආදරය කිරීම කළ හැකි නම් එයද දීර්ඝායුෂ ලැබීමට හේතු වේ. එවිට ඔබගේ ශරීරය නොදිරා තරුණව තබා ගැනීමට හැකි වනු ඇත. දහවල් වනතුරා නිදා නොගෙන උදයේම සූර්යයා දෙස බලා සූර්ය නමස්කාරය කර ආශ්වාස ප්රශ්වස කිරීමට හැකියාව ඇත්නම් එය ජීවිතයේ පැවැත්මට හේතුවේ. පරිසර රැක ගැනීම, සියලු සත්ත්වයන් රැක ගැනීමද වඩාත් උතුම් කාර්යයක් වේ. නිර්මාංසව ජීවත්විය හැකි නම් එයද දීර්ඝායුෂ විඳීමට හේතුවනු ඇත. අපිරිසුදු ක්රියා පිළිවෙත්වලට ළංවීම හා පන්සිල් නොරැකීමද තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීමද අනුන් ගැන නොහිතා ජීවත් වීමද අනුන්ගේ සැපතේදී ඊර්ෂ්යාව සිතින් සිතීමද, නිතර නපුරු චේතනා හිතේ රඳවාගෙන ජීවත්වීමද බොහෝවිට ජීවිතය තුළ පිරිහීමට හේතුවනු ඇත. රෝගාබාධ වැලඳීමට වඩාත් හේතුවන්නේ තමාගේ හිත හිතුවක්කාර ක්රියාවන්ට නැඹුරු වී කටයුතු කිරීමයි. රෝගාබාධවලට පනවා ඇති නීති කඩකිරීම නිසාත් වයිරස් රෝග වැඩි කිරීමට හේතුවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk