Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බහු විවාහ යෝග යෙදෙන්නේ කෙසේද ?

1 year ago 7 Min read
Subha.lk
විවාහකයන් සඳහා ජන්ම පත්ර ගැළපීමේදී පොරොන්දම්වලට අමතරව බහු විවාහ යෝග ඇත්දැයි සොයා බැලීම ද කළ යුතුය. විවාහ එකකට වඩා සිදු වීම, සල්ලාල යෝග, අනියම් සබඳතා ඇති වීම්, බහු විවාහ යෝග ඇතිවීම සිදු වේ. විවාහයක සාර්ථක අසාර්ථක බව බහු විවාහ යෝග තුළින් පෙන්නුම් කෙරේ. 13 වැන්න අධිපති 9 වැන්නේ හෝ 12 වැන්නේ පිහිටීම. ලග්නාධිපති 6 වැන්නේ පිහිටීම. හත්වැන්නේ පාපයන් සිටීම. හත්වැන්න අධිපතිට හත්වැන්න නොපෙනීම. හත්වැන්නේ කුජ, සිකුරු, ශනි සිටීම හා ලග්නාධිපති 8 වැන්නේ සිටීම. සිකුරු නවාංශකයේ නීචවීම සහ පාපියකු සමඟ සංයෝග වීම. හත අධිපතියා හා එකළොස්වැන්නාධිපති කේන්ද්රස්ථානයක පිහිටීම. හත අධිපති හා එකොළොස්වැන්නාධිපති සංයෝගව ත්රිකෝණගතවීම. හත, එකොළොස්වැන්නාධිපතිත් පරිවර්තනය වී ත්රිකෝණගතවීම. බහු විවාහ යෝගවලින් එක් විවාහයකමට වඩා සිදුවන බවක් අනිවාර්යයෙන්ම අදහස් නොකෙරේ. විවාහය අසාර්ථකවීම, සැමියා හෝ රිය මියයෑම, පළමු විවාහය අසර්ථකව අවිවාහකව සිටීමද මෙම යෝග තුළින් සිදුවිය හැකිය. අනියම් සබඳතා ද මෙම යෝග තුළින් ඇති විය හැකිය. සිංහල චාරිත්රානුකූලව එක් බිරියක් හා එක් සැමියෙක් සමඟ විවාහය සිදු වීම. සදාචාර සම්පන්න වුවද මෙවන් ග්රහ යෝග තුළින් අනියම් ඇසුරු ඇති වීමට ඉඩ ඇත. විවාහ ජීවිතයකට එළැඹීයේ දී බහු විවාහ යෝග පිළිබඳ දැනගැනීම විවාහ ජීවිතයේ සාර්ථකත්වයන් ඇතිකර ගැනීමට උපකාරී වනු ඇත. අදහස් නොගැළපීම නිසා අද වනවිට බොහෝ විවාහ අසාර්ථක වනු ඇත. සහකාරිය හෝ සහකරු වෙනුවෙන් තමා තුළ ඇති ගති ලක්ෂණ වෙනස් කරගනිමින් ඉවසීමෙන් විවාහයට මුහුණ දෙන අය අද වනවිට නූතන යුගය තුළ බිහිවී නොමැති බැවින් බොහෝ විවාහ ජීවිත අසාර්ථක වී යනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk