Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල නොවැම්බර් 21 දින සිට නොවැම්බර් 27 දක්වා

1 year ago 7 Min read
Subha.lk
මේෂ - ඔබ උපන්නේ මේෂ රාශියෙන් නම් සතිය ආරම්භයේදී ඔබට බොහෝ ශුභ ඵල අත්විඳීමට ඉඩ ලැබෙනු ඇත. මිතුරු ඇසුර වැඩිවන නමුත් එම මිතුරන් බොහෝමයක් ස්ථිර මිතුරන් නොවීමට හෝ අවස්ථාවාදීන් වීමට ඉඩ තිබේ. අඹුදරුවන් සමඟ සතුටින් සහයෝගයෙන් කල් ගෙවීමට හැකිවනු ඇත. මංගල යෝජනා ඇතිවීමටත් ස්ථිර වීමටත් පුළුවන. ප්රේම සබඳතාද ඇතිවිය හැකිය. විරුද්ධ පාර්ශ්වයේ ආකර්ෂණය වැඩිවේ. ව්යාපාරයන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් විවිධ ලාභ ලැබෙනු ඇත. ලැජ්ජා බය ඇතිව කටයුතු කරන ගතියක් දක්නට ලැබේ. යාන වාහන ලාභ හෝ ගමන් බිමන් පහසුව සැලසේ. මුදල් ලැබීමද යහපත්ය. එහෙත් සතියේ මැද දිනවලදී තත්ත්වය තරමක් වෙනස් වීමට ඉඩ තිබේ. එනම් සතුරන් ඇතිවීමට පවතින ඉඩ බොහෝය. ආරෝග්යශාලා, අනාථ මඩම්, බන්ධනාගාර, වැඩිහිටි නිවාස වැනි තැන්වල ගැවසීමට සිදුවිය හැකිය. සඳුගේ දසා, අතුරු දසා ගත කරන අයට තත්ත්වය වඩාත් බරපතළ විය හැකිය. සුබ දිනය :- සඳුදා, සුබ වර්ණය :- දම් පාට, ජය අංක :- 07, 18, ----------------------- වෘෂභ - ඔබ අයත්වන්නේ වෘෂභ රැසට නම් මනෝහර භාවයෙන් කාලය ගතකරන්නට මෙම සතියේ හැකිවන බවක් පෙනී යයි. රැකීරක්ෂා අපේක්ෂාවෙන් සිටියේ නම් හොඳ යහපත් රැකිය අවස්ථා ලැබිය හැකි කාලයකි. අලුතින් ආරම්භ කරන වෙළෙඳ ව්යාපාර මෙන්ම කරගෙන යන ව්යාපාරද සතුටුදායකව, හොඳ ලාභ ලැබීමක් සහිතව කරගෙන යෑමට හැකිවේ. එහෙත් හිටිවනම කරගෙන යන කටයුතුවල වෙනස්කම් හෝ අස්ථිරතා ඇතිවිය හැකිය. මවුපියන් පිළිබඳව වෙනදාට වඩා සෙනෙහසින් සොයාබලන ස්වභාවයක් දක්නට ලැබේ. ඇවිදිලි වැඩිවනු ඇත. සමහර විට එය රැකියාව හෝ ව්යාපාරය නිසා වන්නට පුළුවන. මුණගැසෙන කවුරුන් වුවත් මිතුරන් සේ පිළිගෙන ඇසුරු කරන බවක් පැවැතිය හැකිය. සතිය අවසන් වත්ම ඔවුන් බොහෝමයක් ඈත්ව යා හැකිය. වැඩිහිටියන්ගෙන් ආධාර උපකාරද විවිධ ලාභ ප්රයෝජනද අත්වීමක් පෙන්නුම් කරයි. අඹුදරුවන් හා ආදරයෙන් සෙනෙහසින් කල් ගෙවීමට හැකි සතියකි. සුබ දිනය :- සෙනසුරාදා, සුබ වර්ණය :- තදනිල්, ජය අංක :- 8, 17,------------------------------ මිථුන - මිථුන රාශි හිමියෙක් වන ඔබට මෙම සතිය ශුභඵලදායක සතියකි. ආගමික භක්තිය බොහෝ සෙයින් ඉහළ යනු ඇත. වැඩිහිටියන්ටද හිතවත් යහපත් අයකු ලෙස කටයුතු කරනු ඇත. තම දියුණුව පිණිස විදෙස්ගත වීමට සූදානම්ව සිටියේ නම් ඒ සඳහා අවස්ථාව උදාවේ. අන් අයටද දෙස් විදෙස් සංචාර ගමන් බිමන් යෙදෙන සතියකි. ශරීරය, මුහුණ පැහැපත්ව ප්රියමනාපව පවතියි. නිරෝගී සම්පත ලැබීමට හේතුයි. පාප ක්රියාවලින් ඈත්ව වාසය කරන සතියක් බැවින් ඉදිරි කාලයද බොහෝ යහපත් වනු ඇත. ගුරු සේවයේ යෙදී සිටින අයට විශේෂයෙන් ශුභදායක කාලයකි. ළිං කැපීම, අම්බලම් සෑදීම වැනි පුණ්ය ක්රියාවලට සහභාගි වීමට සිදු විය හැකිය. මවුපියන්ට ගරුසරු ඇතිව හොඳින් සලකයි ඉගෙනීමට යහපත්ය. වස්තු හා සම්පත් ලැබීමට හේතුයි. රැකී රක්ෂා ලැබීම මෙන්ම උසස්වීම්ද පෙන්නුම් කරයි. වෙළෙඳාමටද ශුභදායක වේ. රැකියාවේ හෝ ව්යාපාරයේ අවශ්යතා නිසා ගමන් අධික විය හැකිය. සුබ දිනය - සිකුරාදා, සුබ වර්ණය - ළා නිල් පාට, ජය අංක :- 06, 15,---------------------------------- කටක - සඳුගේ මහ දසාව ගතකරමින් සිටින කටක ලග්න හිමියන්ට නම් ශුභඵල උදාවේ යැයි සිතිය නොහැකි සතියකි. බොහෝ දුක් ගැහැට මෙන්ම දරුණු අනතුරු තත්ත්වයන්ද පෙන්නුම් කරයි. එබැවින් සතිය ආරම්භයේදී ප්රවේශමෙන් හා හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීම මැනවි. විවාහයෙන් ලැබීමට නියමිත දායාද හෝ කලත්රයාගෙන් ලාභ ප්රයෝජන ලැබීමටද ඉඩ තිබේ. ශරීරයේ අභ්යන්තර ඉන්ද්රියයන් දුර්වල කරවන රෝග වැලඳිය හැකිය. සෙම් රෝග උත්සන්න වීමට හෝ අලුතින් ඇතිවීමට පුළුවන. මානසික තත්ත්වයද අවුල් සහගත විය හැකිය. එහෙත් සතියේ මැද පමණ වනවිට තත්ත්වය ක්රමයෙන් යහපත් අතට හැරේ. ආගමික භක්තිය වැඩිවන අතර පින්දහම් කටයුතුවල නියැළීමට සිදු වේ. ශරීරයේ ශෝභමාන පෙනුමක් ඇති විය හැකිය. සමාජයේ ගෞරවාදරයට ලක්වීමට හේතුයි. විවිධාකාර වස්තු සම්පත් ලැබීමටද ඉඩ තිබේ. විශේෂයෙන් වැඩිහිටියන්ගෙන්ද උසස් අයගෙන්ද ලාභ ප්රයෝජන අවවාද අනුශාසනා ආදිය ලැබීමට නියමයි. සුබ දිනය :- බ්රහස්පතින්දා, සුබ වර්ණය :- සුදු පාට, , ජය අංක :- 09, 36,---------------------------------- සිංහ - මෙතෙක් පමා වෙමින් තිබුණු විවාහ කටයුතු ඉක්මන් වෙන ලකුණු සිංහ ලග්නයෙන් පෙන්නුම් කරයි. අලුතින් මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. නව පෙම් සබඳතා ඇතිවීමද පවතින සබඳතා තරවීමද සිදුවන සතියකි. සැමියා හා බිරිය අතර සමඟිය සතුට වැඩිවනු ඇත. හවුල් ව්යාපාර කරන අයට ද ශුභ සතියකි. එහෙත් එකදිගට සමඟිය සහයෝගය පවත්වාගෙන යෑමට අපහසු විය හැකිය. තරමක චංචල බවක් ඇති කරයි. කවුරුත් තමන් දෙස මහත් ඕනෑකමින් බලන කාලයකි. ලෞකික සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබෙන බවක් පෙන්නුම් කරයි. සැමියාගේ හෝ බිරියගේ හොඳ ගතිගුණ ඉස්මතු වී පෙනෙනු ඇත. අනපේක්ෂිත කරදරයන් ද සතියේ අවසාන භාගයේදී ඇතිවන බවක් පෙන්නුම් කරයි. ගමන්බිමන්වලදී ද උස්තැන්වලදී ද වඩාත් ප්රවේශම් සහගතව කටයුතු කිරීම වටියි. ශරීරය අභ්යන්තරයේ විවිධ රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන. සෙම කෝප වීමෙන් සදෙන අසනීප නිසා දැඩි සේ පීඩාවට පත්විය හැකිය. සුබ දිනය :- ඉරිදා, සුබ වර්ණය :- නිල් පාට, ජය අංක :- 04, 13,------------------------------ කන්යා - නිතර නිතර ලෙඩ රෝග ඇතිවන ගතියක් කන්යා ලග්න හිමියන් කෙරෙන් මෙම සතියේ මුල් වශයෙන්ම ඇතිවේ. කන්යාවෙන් උපන් කුඩා ළ මයින්ට රෝග වැලඳීමේ හැකියාව වැඩි බැවින් මෙම සතියේ දරුවන්ගේ සෞඛ්ය පිළිබඳව දැඩිව අවධානය යොමුකිරීම වටියි. ශරීර ශක්තිය පිරිහී ගිය ගතියක් දැනෙනු ඇත. මන්දාග්නිය, ආහාර අරුචිය, අජීර්ණය වැනි තත්ත්වයන්ද ඇතිවිය හැකිය. සතුරු කරදර ඇති වීමේ හැකියාව වැඩිය. සතුරන් නිසා බොහෝ පීඩාවට පත්වීමට සිදු වේ. ඉක්මන් හෝ හදිසි විවාහයන් සිදුවීමට ඉඩ පවතියි. ස්වාමියා හෝ බිරිය අතර විටින් විට ගැටලු ඇති කරයි. ව්යාපාරික හවුල්කරුවන් සමඟද මතභේබේද පැනනගී. කම්සැප ඇතුළු ලෞකික සැප සම්පත්වලින් අඩුවක් නොවන සතියකි. කාගේත් අවධානයට හා ආකර්ෂණයට ලක්වීමට ඉඩ තිබේ. නමුත් චංචල සිතිව්ලිවලින් සිත පිරී යෑමටද පුළුවන. දෑවැද්දට ලැබීමට තිබුණු යම් දෙයක් හිමි විය හැකි සතියක් ද වේ. සුබ දිනය :- සඳුදා, සුබ වර්ණය :- දම් පාට, ජය අංක :- 07,10, තුලා - දරුවන් අපේක්ෂාවෙන් සිටි තුලා ලග්න හිමියන්ට එම භාග්ය උදාවීමට ඉඩ ඇති සතියකි. පුරුෂ වීර්යය වැඩිවීමට පුළුවන. අධ්යාපන කටයුතු වල හොඳ දියුණුවක් ඇතිවේ. දිනුම් සහිත ක්රීඩාවලට එනම්, ලොතරැයි, රේස්, ඔට්ටු වැනි දේට හිත යන අතර ඒවායින් ජයග්රහණ අත්කර ගැනීමටද හැකියාව පවතියි. මනා හික්මීමක් ඇතිව කාලය ගතකරනු ඇත. බඩේ ආමාශයේ තෙත ගතිය වැඩි රෝග එනම්, වම්නය පාචනය වැනි රෝගවලට වැඩි ඉඩක් පවතින සතියකි. සතුරු කරදර ඇතිවීමටද හැකිය. නොපෙනෙන ගුප්ත සතුරන්ද ඇතිවිය හැකිය. පැණි රස කෑමට වෙනදාට වඩා දැඩි කැමැත්තක් ඇතිවීමට පුළුවන. දඬුවම් ලැබීමක් විය හැකිය. එබැවින් මේ දිනවල වැරදි වැඩවලින් හැකිතාක් දුරස්ව සිටීම යහපති. අධික වියදම් මෙන්ම ධන හානියක් ද සතියේ අවසන් දිනවලදී සිදුවීමට ඉඩ ඇත. රක්තවාත රෝගයෙන් පෙළෙන අයගේ රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකිය. ආදර සම්බන්ධතා කැඩී බිඳී යෑමෙන් සිත්තැවුල් ඇති කරයි. සුබ දිනය :- සෙනසුරාදා, සුබ වර්ණය :- අළු පාට, ජය අංක :- 17, 26,----------------------- වෘශ්චික - හොඳ ස්ථානවල වාසය කිරීමේ හැකියාව වෘශ්චික ලග්න හිමියන්ට පවතින සතියකි. ප්රසිද්ධියට පත්වෙන බවක්ද පෙන්නුම් කරයි. මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් සැලකිලිද ලාභ ප්රයෝජනද ලැබෙන කාලයකි. මවුපස දේපළ පවා ලැබීමට ඉඩ ඇත. ගමන් බිමන් යෑමට වාහන පහසුකම් සැලසේ. සැප ඇතිව වාසය කිරීමට ඉඩ ලැබේ. පපුවේ සෙම අධික වීමක් වන්නට පුළුවන. අනුන්ගේ දුක දැක උණුවෙන සිතක් පැවතිය හැකි අතර ඔවුන්ගේ දුකට හැකි පමණින් පිහිටට ඉදිරිපත් වනු ඇත. දරුවන් ලැබීමටද දරුවන් නිසා සතුටු වීමටද අවස්ථා යෙදේ. පැවැති දැඩි සිතිවිලි පහව යයි. මනා හික්මීමකින් යුතුව කටයුතු කරන බවක් දැකිය හැකිය. වමනය, පාචනය, අධිකව, මුත්රා පහවීම වැනි තත්ත්වයන්ද ඇතිවීමට පුළුවන. රේස්, ඔට්ටු, ලොතරැයි වැනි ජයග්රහණද උදාවිය හැකිය. එහෙත් ගමන් බිමන් අධික වීමටත් වියදම් වැඩිවීමටත් ධන හානියකටත් හේතු පවතියි. ආලය ආදරය පිළිබඳ සිතිවිලි බහුලව ඇතිවේ. සමහර විට සිත චංචල වේ. සුබ දිනය :- සිකුරාදා , සුබ වර්ණය :- නිල් පාට, ජය අංක :- 06, 15,----------------------- ධනු - සහෝදර සහෝදරියන්ගේ ආදරයත් උපකාරයත් ලැබීමට ධනුවෙන් උපන් ඔබට මෙම සතියේ හැකිවෙන බවක් පෙන්නුම් කරයි. බිරියගෙන් සැමියාටද සැමියාගෙන් බිරියටද යහපත් ආදරණීය සැලකිලි ලැබෙනු ඇත. ඇව්දිලි වැඩිවෙන සතියකි. ශරීරය පුෂ්ටිමත් වීමට පටන් ගනී. සෙම අධික වීමෙන් සෑදෙන රෝග වැලඳෙන බවක් පෙන්නුම් කරයි. ළය පීනස, ඇදුම වැනි රෝග ඒ අතර ප්රධාන තැනක් ගනියි. ස්වකීය ඥාතීන් අතර විශේෂ ගෞරවයට හා සැලකිල්ලට ලක්වේ. යන එන තැන්වල බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ සැප පහසුකම් ලැබීමට පුළුවන. වයෝවෘද්ධ වැඩිහිටි අයට සැප පහසුකම්ද යම් යම් පිළිගැනීම්ද ඇතිකරවයි. මවගෙන් හෝ මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් වටිනා දේ ලැබීමට හේතුයි. නමුත් නොසිතූ විරූ සිත්තැවුලක්ද ඇතිවිය හැකිය. වතුර හේතුවෙන් පීඩාවට ලක්වීමටද පුළුවන. ඥාතීන් සමඟ ආරවුලක් ඇතිවන බවක්ද පෙන්නුම් කරන බැවින් කල්පනාකාර්ව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම මැනවි. සුබ දිනය:- බ්රහස්පතින්දා, සුබ වර්ණය :- ක්රීම් පාට, ජය අංක :- 06, 24,-------------------------- මකර - මුහුණේ ප්රියමනාප පෙනුමක් සහිතව කාලය ගතකරන්නට මකර ලග්න හිමියන්ට හැකිවේ යැයි කිව හැකිය. කතාවෙහි සාරවත් බවක් පෙන්නුම් කරයි. කාගේත් සිත් ආකර්ෂණය වේ. විටින් විට අඩු වැඩි වන්නේ වී නමුත් මෙම සතියේ නිතර මුදල් අත රැඳේ. ඕනෑ කරන මොහොතේ වියදමට අවශ්ය මුදල් ළඟ පවතියි. සිය දරු පවුල සමඟ හොඳින් සතුටින් කාලය ගතකරන්නට අවකාශ සැලසේ. සිය පවුල රැක ගැනීම උදෙසා දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙන්නුම් කරයි. උගුරේ සෙම් රෝග, සෙම් ගෙඩි ඇතිවීමට නියමයි. පටලය වැනි රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකිය. සහෝදර සහෝදරියන්ගේ උපකාර ලබා ගැනීමට හැකිවේ. අධ්යාපනයද යහපත් වන ලකුණු පෙන්නුම් කරයි. ඇවිදීම් වැඩිවීමට පුළුවන. රාගාධික විය හැකි සතියකි. සිය ඥාති වර්ගයා අතර උසස් වැදගත් පුද්ගලයා බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇත. නින්දට බාධා වීම් හෝ නින්ද නොයෑම නිසා පීඩාවට පත්විය හැකිය. සුබ දිනය :- සඳුදා , සුබ වර්ණය :- සුදු පාට, ජය අංක :- 16, 25,--------------------- කුම්භ - යමක් සිදුවීමට පෙර බොහෝ දුර සිතාබලා බියවන ගතියත් වැඩි වේන ගතියත් කුම්භ ලග්න හිටියන් කෙරෙන් විමාන වන සතියත් බව පෙනෙන්නට තිබේ, සන්දර්ශන සැණකෙළි ආදී අවස්ථාවන්ට සහභාගී වීමට හැකිවේ. ලෞකික සැප සම්පත් හොඳින් ලැබෙන සතියකි. චිත්ත චෛතසික ධර්මතාව පිළිබඳව අවබෝධය ඇතිකර ගන්නා බවත් පෙන්නුම් කරයි. පලතුරු වර්ග අනුභව කිරීමට වෙනදාට වඩා වැඩි කැමැත්තක් ඇතිවේ. උසස් අය ආලය කිරීමට ලැබේ. පීනස, ඇස්වල අපහසුතා, උගුරේ අමාරු ඇතිවීමට ඉඩ තිබේ. යම් අයෙක් යලිත් ඉත සිටියොත් එය නොපැකිලිව ලබාදෙන තරමේ කාරුණික සිතත් මෙහි සරිය තුළ පැවැතිය හැකිය. තමාගේ කෑම වේල තමන්ට ඊයි පරිදි තගින් අභිත්ති සතසා ගන්නට සිදුවිය හැකිය. කෑම බීම පිළිබඳ අමුත්තක් නම් සිදුවිය යුතුමය. ආභරණ ලැබීමක් හෝ මිලදී ගැනීමක් විය හැකිය. සුළු සුළු ලාභයන්ද විටින් විට ලැබෙනු ඇත. ප්රීතිය ගෙන දෙන සුදු බලින් විලින් යෙදේ සුබ දිනය - සෙනසුරාදා, සුබ වර්ණය - කළු පාට, ජය අංක - 08, 35,------------------------------ මීන - සතියේ මුල් දින කිහිපය හෝ ඇභදායක වන්නේ සඳුගේ දසා, අතුරු දසා ගෙවන මීන ලග්න හිමියන්ටය, විවිධ චෝදනාවලට පැටලීම, උසාවි, පොලිසි, රෝහල්, ඛන්ධනාගාර ආදියෙහි ගැවසීමට හෝ සිදුවිය හැකිය. හතුරන් වැඩිවන අතර සතුරු පීඩා නිසා මනස ව්යාකූල විය හැකිය. ඉවසිලිවන්ත භාවයත් ප්රවේශම් මීන සහගතව කටයුතු කිරීමත් නිසා යම් සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇත. සිත්තැවුල් කනගාටු නිතර ඇතිවේ. වියදම් අධික වීමට බොහෝ කරුණු යෙදෙනු ඇත. ධන හානියක් වීමටද ඉඩ තිබේ. කරගෙන යන වැඩ කටයුතු වලට බාධා වීම්, ප්රමාද වීම් සිදු විය හැකිය. අලාභ හානියක් හෝ වටිනා දෙයක් නැතිවීමට ඉඩ ඇත. අත්හදා බැලීම් නොකළ යුතු සතියකි. එයින්ද පාඩු ඇති කරයි. එහෙත් සතියේ අවසන් දිනවලදී තරමක් සතුටුදායක තත්ත්වයක් උදාවේ. ස්ථිර අදහස් ඇතිවේ. සිතටද ගතටද සුළු වශයෙන් හෝ සැප පහසුවක් දැනෙනු ඇත. මිතුරන් සමඟ ප්රිය සම්භාෂණයකට සහභාගි වීමට සිදුවිය. හැකිය. සුබ දිනය :- බ්රහස්පතින්දා, සුබ වර්ණ- රතු පාට, ජය අංක: 09, 18,

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk