Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මල්වර යුවතියන්ට බැල්ම පාන යකුන් භූතයන් පන්නන බලගතු යන්ත්රයක්

1 year ago 7 Min read
Subha.lk
මල්වරවීමෙන් පසු තරුණියන්ට බැල්ම හෙළා රති සුවය වළකා කාම ඉන්ද්රියන් දුර්වලකර හෝ පුබුදුවාලන යක්ෂණියන් හත්දෙනකු සිටී. ඔවුන් සර්ව කාමී, රති කාමී, මති කාමී, මදන කාමී, අවර කාමී, ක්රෙම කාමී, භූත මදන කාමී යනුවෙන් හැඳින්වේ. මෙම යක්ෂණියන් දිෂ්ටි හෝ බැල්ම හෙළන්නේ නාන ළිඳ ළඟදී, පනැස් ඇළ, දොළ, ගංගා, තොටුපළදී, නිවාස තුළ ඇති නාන කාමර තුළදී තුංමං සැලදී රූක්ෂ ගස් අසලදී, මස්, බිත්තර පුළුටු බැදුම් වර්ග කා තනිවම යනවිටදී ඒවා කා නිදා ගැනීමේදී, ඇඳුම් ගලවා අඳින විටදී, යට ඇඳුම් එළියේ රාත්රි කාලයේ රෙදි වැල්වල තිබීමෙන් හා සොහොන්වලදීය. මේ බැල්ම හා දිෂ්ටි මල්වර වීමෙන් පසු විවාහයෙන් පසුද, දරුවන් ලැබුණු පසුද වයස 40 සිට 60 දක්වා ද, 60 සිට 90 දක්වාද සරාගී හැඟුම ඉස්මතු වී රතියට පොලඹවයි. වයස 60 සිට 95 දක්වා කාලය තුළදී මදනය ඉහ වහා ගොස් කෙසේ හෝ රහසින් ඒ ආශාවන් ඉටුකර ගැනීමට පෙලඹී නොලැබීමෙන් දුක්වේ. එමෙන්ම මදන රෝගයෙහි වේගවත් ක්රියාමාර්ගයක් නිසා මද කිපෙයි. මේ අතුරු මල්වර දශා කේන්දරයේ ශනි, කුජ සංයෝග මදන ස්ථානයේ හෙවත් පාප ග්රහයන් එක අයකුට වැඩිව සිටීමෙන් ස්වාභාවිකවම කාමාශා අධිකවීමෙන් වයස් නොබලාම අති ධාවනකාර්ව තමාට රුචි විවිධාකාරව අනියම් ලිංගික ආශ්වාදය ලබයි. එය මදන යක්ෂණියන් බැල්ම නොව ජන්මයෙන්ම උරුම වූ සරාගී පැවතුම් හා ආශාවන් බව වටහාගෙන එයට අදාළ ශාන්තිය, යන්ත්ර හා ආලේප වර්ගවලින් දුබලව ඇති කාම ඉන්ද්රියන් ප්රාණවත් කරගත හැකිය. එසේම මෙම මදන යක්ෂණියන්ගේ දිෂ්ටියෙන් ඇතිවන රෝග රහස්ය. ඒවාට කළයුතු නියම ප්රතිකාර්ය, ශාන්තිය, යන්ත්ර, ආලේප කුමක්දැයි හඳුනාගෙන පිළියම් නොකළහොත් නරක ග්රහ බල ඇති වන කාලයේ විකාර දොඩවමින් පිස්සු ඔල්මාද හා ශරාංගයේ ඉන්ද්රියන් දුර්වල කර ඔත්පළ කරවීමටද එම යක්ෂණියන්ට හැකිය. මෙම රෝගවලින් පෙළෙන හා කාම ඉන්ද්රියන් දුර්වල තරුණියන්ට මෙය ඉටුකර ගැනීමට තම ආශාවන් නිසි ආකාරයට සතප්පවා ගැනීමට මෙම රහස් යන්ත්රය ඉණ බැඳ තම මදන රෝගයෙන් ඇතිවන විපාක පාලනය, ශරීරාංගවල බල දුබලතාවන් සුවකරගත හැකිය. යටි පතුල්වල තෛලය පිරිමැද නිදා ගැනීමෙන් දුබල ඉන්ද්රියන් පුබුදුවා ගත හැකිය. සකස්කර ගැනීමේ උපදෙස් මෙම යන්ත්රය පුරපක්ෂයේ කුජ දිනක ශුක්ර හෝරාවෙන් උතුරු දිශාව බලා හරි හතරැස් ආකාරයට නව ගැබ මල් යහනාවක් සකසා එහි තැඹිලි ගෙඩියක් ඇස්ස ගසා, කෙසෙල් ගෙඩි ඇතුළුව පලතුරු වර්ග 5ක්, සුවඳ ධූපයන්, බුලත් පඬුරු තබා කන්යානූල්හුවෙන් නූල් 9 පට ගෙන යන්ත්රය වටා තබා අතින් අල්ලා ජප කළ යුතුයි. මෙහිදී මදන දිෂ්ටිය හෝ සර්ව මදන දිෂ්ටියෙන් 51 වරක් කියා ජප කරගත යුතුයි. ධූප සඳහා දේවදාර, අගිල්, ගුගුල්, ජටාමාංශී, සැවන්දරා, සුදුහඳුන්, රත්හඳුන්, විෂ්ණු ක්රාන්තිය, කවඩි, සාම්ප්රාණි මිශ්ර කර සකසා ගත යුතුයි. මේ යන්ත්රය එකදාස් අටසීය වරක් හරියටම ජප කරගෙන ඉණ බඳින්න. තෛලය හා ආලේපයන් යටි පතුලේ හා බුරිය පෙදෙසේ ගා පිරි මදින්න. ඔබට කියන්ට බැරි ලැජ්ජා සහගත මදන යක්ෂ යක්ෂණියන්ගේ බැල්මෙන් වැලඳෙන සකල විධ රෝගයන් සදහටම නිවාරණය වී අංග සම්පූර්ණ නිරෝගි තරුණියකගේ සියලු ඉන්ද්රියන්ගේ ක්රියාකාරීත්වය ඇති කර ශරීරය ආරක්ෂා කරයි දිවි ඇතිතෙක්ම, මෙහි මන්ත්රය “ඕං නමෝ දතු කූට යේ ස්වාහා” මෙයින් නිසි වාර ගණන ජපකර ගන්න. නැති නම් අවැඩයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk