Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හදහනේ ශනි නීච උනොත් මොකද වෙන්නේ

1 year ago 7 Min read
Subha.lk
සෙනසුරා කීවාම නොදන්නා කෙනකු නැත. හිඟන්නාගේ පාත්තරේටද, චීන කරන ශනි බොහෝදෙනකු සිතන පරිදි නරකම නැත. රවිගේ පුත්රයා ලෙස සැලකුණත් දෙන්නා එකිනෙකාට සතුරුය. හොදට හිටියොත් හොඳත් නරකට සිටියොත් නරකත් කරන්නේ මතක හිටින්නටමය. හිරු වටා භ්රමණය වන්නට වසර විසිනවය හමාරක් ගතවන නිසා එක් රාශියක් පසු කරන්නට වසර දෙකහමාරක් ගතවන හෙයින් අපල කාලයද දිගය. ලග්න හෝ ජන්ම ඒරාෂ්ටකයක් අවසන් වන්නට අවම වශයෙන් වසර හතහමාරක් පවතින්නේ ඒ හින්දාය. මහලු වයසට අධිපති වන ග්රහ මණ්ඩලයේ සේවකයා ලෙස සැලකේ. ශනිගේ ස්වක්ෂේත්ර භවනය මකර හා කුම්භ රාශීන් වේ. තුලා උච්ච රාශිය වශයෙන් සැලකෙන අතර අති උච්ච වන්නේ තුලාවේ 20 වැනි අංශකයේදී. නීච රාශිය වන මේෂයේ 20 වැනි අංශකයේදී අති නීච වෙයි. මූල ත්රිකෝණ බලය පිහිටන්නේ කුම්භයේ මුල් අංශක 20දීය. නිල්පාට සිරුරක් හා කෘශ ඇඟපසඟ හිමි ශනිගේ පාදයන්හි ආබාධයක් නිසා හරියට ඇවිදින්නට පුළුවන්කමක් නැත. ගමන් කරන්නේ කපුටකු පිටේ නැගීගෙනය. මේ ස්වභාවය නිසාම ඇසුරු කරන්නේද සීමිත ප්රමාණයකි. 11 වැන්නේ ශනි සිටින අයද තනිව ඉන්නට වැඩි කැමැත්තක් දක්වති. බොහෝදෙනකු සිතන්නේ සෙනසුරා නරක මිසක් හොඳක් නොකරන ලෞකික සම්පත්වලට වඩා දුක සහ කලකිරීම ඇතිකරන ග්රහයකු වශයෙනි. එහෙත් දෙන්නට හිතුණාම අනෙක ග්රහයන්ට වඩා හොඳය. සෙනසුරාගෙන් යෙදෙන සස යෝගය ජන්මියා උසස් තත්ත්වයකට පත් කරන්නෙකි. මෙය යෙදෙන්නේ ශනි උච්ච බලයෙන් කේන්ද්රස්ථාන හතරෙහි පිහිටීමෙන්. ත්රිකෝණ ස්ථානවල පිහිටීමෙන්ද මෙම යෝගය යෙදෙන බව සමහරුන්ගේ මතයයි. අනෙක් යෝග මෙන් නොව සස යෝගය පිහිටන ස්ථානය අනුව ඡන්මියාට ලැබෙන යහපත් ඵල වෙනස් වේ. තුලා ලග්නයෙන් උපත ලබා ඇත්නම් ලග්නයේම මෙම යෝගය පිහිටීම නිසා ප්රියමනාප පෙනුමක් සහිත තීක්ෂණ කල්පනාවකින් යුක්ත වාසනාවන්ත පුද්ගලයකු කරයි. කටක ලග්න හිමියන්ගේ මේ යෝගය යෙදෙන්නේ සිවුවැන්නේය. ඒ නිසා සුව පහසු නිවාස හා යාන වාහන ලැබේ. සැපවත් ජීවිතයකට හිමිකම් කියන අතර මවටද ගුණදායකය. හත්වැන්නේ ශනි උච්ච වන්නේ මේෂ ලග්න හිමියන්ගේය. එසේ පිහිටීමෙන් වාසනාවන්ත විවාහයක් සිදුවන අතර හවුල් ව්යාපාරයන්ගෙන් සාර්ථක වන්නට හැකිවේ. විවාහයෙන් පසුව දියුණුව ලැබී යැයි කියන්නේ එවැනි අයටය. දසවැන්නේ ශනි උච්ච වන්නේ මකර ලග්න හිමියන්ගේය. ඔවුහු යහපත් චරිතයක් හිමි උසස් රැකියාවක් සහිත හෝ දේශපාලන වශයෙන් උසස් තත්ත්වයකට පත්විය හැකි වූවෝය. ත්රිකෝණ ස්ථානයක් වන පස්වැන්නේ ශනි උච්ච වීමෙන් සස යෝගය යෙදෙන්නේ මිථුන ලග්න හිමියන්ගේය. යහපත් අධ්යාපනයක් ලැබීමටත් සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් සහිතව ජීවත්වීමටත් මොවුණට අවස්ථාව ලැබේ. කුම්භ ලග්න හිමි ජන්මින්ගේ නවවැන්න වන තුලාවේ ශනි උච්ච බලයෙන් පිහිටීමෙන් ආගමට දැඩි ඇල්මක් දක්වන ලෞකික ජීවිතයට වැඩි කැමැත්තක් නොදක්වන පුද්ගලයකු කරයි. පින් කරන්නට කැමතියි. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට මොවුන් සුදුසුය. බොහෝවිට නීච තත්ත්වයට පත්ව පිහිටි සෙනසුරා ශුභ හෝ අශුභ ඵල දෙන්නේ පිහිටා ඇති රාශිය හා ස්ථානය අනුවය. මේෂ රාශියේ නීච වන ශනි, ධනු ලග්නයෙන් උපන් අයට මහා ධනයක් ලබා දෙයි. පස්වැන්නේ පිහිටන එය ධන යෝගයකි. ඉගෙනීමෙන් දියුණුව ලැබීම අපහසු වුවත් ධනයෙන් දියුණුව ලැබීම නම් නිසැකය. විශේෂයෙන්ම ව්යාපාර වල යෙදීමෙන් ඉතා සාර්ථක වන්නට පුළුවන. හදිසි ධන ලාභ ලබා දෙන්නේ කලාතුරකිනි. දෙවැන්නා අධිපතියා මාරක ග්රහයකු සේ ජ්යොතිෂයේ ඉගැන්වේ. එහෙත් ධනු ලග්නයෙන් දෙවැන්න වන මකරය අධිපති සෙනසුරු වාසනාව උදා කරයි. අට අධිපතියා සහ නවය අධිපතියා නීච වීම ජන්මියාට අයහපත් බව පිළිගෙන තිබේ. ඒ අනුව බලන කල මිථුන ලග්න හිමියන්ගේ 8 වැන්න හා 9 වැන්න අධිපති සෙනසුරු නිසාදෝ ඔවුන්ට වැඩි යහපත් කරන බව පෙනෙන්නට නැත. අටවැන්නේ ශනි නීච වන්නේ කන්යා ලග්න හිමියන්ටය. දැඩි අයහපත් තත්ත්වයක් ඇති නොවන නමුත් දියණුවක් ලැබෙන බවද නොපෙනේ. වෘෂභ, කටක හා සිංහ යන ලග්න ලබා උපන් ජන්මින්ට හැර අනෙක් ලග්න හිමියන්ට කිසිදු බලපෑමක් ඇති නොවේ. ශනි උච්ච වන්නේ තුලා රාශියේදීය. එයින් සස යෝගය යෙදේ. මෙසේ උච්ච බලයට පත්ව සෙනසුරු පිහිටා ඇති ඡන්මියා යහපත් සිරුරක් හා තීක්ෂණ බුද්ධියක් සහිත කිසිවකුට බලපෑම් මඟින් හෝ බලකිරීම් යොදා කිසිවක් සඳහා නම්මා ගත නොහැකි පුද්ගලයෙකු වේ. ශනිට බලවත් ස්ථානවල ගෝචරයෙන් පිහිටන විට අධික ශුභ ඵල ලැබෙන නමුත් අශුභ තැන්වල ගමන් ගන්නා කාලයේදී අධික වශයෙන් අශුභ ඵලදෙයි. කෙසේ වෙතත් ශනි උච්චව හෝ හෝ නීචව පිහිටීමෙන් ඒරාෂ්ටක කාලයක් තුළ අධික වශයෙන් අශුභ ඵල දෙන්නේ නැත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk