Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රාහු සුබ පල දෙන්නෙම නැද්ද ?

1 year ago 7 Min read
Subha.lk
රාහු සියලු දේ නැතිකර දමන ග්රහයකු ලෙස ප්රකට ග්රහයකු වුවද රාහු ද සුබ පල ගෙන දෙන අවස්ථා ඇත. රාහු ග්රහයා කෙනෙකුට එරෙහිව නැඟෙන සතුරු බලවේග විසුරුවා හරින ග්රහයකු ලෙසද ප්රසිද්ධය. රාහු 3 වැන්නේ පිහිටීම සුබ තත්ත්වයකි. රාහු 3,6,11 සිටී නම් ආරක්ෂක භටයන් වටකර සිටින්නාසේ ආරක්ෂාව සපයයි. රාහු 3 වැන්නේ සිටින විට සහෝදර පල අඩු කරයි. රාහු 11 වැන්නට ධනය, කීර්තිය, ප්රසිද්ධිය ලබාදේ. රාහු 11 වැන්නේ සිටියදී 3 වැන්නේ පාප ග්රහයන් යෙදීම යුග දිවි සමඟියට හානිකර වන අවස්ථාද ඇත. රාහු ග්රහයාද වැටි වැටී නැඟිටින්නට අතදෙන ග්රහයෙකි. රාහු දශාවන් තුළදී ජීවිතයේ විවිධ වෙනස්කම් ඇති කරන අතර එම වෙනස්කම් අතරට පදිංචිය වෙනස්වීම්, රැකියාවේ වෙනස්කම්, විවාහයන් ඉටුවීම ආදිය වේ. රාහු අසුබ තත්ත්වයෙන් අසුබ ස්ථානගතව සිටීමෙන් මත්පැන් මත්ද්රව්ය ආදියට ඇබ්බැහි වීම්ද ඇති විය හැකිය. රාහු ඡායා ග්රහයකු වුවද රාහුගෙන්ද සුබ පල හා අසුබ පල ලබාදේ. ජන්ම කේන්දරයේ රාහු අසුබව සතුරුව ඇත්නම් අසුබ පලද සුබව ඇත්නම් සුබ පලද ලබාදේ. රාහු අසුබව ඇති කේන්දර හිමි අය එම කාලසීමාව තුළ සර්පයන්ට අභය දානය දීම ආදිය කිරීම, වැටකේ මල් බෝධියට පූජා කිරීම ආදී කටයුතුවල නිරතවීම ඉතාමත් සුඛ පල ගෙනදේ. අසුබ කාලවලදී කුසල් කිරීමට යොමු වීම, සිත එක්තැන් වන භාවනාවන්ට යොමු වීමද අපල දුරු කිරීමට හේතුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk