Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවසේ බඩු මුට්ටු නිසි දිශාවල පිහිටුවා වාසනාව කැදවා ගන්නේ මෙහෙමයි.

1 year ago 7 Min read
Subha.lk
වාස්තු විද්යාවට අනුව නිවෙසක මුළුතැන්ගෙයට හිමිවන්නේ සුව්ශේෂ ස්ථානයකි. කුස්සිය යනු නිවෙසේ ප්රධාන අංගයක් වන අතර නිවෙසේ ජීවත්වන සියලු දෙනාගේ පැවැත්ම සඳහා ආහාර පාන ආදිය පිළියෙල කරගෙන කුස පුරවා ගන්නට සම්පූර්ණ දායකත්වයක් ලබාදෙන්නේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙයිනි. වර්තමානයේ මුළුතැන්ගෙය තුළ ගෘහණියගේ නොදැනුවත්කම නිසාවෙන් ආහාර පිසීම සඳහා විදුලිය, ගෑස්, තෙල් හෝ වෙනත් ද්රව්ය භාවිත කර ළිප සකස් කර එය නිසියාකාරව දිශාගත නොකිරීම හේතුවෙන් බලවත් දෝෂයක් ඇතිකර ගනී. කුස්සියේ සියලු උපකරණ නියමිත දිශාවට ස්ථාන ගත කළ යුතු අතර ආහාර පිසීමට ගිනි මෙළවීම. ගිනිකොන දිසාවට ඉතා සුබ වේ. බටහිර දිසාවට එය අසුභ වන අතර නිවෙසේ ඇතුළු දෙසට මුහුණලා ගිනි මෙළවීමෙන් නිවෙසේ සමඟිය නැතිවී කායික මෙන්ම මානසික දුබලතා මතු කර ධනය හීන කරවන අතර චිමිනිය හෙවත් පෝරනුව ගිනිකොණ දිසාවේ නිර්මාණය කරගත යුතු අතරම එය නිසියාකාර වීමෙන් යහපත් ප්රතිඵල ගෙන දෙයි. එසේම මුළුතැන්ගෙයට ජලය ලබා ගැනීම සහ අපවිත්ර ජලය බැහැර කිරීමේදී පවා විශේෂ අවධානයක් ලබාදිය යුතු අතර ඊසාන දිසාවට ජල කරාම පිහිටා තිබීම තුළින් ධන වාසනාව උදාවේ. එලෙසම ළිප සහ ජලය ලබා ගන්නා ස්ථානය හැකිතාක් දුරස්ව තිබීම යෝග්ය වේ. මන්දයත් ජලය සහ ගින්දර අතර ඇති ප්රතිවිරුද්ධ ස්වභාවය නිසා නියමිත ස්ථාන ගත කිරීම් වැදගත් වන අතර අපිරිසුදු ජලය නිසි ක්රමවේදයකට අනුව බැහැර කළ යුතු වේ.නොදැනුවත්කම නිසා මස් මාංස සේදූ වතුර මුළුතැන්ගෙයින් පිටත පරිසරයට මුදා හැර්මද දෝෂයකි. එයින් අමනුෂ්ය බිය හා ප්රේත ආත්මයන්ගේ දෝෂයටද නිවැසියන් ගොදුරු විය හැකි වේ. මිරිස්ගල සහ යන්ත්රෝපකරණ උතුර හා දකුණ දිශාවට (මුළුතැන්ගෙයි) ස්ථානගත කිරීම වැදගත් වන අතර බස්නාහිර, නැඟෙනහිර දිසාවන්හි තැන්පත් කළ විට බලවත් වාස්තු දෝෂයක් ඇති විය හැකි වේ. ආහාර ගබඩා කිරීම සහ එම භාජන හා පිහියා වර්ගද නිරිත දිශාවට තැබීම යහපත් වේ. ගිනි පෙට්ටි සහ ලුණු බහලුම හිස්වීම සිදු නොවිය යුතු අතර ගිනි පෙට්ටි හිස්වීමෙන් මානසික ව්යාකූලතාද ලුණු බඳුන හිස්වීමෙන් ධන හානිද අපවිත්ර ජලය මුළුතැන්ගෙයට යාබදව එක්රැස් වී තිබීමෙන් ගෘහණියන්ගේ ශාරීරික සෞඛ්යට මෙන්ම පැවැත්මටද අපවාද සහ චෝදනාවලටද ලක්වීමට සිදුවේ. මුළුතැන්ගෙය අනෙක් සියලු ස්ථානයන්ටත් වඩා පිරිසුදුව තබා ගැනීම වැදගත් වන අතර නින්දට යෑමට පෙර මුළුතැන්ගෙය පිරිසුදු නොකිරීම තුළින් ශ්රියා කාන්තාවගේ දෝෂ දර්ශනයට ලක්වන බව පැරැණි සෘෂිවරු සඳහන් කර ඇත. නිවෙසේ අනෙකුත් දේවල් සහ ස්ථාන ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් නිවෙසේ වැදගත් දෑ තබන අල්මාරි උතුරු දිසාවට හෝ නැඟෙනහිර දිසාවට විවෘත වන පරිදි නිත දිසාවේ තැබීම යහපත් වන අතර බටහිර දිසාව බලා අල්මාරියේ දොර විවෘත වේ නම් අසුඛ වන අතරම නිදා ගැනීමේදී හිස උතුරට හෝ බටහිරටම දැමීමද අසුඛ දෝෂයක් වේ. උතුරට හිස දැමීමෙන් තම දූ දරුවන් රෝගී වන බවත්, තම වංසයට නින්දා අපහාස ඇතිවන බවත් ප්රත්යක්ෂ කරුණකි. බටහිරට හිස දැමීමෙන් නපුරු සිහින, විකාර සිතිවිලි හා ආයුෂ හීන වන බවද - නැඟෙනහිරට හිස දැමීමෙන් සමඟිය ආයුෂ බල වඩන අතර දකුණු දිසාවට හිස දැමීමෙන් සියලු යස ඉසුරු ලැබෙයි. එලෙස නිවෙසක සායේ ගෘහ උපකරණ නිසියාකාරව ස්ථානගත කිරීම වැදගත් වන අතර ඔරලෝසුව උතුර, නැගෙනහිර, බටහිර දිසාවටද, රූපවාහිනිය වයඹ දිසාවටද, ඡායාරූප නිරිත දිසාවටද නැගෙනහිර ඊසාන දිසා හැකිතාක් නිදහසේ තැබීමටද කටයුතු කිරීම ඔබට යහපත උදාකරනු දැනේ. හොඳ පිරිසුදු වාතාශ්රයක් සාලය පුරාවට බලා එන ලෙස පවත්වා ගැනීම සහ ඊසාන දිසාවේ ආගමික කටයුතුවලට සුදුසු වන අතර දිවස දෙසට යාත්රා කරන රුවල් නැවක් එන හැදීම මෙන්ම සුළඟින් සෙට්වෙන නාද රටා නිකුත් කරන සැරසිලි විල්ලා ටීම මඟින් නිවසට දේව ආකර්ෂණයද ලබාගත හැකි වේ. එලෙසම නිවෙසේ ලියකියවිලි, අධ්යාපන කටයුතු උතුර හා ඊසාන දිසාවට සුබ වන අතර එම හේතුවෙන් උසස් මානසික සිතුවිලි ඇතිවන අතර දරුවන්ගේ අධ්යාපන කටයුතු සාර්ථක කරගැනීමටද පිටිවහලක් වනු ඇත. මෙම උපදෙස් අත්විඳිමින් ඇති කර ගත් සහන සමඟින් වාස්තු දෝෂ නිවැරැදි කර ගෙන යහපත් ජීවිතයකට අරුතක් ලබා ගැනීමට මේ ලිපිය කියවන සෑම කෙනකුටම යහපත උදාවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk