Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනවතුන් බිහි කරන මලයාල ශ්රී කාන්තා යන්තර රාජයා

1 year ago 7 Min read
Subha.lk
ලක්ෂ්මී දෙව්දුවගේ සානුකම්පිත කාරුණික බැල්මෙන් මනුෂ්ය ප්රජාවට අප්රමාදව සහකාරියන්ද සහකාරයන්ද දරු සම්පත්ද නිවාස ඉඩකඩම්ද යානවාහනද ඥාති හිතෛෂීන්ද ශෂ්ය පලදාවද ධන ධාන්ය සම්පත්ද මැණික් ලාභද නිදන් ලාභද උදා කර දෙන්නේය. ඍග්වේද සමයෙහි ලක්ෂ්මී නාමය භාවිත කරන ලද බැව් පෙනී යන්නේය. සම්පතට භාග්යයට ඓශ්වර්යයට ශ්රී සමද්ධියට ශෝභාවට අධිපති දෙව්දූ ලෙස අර්ථවේදයෙහි සඳහන් වෙයි. අතිශය දුර්ලභ ශ්රී ලක්ෂ්මී මලයාල ධ්යාන යන්ත්ර රාජයා රන් වතුරෙහි දැමූ තඹ තහඩුවක හෝ රිදී තහඩුවක ජ්යොතිෂ ගුප්ත විද්යානුකූලව යන්ත්රය නවග්රහබලය පිහිටු වූ පන්හිඳකින් කුජ දිනක ඇඳගත යුතු වෙයි. සදාචාරාත්මක මෙන්ම ගුණාත්මක ප්රවීණ ගුප්ත විද්යාධාරීන් පවිත්රව ක්රියාකරදීම සුවිශේෂී වූවකි. තැඹිලි, අඹ, අන්නාසි, බෙලි, කෙසෙල්, දොඩම්, දිවුල්, පොල්, හකුරු, පොරී, හබල පෙති, මුං, තල, අතිරස, කැවුම්, අග්ගලා, නෙළුම් මල්, කිරිබත්, කපුරු, හඳුන්කූරු, ලක්ෂ්මී ධූපය, කස්තුරි, ගෝරෝචන, පහන්, දෙහි, සූකිරි, මිදි, ලද පස් මල් වර්ග හතක් ආදී පූජා ද්රව්යය පූජාසනය මත තැන්පත් විය යුතුව ඇත. ස්තෝත්රය - “ඕ යං පං පං පරවදා වේජ් යව්ද මුක්ති භක්ති ප්රසාද භූෂි විමලාක්ෂි සුභා කුහිලි පාෂිණී භූෂණී යාම් භූමි භූමි පිම්නෙස් වහෙ අන් සිඳ හේ නේත්ර මහේත්ර යුත්තේ බෙහිදිය තීයුම් හරි හර ලක්ෂ්මී පත්ර නමස්තෙ නමාමි” (7 වරයි) ”නමස්තුතේ මහාමායේ - ශ්රී පීඹේ සුර පූජිතේ ශංච චක්ර භදා හස්ති - මහා ලක්ෂ්මී නමස්තුතේ නමස්තුතේ ගරුඩාරුඩේ කෝලා සූර භයංකර් සර්වපාප හරේ දේවී මහා ලක්ෂ්මී නමස්තුතේ සිද්ධි බුද්ධි පුදේ දේවි - භුක්ති මුක්ති ප්රදායනී මන්ත්ර මූර්තේ සාදා දේවී - මහා ලක්ෂ්මී නමස්තුතේ ආච්යන්න රහිතේ දේවී - ආදිශක්ති මහේෂ්වර් යෝගජේ යෝග සම්භූතේ මහා ලක්ෂ්මී නමෝස් තුතේ ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්ර මහා ශක්ති මහෝදරේ මහාපාප හරේ දේවී - මහා ලක්ෂ්මී නමෝස්තුතේ පද්මා ස්ථිතේ දේවී පරබ්රහ්ම ස්වරූපනී - පරමේශ් ජගත් මානර් - මහා ලක්ෂ්මී නමෝස්තුතේ ශ්වේතාම්බර ධරේ දේවී - නානා ලංකාර භූෂිතේ ජගත් ස්ථිතේ ජගත්මාන මහා ලක්ෂ්මී නමෝස්තුතේ” (7 වරයි) මූල මන්ත්රය - “ඕං නමෝ භගවතේ ලිං ශ්රී යුම් මහා ලක්ෂ්මී එයුම් ක්ලියුම් සෞවුම් ආකාශ ලක්ෂ්මී ගිං දේවි ඊයුම් භූලෝක ලක්ෂ්මී ශ්රීයුම් ශ්රීයුම් සෞවුම් ක්ලියුම් සර්ව ලක්ෂ්මී මම වංසී මසී ස්වාහා...... ”(1008 වරයි) ශ්රී කාන්තා ජපයක් - “ඕං රාමකන්ද දේවී ශ්රියා කාන්තා දේවී සෙල්ලු සෙල්ලු වීරපත්ර කාලි අම්මා ඉගිලවා ඕං කාලි සර්වකාලි මන්ත්ර කාලි උරග හංස දේවි වාවා - මන්ත්රකාලි වාවා ශ්රියා කාන්තා දේව්වාවා ඕං ගුරුවෙන් හෙයි හරිහරාං තුනෙයි ශිව මෛරියානේ වාවා ”(1008 වරයි) ශ්රී ලක්ෂ්මී දිව්යාංගනාවගේ උතුම් වාසස්ථානය ලක්ෂ්මී බිල්ව වනේ කදම්බ කුසුමේ කත්යාංගනා කුංජරේ දීපෝත්තුංගරතේ - තුරංඩලේ චක්රෝදරේ චාමරේ සංචේ පද්මවනේ – නරේන්ද්ර භවනේ සුවර්ණානදී ශෝකුලේ සර්වයන් සත්යය වචනේ ලක්ෂණ ගෘහේ ශ්රී විෂ්ණු වක්ෂත් තලේ කොලොන් මල - බෙලිවනය - කත්යාංගනාව, කුංජරය - පහන - රථය - තුරඟ - ධවලචක්රය - චාමරය - සංඛය -පද්මවනය - රාජ මාලිගය නදිය - ගෝකුලය - සුරතෙම - සත්යය වචනය ශෝභනවූ ගෘහය ස්තායන්හී සහ ශ්රී විෂ්ණු දෙවියන්ගේ උරස්තලයෙහි ශ්රී ලක්ෂ්මී දෙවඟන වාසය කරන්නීය. ශ්රී කාන්තා ජපයක් - “ඕං මහා ලක්ෂ්මී තොන් කතාවානේ වාවා - සන්දනේ වාවා - කොණ්ඩා රුපප්පත්තියානේ වාවා - සූර්යානේ වාවා - චන්ද්ර මාලාග්නිවාවා - ඕද්වරාජ හනුමන්තා වාවා - විෂ්ණු වාවා - ඔඩ්ඩි තම්බිරානේ වාවා අංගුලිමාල දපනේ අග්නි දේවතාවියෝ දපනේ අග්නි කුරුම් බරවඩ්න දේවතාවි දපනේ මේ ගිනිවරම් ලත් දේවතාවියෝ මා වෙතට ඇවිස්සී ශ්රී මුණ ශ්රියාදී මෙම යන කාර්යෙන් දිනවා දෙන්ඩ මංශ්රකාලී අම්මේ මා එක්ක යන්ඩ වරෙන් ඕ ශ්රියා නම: ඕං වරෙන් ඕ ශ්රියා නමඃ ඕ ස්වර් ප්රධායිනී රාජභානයට දී මන්ත්ර කාලී වාවා” (1008 වරයි) හදිසි අවස්ථා සඳහා තුන් වරයි. ශ්රී ධන ලක්ෂ්මී වන්දනය - “ඕං ශ්රී ලිං මහා ලක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්ය දේහි දේහි මේ ස්වාහා” (1008 වරයි) මන්ත්ර සිද්ධිය ලැබූවන්ට හදිසි අවස්ථා සඳහා සත්වරයි. තවත් ශ්රී ලක්ෂ්මී වන්දනයක් - “ඕං ශ්රී නම:-ඕ කමලගේ නමඃ ඕ ග්රීම් පස්මේ නමඃ ගිං ග්රීම් ලක්ෂ්මී නම: - ඕ න: කමල්වා සත්යයේ නමඃ ඕං හොං ශ්රී ම් ශ්රී සිද්ධි ලක්ෂ්මී නම: ඖ ම් ම් මහා ලක්ෂ්මි නම් ” (සත්වරයි) ශ්රී ලක්මියගේ දසවිධ මූර්තිය - මහා ලක්ෂ්මී, ශ්රී ලක්ෂ්මී, ධන ලක්ෂ්මී, නෘත්ය ලක්ෂ්මී, ප්රතාප ලක්ෂ්මී, රූප ලක්ෂ්මී, සූර්ය ලක්ෂ්මී, වීර්යය ලක්ෂ්මී, සුන්දර ලක්ෂ්මී, රෝග නිවාරණ ලක්ෂ්මී ලක්ෂ්මී වන්දනය සත්ය වශයෙන් ජීවිතයක නවතාවක් ප්රබුද්ධත්වයක් ගෙනදී මෙහිලා ප්රබලත්වයක් නිර්මාණය කෙරෙන්නෙකි. ශ්රී ලක්ෂ්මී සුවඳ ධූපය, ලක්ෂ්මී තැඹිලි තෙල, ලක්ෂ්මී බෙලිපිලල, අශ්ව ලාඩම, දක්ෂිණාවෘත සංඛ්ය, නවරත්න රන් හා රිදී මුද්ද, සඳ රාජ, ඉරරාජ, ශ්රී ලක්ෂ්මී සියලු යන්ත්ර තෙල් බෙහෙත් මෙම මලයාල ශ්රී ලක්ෂ්මී ධ්යාන යන්තර ජීවම් පුකාරව සිදු කරගත හැකිය. අංග සම්පූර්ණ මල් බුලත් තටුවක පුද පූජා තැම්පත් කොට ජ්යොතිෂ ගුප්ත විද්යානුකූලව දිෂ්ටි ප්රාණ ජීවම්පලිප්පු පුට සිද්ධි කරගැනීම යහපත් වෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk