Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල (නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

මේෂ

ආධාර උපකාර ලැඛෙයි

සුබපල සහිත සතියකි. පසුගිය සතියේ සිදු වූ ගුරු මාරුව ඔබට සුබපල ලබාදීමට හේතුවේ. ගුරු 11 වැන්නේ ගමන් කරමින් පැවතීම ඔබේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට හේතුවේ. තම වැඩිහිටියන්ගෙන්ද පූජකවරුන්ගෙන්ද තමාගේ උගත්කමින්ද භාර්යාවගේ පැත්තේ නෑයන්ගෙන්ද ආධාර උපකාර ලැබෙනු ඇත. ප්‍රයෝජනවත් ගමන් බිමන් වලදී අලුත් මිත්‍රයන් හඳුනා ගැනීමට ලැබීමටද පිට ජාතික අය මිත්‍ර වීමටද හැකිය. තමාගේ මිත්‍රයන්ගේ වාසනාවන්ත කාලයකි. ඉගෙනීම සාර්ථක වේ. උස් අධ්‍යාපනයට පැවැති බාධක ඉවත්වේ. ඉගෙනගත් දෙයින් ප්‍රයෝජන ලැබේ. මෙම කාලය ඔබේ ජීවිතයේ වාසනාවන්ත කාලයකි. අලුත් නිවෙසක් සෑදීමට හෝ අලුතින් දේපළක් මිලදී ගැනීමට හැකිවේ. ඒ සඳහා මේ කාලයේ වඩා උනන්දු විය යුතුය. බුධ මාරුව තරමක් අශුභපල උදාකරයි. තමා යටතේ වැඩ කරන අයට කරදර කාලයකි. තමාගේ සුරතල් සතුන්ට කරදර අසනීප මතු වේ. ඔවුන් නිසා වෙහෙසීමට සිදුවේ.

සුබ දිනය - අඟහරුවාදා, සුඛ වර්ණය - රතු, ජය අංකය - 05

 

 

වෘෂභ

මංගල යෝග උදාවෙයි

සුබපල සහිත සතියකි. පසුගිය සතියේ සිදු වූ ගුරු හා බුධ මාරුව ඔබට සුබපල ලබාදීමට හේතුවේ. මිල මුදල් හා වටිනා ප්‍රිය වස්තු ලැබේ. විවාහවූවකු නම් තම විවාහ සහකාරයා සමඟ හිතවත්ව සමගියෙන් හා ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකිවේ. ආදර සම්බන්ධතා හෝ මංගල යෝග ඇති වේ. කම් සැප ලාභ ලැබේ. ස්ත්‍රීන් සමඟ ආශ්‍රය ඇතිවේ. දරු ශිෂ්‍යයන් සිටිනවා නම් ඔවුන් සමඟ ප්‍රීතිමත්ව කාලය ගෙවීමට හැකිවේ. පවුලේ සමඟිය ඇතිවේ. දූදරුවන්ට මංගල යෝග උදාවන කාලයකි. 11 වැන්නාධිපති ගුරු 10 වැන්නේ ගමන් කිරීමත් නිසා ඔබට උස්, කීර්තිමත් අය හඳුනා ගන්නට ලැබේ. එම උසස් අයගෙන් උපකාර ලබෙන අතර මෙම කාලයේ ඔබට උසස් බලාපොරොත්තු ඇති වේ. සමාජයේ උසස් තැනක් හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරවලින්ද කරන කටයුතුවලින්ද ආදායම ලැබේ. මෙම කාලයේ රාහු මහා දසාවක් හෝ බුධ මහ දසාවක් ගත කරමින් පවතී නම් අශුභපල ගෙනදිය හැකිය.

සුඛ දිනය - බ්‍රහස්පතින්දා, සුඛ වර්ණය - නිල්, ජය අංකය - 08

 

 

 

 

 

 

මිථුන

කීර්තිය වාසනාව උදාවෙයි

අනුන්ට උදවු උපකාර කිරීමට සිදුවේ. හිතවතුන්ගේ වැඩට මහන්සි වෙයි. අසනීප ගැන නොබලා වැඩකටයුතු කිරීම නිසා ශරීර සනීපය නම් දුර්වල වීමට හැකිය. ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුය. සතුරු කරදර නැතිවෙන අතර මහන්සියෙන් වැඩ කර මුදල් උපයා ගැනීමට හැකිවේ. මෙම කාලයේ තමාට විවේකයක් නම් නොලැබෙනු ඇත. ලෙඩුන් බලා ගැනීමට හෝ ඔවුන් හමුවීමට යෑමට සිදුවේ. ඇඳුම් පැලඳුම්, කෑමබීම සහ කුඩා තිරිසන් සතුන් ලැබෙන්නට පුළුවන. පසුගිය සතියේ සිදු වූ ගුරු මාරුව ඔබට සුබපල ලබාදීමට හේතු වේ. පවුලේ අය සමග දුර බැහැර ගමන් හෝ වන්දනා ගමන් යෑමට සිදුවේ. මංගල යෝග උදාවේ. ගෙදරදොර සමාදානය, ප්‍රීතිය, වාසනාව ඇතිවෙයි. රැකී රක්ෂා පිළිබඳවත් තම නම්බුව, කීර්තිය පිළිබඳවත් වාසනාව හිමි විය හැකියි. ඉගෙනීමෙන් උසස් වේ. මවුපියන්ගේ ගතිගුණ ඉතා යහපත්වේ.

සුබ දිනය - සිකුරාදා, සුබ වර්ණය - විසිතුරු, ජය අංකය - 06

 

 

කටක

ආදර බැඳීම් ඇති වෙයි

මිශ්‍රපල සහිත සතියකි. පසුගිය සතියේ සිදු වූ බුධ මාරුව ඔබට සුබපල ලබාදීමට හේතුවේ. තමාගේ සහ සහෝදරයන්ගේ ඉගෙනීම් කටයුතු දියුණු වේ. ප්‍රීතිමත් විනෝදදායක ගමන් යැමට ලැබේ. පවුලේ අයගේ සැනසීමත්, බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි පදිංචිය පිළිබඳ වෙනස් වීමක්ද සිදු වේ. උගත්කමින් හා තම දක්ෂතාවයෙන් කටයුතු කිරීමට හැකිවේ. සහෝදරියකුගේ හෝ සහෝදරයකුගේ ආදර බැඳීමක් ඇති වීමට හැකි අතර ප්‍රේම සබඳතා හොඳින් කරගෙන යෑමට ද හැකි වේ. නමුත් ඒ සම්බන්ධ සිත් රිදවීම් නිතර ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. මෙම කාලයේ දරුවන්ගේ හිතුවක්කාර ගති වැඩිවේ. දරුවන්ගෙන් ඈත් වීමක් ද සිදු විට හැකිය. පින්දහම් කටයුතු වල යෙදීමෙන් අශුභපල අඩුකර ගැනීමට හැකිය.

සුඛ දිනය - බ්‍රහස්පතින්දා, සුඛ වර්ණය - සුදු, ජය අංකය - 09

 

 

සිංහ

දේපළ හා රැකීරක්ෂා දියුණු වෙයි

සුබපල සහිත සතියකි. බලාපොරොත්තු අදහස් ඉෂ්ට වෙයි. ගෙවල් ඉඩම් වැඩවලින්ද ගොවිතැන්වලින්ද ආදායම ලැබේ. නිවෙසේ සිට කරන රැකියා දියුණුවට පත් වේ. ගෙදරට හිතමිත්‍රයන් පැමිණෙන කාලයකි. දේපළ දියුණු වෙයි. මවුපිය - වැඩිහිටියන් සමග හිතවත්භාවය, කරුණා, මෛත්‍රිය ඇතිවේ. ඒ අයගෙන් උදවු උපකාර ලැබේ. ගෙදර සමාදානය සතුට ඇති වීමත් නිවෙසට අවශ්‍ය වටිනා බඩු බාහිරාදිය ලැබීමද සිදුවේ. ශරීර සැප පහසුව සඳහා වියදම් කරන කාලයකි. දරු ශිෂ්‍යයන් සිටිත්නම් ඔවුන් සමග සතුටින් කාලය ගෙවීමටත් ඔවුන් සමඟ කෙටි විනෝද ගමන් යෑමටද හැකි වේ. මංගල යෝග උදාවන කාලයකි. ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකි වේ. රාගාධික කාලයකි. උපතේදී සඳු හෝ රවි යන ග්‍රහයකු 7 වැන්නේ තැම්පත් වී ඇති නම් කරදර, සිත් තැවුල් නිතර ඇතිවේ. ව්‍යාපාර කටයුතු, හවුලේ කරන කටයුතු අසාර්ථක වේ. උදරය සම්බන්ධ අසනීප ඇති වීමටද හැකිය.

සුබ දිනය - අඟහරුවාදා, සුඛ වර්ණය - රතු, ජය අංකය - 05

 

 

කන්‍යා

ලියකියවිලි වැඩට සුඛයි

අසල්වැසියන්ගෙන්ද පවුලේ අයගෙන්ද ගරු සැලකිලි ලැබේ. සහෝදරයන්ගේ දියුණුවද රැකී රක්ෂා පිළිබඳ සුබ බලාපොරොත්තු ඉෂ්ට වීමද සිදුවේ. පසුගිය සතියේ සිදු වූ බුධ මාරුව ඔබට සුබපල ළඟාකර දෙනු ඇත. රැකී රක්ෂා කටයුතු සඳහා ලියකියවිලි ලිවීමටද ඒ සඳහා ගමන් යෑමටද සිදු වේ. ලියකියවිලි වැඩ සඳහා සුබ කාලයකි. අසල් වැසියන්ගේ කටයුතු වලට සෑමද සහෝදරයන් ළඟට යාමටද සිදුවේ. බුද්ධිමත්භාවය වැඩි වේ. පසුගිය සතියේ සිදු වූ ගුරු මාරුව ඔබට තරමක් සිත් පීඩා හා පසුතැවීම් ඇති කිරීමට හේතුවේ. පවුලේ කෙනෙකුට අසනීපයක් වැලදෙන්නට පුළුවන. ගෙදර වාසය කරදර සහිත වේ. දේපළ පිළිබඳ හා පවුලේ අය පිළිබඳව කරදර මතු වීමට ද හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. නින්දට බාධා ඇති වීම නිසාත් සිතට මහන්සියක් දැනේ. තම ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට අසනීප මතු වීමට හැකිය. අවශ්‍ය සුඛ පිළිවෙත් සිදු කරගන්න.

සුඛ දිනය - බ්‍රහස්පතින්දා, සුඛ වර්ණය - කොළ, ජය අංකය - 05

 

 

තුලා

ආගමික කටයුතුවලට යහපත්

සුබපල සහිත සතියකි. උගත්කමින් ප්‍රයෝජන ලැබේ. පිට පළාත්වලින්ද පිට අයගෙන්ද භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ නයන්ගෙන් උදවු උපකාර ලැබීමට හැකිය. මුදල් ලාභ හා දේපළ ලාභ ලැබීමට මෙන්ම ආගමික කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ආධාර උපකාරද ලැබෙන කාලයකි. පසුගිය සතියේ සිදු වූ ගුරු මාරුව ඔබට සුබපල ලබා දෙනු ඇත. තමාගේ කුසල් ශක්තිය ඉස්මතු වේ. සහෝදරයන්ගේ හා තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටද උගත්කමින් ප්‍රයෝජන ගැනීමටද හැකිවේ. පවුලේ අයගේ දියුණුව උදෙසා වියදම් වේ. උපතේදී සඳු ග්‍රහයා 4,5 හෝ 8 යන භාවයක තැම්පත් නම් සුපල අඩුවේ. කරන කියන කටයුතු වලට හිරිහැර බාධක මතුවනු ඇත. රාහුගේ හෝ කේතුගේ දශාවන් ගත කරන අයද ප්‍රවේශම් විය යුතුය. සතුටු සිතින් පින්දහම් කටයුතු වලට සහභාගි වීමෙන් අශුභපල අඩුකර ගත හැකිවේ.

සුබ දිනය - අඟහරුවාදා, සුබ වර්ණය - සුදු, ජය අංකය - 06

 

 

වෘශ්චික

ඉගෙනීම් කටයුතු සාර්ථක වෙයි

ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉටුකර ගත හැකි සතියකි. පසුගිය සතියෙහි සිදූ වූ ගුරු බුධ මාරුව ඔබට සුබපල ලබාදේ. හිතවත් මිත්‍රයන්ගේ ආශ්‍රයද මිත්‍රයන්ගේ උපකාරද බලාපොරොත්තු අදහස් ඉෂ්ට වීමද මිල මුදල් අතින් යහපත් වීම, ආදී සුබපල ඇති කරයි. රැකීරක්ෂා හා ව්‍යාපාර සම්බන්ධ කටයුතු සාර්ථක වේ. දෙවැන්නාධිපති වන ගුරු ග්‍රහයා 4 වැන්නට පැමිණීමත් වඩා සුඛපල ලබාදීමට හේතු වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කර වැඩ කිරීමෙන් දියුණුව ඇති වේ. ඉගෙනීම් සම්බන්ධ කටයුතු වලින් සාර්ථක ප්‍රතිලාභ ලැබේ. විභාග වලින් සමත්වේ. අනුන්ට සංග්‍රහ කිරීමට සිදුවේ. ආදර සම්බන්ධතා ඇති වන අතර ඒ සඳහා වියදම් කිරීමටද සිදුවේ. නවීන තාලයට හැඩ ගැසෙන්නට සිතෙන කාලයකි. උපතේදී සඳු හෝ රවි යන ග්‍රහයන් 3, 4 හෝ 7 වැන්නේ තැම්පත් නම් සුබපල අඩු කරයි. නිතර නිතර කරදර ඇති වේ. එම ග්‍රහ පිහිටීම ඇති අය ප්‍රවේශම්ව කටයුතු කළ යුතුවේ.

සුඛ දිනය - බ්‍රහස්පතින්දා, සුඛ වර්ණය - රතු ජය අංකය - 01

 

 

 

 

ධනු

සිතට සැනසිලිදායක කාලයකි

ධනවත් වීමට මිල මුදල් රැස් කිරීමට උත්සාහ කරයි. මිල මුදල් ලාභ වටිනා කියන දේ සම්බන්ධ ලාභ ලැබේ. ගෙදරට වටිනා බඩු මිලට ගැනීමට හැකිවන අතර තම පවුලේ දියුණුවද ඇතිවේ. ධනවතුන් ආශ්‍රයට ලැබේ. මුදල් තිබෙන තැන්වලට යෑමට සිදු වේ. ඉගෙනීම් කටයුතු දියුණුවේ. උසස් ලෙස ප්‍රසිද්ධ ලෙස කටයුතු කිරීමට ලැබේ. සතුරු කරදර අවසන්වේ. පසුගිය කාලය පුරාවටම පැවැති සිත් රිදවීමක් අවසන් වනු ඇත. සිතට ලොකු සහනයක් ලැබෙන කාලයකි. පරම්පරා ගත දේපළ උරුම වේ. රාහු, කේතු හෝ රවි යන ග්‍රහයකුගේ දසාවක් ගත කරයි නම් සුබපල අඩු වී යනු ඇත. තවද උපතේදී සඳු 2 වැන්න හෝ 3 වැන්නේ තැම්පත් නම් එම අයටද තරමක කරදර බාධක, අසනීප, මුදල් සම්බන්ධ කරදර ඇති කරයි. 7 අධිපති බුධ ග්‍රහයා 12 වැන්නට පැමිණීමත් සමඟ ආදර සම්බන්ධතා පිළිබඳ රැවටීම්වලට හසු වීමට ඉඩකඩ පවතින කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ.

සුබ දිනය - බදාදා, සුබ වර්ණය - කහ, ජය අංකය - 05

 

 

මකර

ගරු සැලකිලි නම්බුනාම ලැබෙයි

ගෞරවයද සැලකිලිද නම්බුවද වැඩි වැඩියෙන් ලැබෙන කාලයකි. අලුත් උසස් තත්ත්වයකට පැමිණේ. වෙළහෙළෙඳ කටයුතු කරන අයගේ වැඩිදියුණුව ඇතිවේ. රවි ලග්නයෙන් 11 වැන්නටත් ගුරු ලග්නයෙන් 2 වැන්නට පැමිණීමත් ඔබට සුබපල ලබාදීමට හේතුවේ. රජයේ රැකියාවල නියුක්ත අයට මෙන්ම අනෙකුත් රැකියාවල නියුක්ත අයටද වැඩිපුර ගරු සැලකිලිද නම්බුවද තනතුර වලින් උසස් වීමද ලැබෙනු ඇත. ටික ටික ලැබෙන මුදල් එකවර ලැබෙන්නට ඉඩ තිබේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන අයට වඩා සුබ කාලයකි. ශරීර සනීපය යහපත් වේ. ගෙදරදොර සැප පහසුව වාසනාව මතුවන අතර දියුණුවට මග විවර වේ. විශේෂයෙන්ම හිත මිත්‍රයන්ගෙන් ආධාර උපකාර ලැබෙනු ඇත. යෝග කාරක ග්‍රහයකුගේ දසාවක්ද මෙම කාලයේ ගත කරමින් පවතින අයට ඉතාමත් වාසනාවන්ත කාලයකි. උපතේදී සඳු හෝ රවි 2 වැන්න හෝ 5 වැන්නේ තැම්පත් නම් සුඛපල අඩු වී අනවශ්‍ය කරදර, සිත් පීඩා, මුදල් ගැටලු ඇති කරයි.

සුබ දිනය - සිකුරාදා, සුබ වර්ණය - නිල්, ජය අංකය - 9

 

 

කුම්භ

රැකීරක්ෂා උසස්වීම්

ශරීර සෞඛ්‍ය යහපත්වේ. තම වචනයේ බලය පෙන්වීමට ඉඩ ලැබෙන අතර සතුරන්ගෙන් ඇතිව තිබූ කරදර සහ විපත්වලින් නිදහසත් සැනසීමත් ලැබේ. ධනලාභ, මුදල් ලාභ ලැබීමටද හැකිය. නමුත් මෙම කාලයේ ඔබගේ සුබ කටයුතු කර ගැනීමට නිතරම බද්ධක මතුවනු ඇත. භාර්යාව සමග සතුටුසාමීචීව කාලය ගත කරන්නට ලැබේ. කරගෙන යන සියලු කටයුතු වලින්ද අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවලින්ද ලාභ ලැබීමටත් දියුණුව ඇතිවීමටත් හේතුවේ. ගුරු ලග්නයේද රවි 10 වැන්නේද ගමන් කරමින් පැවැතීම සුබපල ලබාදීමට හේතුවේ. උසස් අය නිතරම ඔබව සොයාගෙන පැමිණෙනු ඇත. රැකීරක්ෂාවලින් උසස්වීම් ලැබේ. උපතේදී සඳු 4 වැන්න, 12 වැන්න හෝ ලග්නයේ තැම්පත් නම් සුඛපල අඩු වීමට හැකිය. ලග්නාධිපති ශනි 12 වැන්නේ ගමන් කිරීමත් නිසා ඔබට සෙනසුරුගේ අපල කාලයක්ද පවතින බැවින් නිතරම පින්දහම් කටයුතු වල නිරත වීම වඩා සුඛ වේ.

සුබ දිනය - බ්‍රහස්පතින්දා, සුබ වර්ණය - රතු ජය අංකය - 09

 

මීන

විදෙස් ගමන් බිමන් සඳහා යහපත්ය

පසුගිය සතියේ සිදු වූ බුධ මාරුව ඔබට සුබපල ලබාදේ. ගෙදර ආගමික කටයුතු ඇති වේ. පවුලේ අය සමඟ වන්දනාදී දුර ගමන් යෑමට සිදු වේ. සමහර විට පවුලේ වැඩිහිටි කෙනෙකුට ගනක් යෙදෙන්නට පුළුවන. ශාස්ත්‍රීය කටයුතු කිරීමට සිදු වේ. උසස් අධ්‍යාපන කටයුතු කරන අයට සුබ කාලයකි. විදෙස් ගමන් යෑමටද විදෙස්ගතව සිටින අයටද මීන යහපත උදාවේ. රාත්‍රි ගමන් නිතරම ඇති කරයි. ලග්නාධිපති ගුරු පසුගිය සතියේ 12 වැන්නට පැමිණීමත් සමග රැකීරක්ෂා කටයුතු සම්බන්ධව කරදරද සතුරන් නිසා තම කටයුතු වලට බාධක පැමිණීමද සිදු විය හැකිය. දූදරුවන් සම්බන්ධ කරදරද මතු වීමට හැකිය. සමහර වැඩ කටයුතු සඳහා නිකරුණේ වියදම් කිරීමට සිදු වේ. වංචා ප්‍රයෝග නිසා විපත් සිදුවීමද දඬුවම් ලැබීමටද හැකිය. සුබ දසා කාලයක් ගත කරන අයට මෙම කාලයේ ඉහළ සුබපල ලැබීමටද හැකිය. මුදල් ගනුදෙනු වලින් සාර්ථක වේ. පවතින අශුභපල අඩු වීමට පින්දහම් කටයුතුවල නිරත වන්න.

සුබ දිනය - බ්‍රහස්පතින්දා, සුබ වර්ණය - කහ, ජය අංකය - 09

 

ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

ප්‍රසංග තිලකරත්න

 (30/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk