Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ ආදරය ඔබට හිමි වෙනවාද කේන්දරයෙන් බලාගමු

1 year ago 7 Min read
Subha.lk
පෙම් සබඳතා තුළින් විවාහ වන්නට ලැබෙනවා නම් එය වඩාත් සුබ වන්නේ කලක් ඇසුරු කිරීම තුළින් දෙදෙනා අතර ඇති වැරැදි හදාගෙන ඉදිරියට යෑමට හැකිවීම නිසාය. එහෙත් බොහෝ දෙනා අතර අද ඇත්තේ ගුප්ත සඟවා ගැනීම් නිසා ඔවුන් ඇසුරු කරන කාලයේදී පෙන්වන මවාපෑම් විවාහයෙන් පසු වෙනස් වේ. එය විවාහ වූ විට රුදුරු ගැටුම් බවට පත්වී විවාහය දෙදරා යන තත්ත්වයට පත්වන්නේය. එහෙත් ප්රේම සම්බන්ධතා පැවැත්වීමෙන් මතුපිටින් නොපෙනෙන දේ සොයා ගත හැකිවනු ඇත. 6,8,12 ස්ථානයක චන්ද්රයා සිටී නම් සිකුරුට පෙනේ නම් නිතරම ප්රේමවන්තයා හෝ ප්රේමවන්තිය පිළිබඳ සැක උපදවා ගනී. පෙම් සම්බන්ධතා 5 වැන්නෙන් පෙන්නුම් කරයි. 11 වැන්න තුළින්ද ඊට සමානව පෙන්නුම් කරයි. 1, 5, 9 යන ස්ථානවල රවි, චන්ද්ර සිටී නම් එවන් අය බුද්ධිමතුන්ය. බොළඳ නොවේ. තීරණ ගැනීමේදී බොහෝ දුරට සිතා බලයි. බ්රහස්පතිද, රවිද නවවැන්නේ සිටින අය බොහොම ඉවසීමෙන් කටයුතු කරයි. තමා තුළ ඇති ආදරය පිටතට නොපෙන්වා ආදරය ඉදිරියට ගෙන යෑමට ඔවුන් සමත්වේ. හතර වැන්නේ ගුරු සිටින අයද දුර දිග සොයා ආදරය විවාහය දක්වා ගෙනයයි. 7 වැන්න අධිපති ග්රහයා 5 වැන්නේ නම් මතභේදවලින් තොරව පෙම් සබඳතා පවත්වනු ලබයි. සඳු, බුධ, කුජ යන ග්රහයන් පස්වැන්නේ නම් ළාබාල වියේදීම ප්රේම සබඳතා පවත්වාගනු ලබයි. පස්වැන්න මීන වී එහි සිකුරු සිටීමෙන්ද බලවත් ප්රේම සම්බන්ධතා ඇති වී එය විවාහය තෙක් පවත්වා ගෙන යනු ලබයි. පස්වැන්නේ සෙනසුරු සිටින අයට වැඩි කලක් ප්රේම සම්බන්ධතා පැවැත්විය නොහැකිය. 5, 9 යන තැනක පාපයන් සිටින විට නොයෙක් ක්රම යොදාගෙන පෙම් සබඳතා පවත්වා ගනු ලබයි. කුජ 1, 2, 4, 7, 8, 12 සිටින අයට එවන් ග්රහ පිහිටීම් ඇති අය හා පෙම් සබඳතා වීමෙන් විවාහය තෙක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. ශනි මංගල දෝෂ ඇති අය එවන් දෝෂ ඇති අය හා සම්බන්ධවීමෙන් එය ප්රේම සබඳතා පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. ජීවිතය පුරා විවාහය දීර්ඝ කාලීනව රැගෙන යෑමට හැකි නම් එය මතු භවයටද සුබවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk