Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසේ පුංචි පුංචි දෝෂවලට කලබල නොවන්න. ගුණ පැත්ත වැඩි නම් දෝෂ ඇති නොවේ..

1 year ago 7 Min read
Subha.lk
පුරාණ වාස්තු විද්යා උපදෙස් අනුව නිවෙසක් ඉදිකරන විට පළමුව එම භූමස්ථානයේ ගස් කැපීමට, ගෙපළ කැපීමට, මංගල කූඤ්ඤය සිටුවා නූල ඇදීමට, අත්තිවාරම කැපීමට, මුල්ගල තැබීමට, බිත්ති නැංවීමට, උළුවහු තැබීමට, පැනීමට, යටලී තලාඳ තැබීමට ගෘහාධිපතිගේ පතිනියගේ දූ දරුවන්ගේ සියලුම කේන්දර පරික්ෂා කර ඒවාට ගැළපෙන සුබ නැකැත් අනුව කළයුතු බවයි. වඩු කාර්මිකයාගේ පවුලේ එක එකාගේ හා වෙනත් පුද්ගලයන්ගේ අදහස් අනුව ලක්ෂණ හැඩතල දිග, පළල ආදිය වෙනස්කර සැකසීමෙන් මර දෝෂ, මූසල දෝෂ ඇති වී පවුලේ සතුට සමඟිය බිඳ වැටීම, නිරෝගීකම, ධන සම්පත් නොලැබී අන්ත අසරණ තත්ත්වයට පත්වන බවත් ඔත්පළ වීම්, අකල් මරණවලටද ගොදුරුවන බව ඔබ දැනගැනීම වැදගත් වේ. මරණ දෝෂයන් හැර වෙනත් සුළු දෝෂයන් ගැන නොසිතන්න. ඒ ගැන විශ්වකර්ම සෘෂිවරයා මෙසේ පවසා ඇත. "අල්ප දෝෂ ගුණාධික්යය: - දෝෂායන භවිගෘහ: ම්” කියා, මෙහි තේරුම පුංචි පුංචි දෝෂ තිබුණට කලබල නොවිය යුතු බවත් ගුණපැත්ත වැඩිනම් දෝෂ හට නොගන්නා බවයි. එනිසා නිවෙසට පැමිණෙන විවිධ පුද්ගලයන්ගේ මිථ්යා මතයන් අනුව, කියන උපදෙස් අනුව ඔබේ මනස දුර්වල කරගෙන සිත සිතා කඩාදැමීම නොකර වාස්තු විද්යාව හා ජ්යොතිෂයද හරිහැටි දන්නා අයකුගේ උපදෙස් මත සකසාගන්න නැතිනම් ඔබ මියයන තුරාම මානසික රෝගියකු වේ. ඔබගේ නිවෙසේ වහලයේ දෝෂයක් ඇත්නම් කොහොඹ, මී, දඹ, සඳුන් ලීයෙන් ඇණ තුනක් බිත්ති යටලී වලට සවිකිරීමෙන් දෝෂභංග කරගත හැකිය. තට්ටු නිවෙසක් නම් උඩුමහලට නැඟීමට ඇති පඩිගණන ඔතුගානක් විය යුතුයි. එය නිරිත, ඊශානය, බ්රහ්ම පාදය මත ඉදිකළොත් එය දෝෂයි. එසේ ඇත්නම් එය කඩා නොදමා අත්වැල ජන්ම නැකැතට සංවේදී දැව ඇණ යෙදීමෙන් දෝෂ භංග කරගත හැකිය. පඩිපෙළට යටින් ලම්බකව උළුවහු දෝෂයි. ඉඩමක සම්පත ජලයයි. එනිසා ජලය ලබාගන්නා ටැංකිය, ළිඳ, උතුර ඊශාන, නැඟෙනහිර, බස්නාහිර දිශාවන් ධන සම්පත් ලැබේ. ගිනිකොන, වයඹ, නිරිත අකල් මරණ ඔත්පොළවීම්, ශරීර අවයව කපාදැමීම් සුවනොවන රෝග, ධන විනාශය ඇතිවේ. එසේ ඇත්නම් ළිඳක් වසා දැමීම මහා පාපයක් නිසා ළිඳ නොවසා නිවැසියන්ට නොපෙනෙන ලෙස බැමි යෙදීමෙන් හා බෙලි, ඇට්ටේරියා, කොහොඹ, දේවරුක්ෂ සිටුවීමෙන් දෝෂ භංග කරගත හැකිය. ගෘහයක වාස්තු දෝෂ දෙකොටසකි. 1. භෞතිකව අපට පෙනෙන දෝෂ 2. භෞතිකව අපට නොපෙනෙන දෝෂ වෙයි. භෞතික දෝෂ සකසා ගත්තත් පරි භෞතික දෝෂ ඉවත් කර ගැනීමට වාස්තු පූජාව, විශ්වකර්ම පුජා ආදී ප්රතිකර්මවලින් යහපත උදාකර ගත හැකිය. ඉහත කරුණු අනුව ඔබේ නිවෙසත් තමාට, දූ දරුවන්ට සුවය දෙන ජීවත්වීම සඳහා ධන සම්පත් ලැබෙන ලෙස ඉදිකරගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk