Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දේවාශිර්වාදය සහ ධන සම්පත් උදාකරන එකැස් පොල් ගෙඩියේ ගුරුකම…

1 year ago 7 Min read
Subha.lk
වාලම්පුරිය, බෙලි පිලලය ශ්රී ලක්ෂ්මී දේවියගේ ආශීර්වාදය, ආකර්ෂණය, ධන සම්පත් හා සමෘද්ධිය සෞභාග්යය උදාකර දෙන ශුද්ධ පූජනීය වූ වස්තූන්ය. මනුෂ්ය ලෝකයේ කල්ප වෘක්ෂය ලෙස හඳුන් වනුයේ පොල් ගසය. එම පොල් ගසෙන් වැටෙන එක්තරා විස්මිත බලයක් ඇති ශිව දෙවිඳුගේ සහ ශ්රී ලක්ෂ්මි දෙවඟනගේ ආකර්ෂණය හා ආශීර්වාදය හිමි වන විශේෂ දුර්ලභ පොල් ගෙඩියක් ඇත. එදිනෙදා අප ජීවිතයේ ආහාර රසවත් කර ගැනීම සඳහා ද දේවාල, කෝවිල්වල පුද පූජා සඳහා ද පොල් භාවිත කරයි. දේව දානයට, කිරි ඉතිර වීමට ද පොල් යොදා ගන්නා අතර සෙත් ශාන්ති මෙන්ම පලි දැරීමටද ඔබ කොතරම් පොල් බිඳ ඇද්ද එම පොල් අතර මෙම විස්මිත පොල් ගෙඩිය තිබෙන්නට ඇත. නමුත් එය ඔබට සොයා ගැනීමට නොහැකි වන්නේ පොල් ගෙඩියේ පිටුපස ඇති මුඩ්ඩ නිසාය. පොල් බිඳින විට දේවාලයේදී හෝ කෝවිලේදී මුඩ්ඩ ගලවන්නේ නැත. සාමාන්යයෙන් පොල් ගෙඩියේ නෙත් තුනක් පිහිටා ඇත. එම කොටසට ගෘහණියන් ගෑනු පැත්ත ලෙස හඳුන්වයි. නෙත් දෙකක් තිබෙන පොල් ද කලාතුරකින් හමුවේ. නමුත් නෙත් එකක් ඇති එකැස් පොල් ගෙඩියක් හමුවන්නේ ඉතාමත් කලාතුරකින්ය. මෙය එතරම්ම දුර්ලභය. එකැස් පොල් ගෙඩියක් හමුවන්නේ ලක්ෂ ගණනක් පොල් ගෙඩි අතරින්ය. මෙවැනි පොල් ගෙඩියක් සොයා ගැනීමට ඔබට හැකි නම් එය ඉතා වාසනාවකි. වෙළෙඳපොළට පොල් ලොරි ගණන් ගෙන ආවත් එය අලෙවි වන්නේ මුඩ්ඩ සහිතවය. ගැනුම්කරුවන් හා ව්යාපාරිකයන් පොල් මුඩ්ඩ රහිතව පොල් මිලදී ගැනීමට අකැමැතිය. දේවාලයේදී හා කෝවිලේදී පොල් බිඳින්නේ මුඩ්ඩ සහිතවය. එම නිසා මෙවැනි එකැස් පොල් ගෙඩියක් සොයා ගැනීම අපහසුය. එකැස් පොල් ගෙඩියේ හිමිකරු ඊශ්වර දෙවිඳු බව පැවැසේ. ඊශ්වර දෙවිඳු ශිව නමින්ද හඳුන්වනු ලබන අතර ගණ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ පියාද වේ. ශිව දෙවිඳුගේ බිරිය පාර්වතී දෙවඟනයි. ඇය ගෞර් යන්නෙන්ද හඳුන්වනු ලබයි. ශ්රී ලක්ෂ්මි දෙවඟනද මෙම එකැස් පොල් ගෙඩියට ප්රිය කරන බවද පැවැසේ. එම නිසාම එකැස් පොල් ගෙඩියක් තිබෙන ස්ථානයට ශිව, පාර්වතී, කතරගම, ගණ දෙව්දු සහ ලක්ෂ්මි දෙවඟනගේ ආශීර්වාදය හා ආකර්ෂණය නොඅඩුව ලැබෙනු ඇත. ශිව දෙවිඳුගේ තෙවැනි ඇස ඉතා බලවත්වය. මෙම තෙවැනි ඇස පිහිටා ඇත්තේ ශිව දෙවිඳුගේ නළල මතය. එම නිසාම ශිව දෙව්දුව ත්රි නේත්රධාර් ලෙස හඳුන්වනු ලබයි. එම තුන් නෙත විවර කරනු ලබන්නේ සුවිශේෂී අවස්ථාවකදී පමණක් බව පැවැසේ. ශිව දෙවිඳුව විනාශ කිරීමට පැමිණි බස්මා සුරයාව දවා අළු කළේද මෙම තුන් නෙතින්ය. ඒ වගේම අනංගයාව දවා අළුකර විෂණු දෙව්දුව බේර ගත්තේද මෙම තෙවැනි ඇසේ බලයෙනි. මෙම සුවිශේෂ අංස සංකේතවත් කරන එකැස් පොල් ගෙඩිය ජීවම් කර ප්රාන සිද්ධ, පුට, පලිප්පු මන්ත්ර බල ගන්වා ගත යුත්තේ නම් දීපාවලී දිනයේය. එයට හිමි ඊශ්වර පුද පූජා පවත්වා අදාළ ස්තෝත්ර කියමින් බලවත් කරගත යුතුය. මෙම එකැස් පොල් ගෙඩිය සිතූ පැතූ සම්පත් ගෙන දෙන්නක් බව පැරැන්නන්ගේ මතයයි. සතුරු බල බිඳලීම, සමෘද්ධි, ධන සම්පත් ලැබීම, රැකියාවේ සහ ව්යාපාරයේ දියුණුව, නිරෝගී සුවය ආදී බොහෝ කරුණු කාරණා සඳහා එකැස් පොල් ගෙඩිය යහපත් වේ. එකැස් පොල් ගෙඩිය ඇති නිවෙසටද යහපතක් මෙන්ම දේව ආශීර්වාදය උදාවේ. විෂ්ණු දෙවිඳු කිරි සයුර කලඹා සොයාගත් බව පැවැසෙන ධන සම්පත් උදාකරන වාලම්පුරිය සොයා ගැනීමට පහසු වුවද එකැස් පොල් ගෙඩියක් සොයා ගැනීම එතරම් පහසු නොවේ. නමුත් එවැනි එකැස් පොල් ගෙඩියක් සොයා ගැනීමට හැකි නම් ඔබ සැබෑම වාසනාවන්තයෙකි. මෙම එකැස් පොල් ගෙඩිය දේව ආශීර්වාදය හිමිවන දෙවියන් සතු වස්තුවකි. මෙය ලඝු පොල් ලෙසද හදුන්වයි. එකැස් පොල් ගෙඩිය ජීවම් කිරීමට මන්ත්ර - “ඕ හෝ ගංගා ධාරණී ත්රී ශුල කපාල ජටාල ධාරණී හොං කාර ගනේ උරගා භරන උමයා සහිතා සිංහාසනේ කෛලාසනේ ප්රතිසංහාරනේ ධවලී ධර ධර ධමලික මකුටං නවමිණි කිරණං විභූසිත මං ටං ධමරුක පසු පති මනගජ හස්තං හරහර සිවායේ පාද නමස්සේ හරෝ හරා “ (1008 වර) එකැස් පොල් ගෙඩියේ ජීවම් මන්ත්ර (2) - “කිං කොං හිංහැං ධනං මම දේහි දේහි ස්වාහා: ”- (10,000 වාරයයි) ශිව ධනදා ස්තෝත්රය - ”නමඃ සර්ව ස්වරුපේච - නමඃ කල්යාණ දායිකේ - මහා සම්පත් ප්රදේ දේවී ධනදායෙයි නමෝස්තුතේ - මාහා භෝග ප්රදේදේවී - මහා කාමප්රපුරිතේ ශුක මෝක්ෂ ප්රදේදේවී - ධනදායෙයි නමෝස්තුතේ - බ්රහ්මරූපේ සදා නන්දේ - සදා නන්ද ස්වරූපිනී - ධ්රැත සිද්ධි ප්රදේ දේවී - ධනදායෙයි නමෝස්තුතේ - උත් සූර්ය - ප්රකාශාහේ - උද්යා ආදිත්ය මංඩලේ - ශිව තත්ත්ව ප්රදේ දේවී - ධනදායෙයි නමෝස්තුතේ -විෂ්ණු රූපේ විශ්ව මතේ - විශ්ව පාලන කාර්මී - මහා සත්ව ගුණ ක්රාන්තේ - ධනදායෙයි නමෝස්තුතේ - ශිව රූපේ ශිවානන් දේ - කාරනා නන්ද විග්රතේ විශ්ව සංහාර රූපේච - ධනදායෙයි නමෝස්තුතේ පංච තත්ත්ව ස්වරූපේව - පංචාචාර සදාරතේ -සාධකා හිෂ්ටදා දේවී ධනදායෙයි නමෝස්තුතේ....” (අටෝ රාශියක් 108 වර මතුරනු) ගව මස්, ඌරු මස් කෑම සදහටම නතර කළ යුතුයි. මෙම ස්තෝත්රය ධන උල්පතකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk