Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කරපු පින් පව් පෙන්වන කේන්දරය

1 year ago 7 Min read
Subha.lk
සිංහල බෞද්ධ, දමිළ හින්දු භක්තිකයන් සියලුදෙනා දරුවකුගේ උපතේ සිට වැදගත් අවස්ථාවන්වලදී සියලු කටයුතුවලදී කේන්දර බැලීම ඒ අනුව සුබ නැකැත් ගැනීමට හා අපල ගතවන කාලයට ඒ සඳහා ආගමික කටයුතුවල නිරත වීම සිරිතක් කොට තිබුණ අතර අද වනවිට ඉස්ලාම් හා කිතුනු බැතිමතුන් අතරද කේන්දරය පිළිබඳ විශ්වාසයන් ගොඩනැඟී ඇති බව පෙනෙන්නට තිබේ. එයට හේතු වන්නේද කර්මය හා කර්මපලයයි. උපත ලබන විට එක් අයෙක් ධනවත් පවුලක ඉපිද සියලු සැප සම්පත් ලබමින් ජීවත්වන අතර තවත් අයෙක් ඉතා දුගී අතු පැලක ඉපිද ජීවිතය පුරාම කුසගින්නට හරි හැටි ආහාරවත් නොලැබ දුක් විඳිමින් ජීවිතය ගෙවයි. මෙලෙස වන්නට හේතුව වන්නේ පෙර ආත්මවල කරන ලද කුසල් - අකුසල් අනුව දන්දීම් ආදී කටයුතු නොකළ නිසා මෙලෙස දුක් විඳින්නට සිදු වූ නිසයි. දැන් දුන් අය ධනවත්ව ඉපිද සැප සම්පත් විඳිමින් ජීවිතය ගෙවාගෙන යනු ඇත. බොහෝ සැප සම්පත් හිමි වුවත් විවාහයක් හරි නොයන, ජීවිතය පුරාම තනිකඩව වසන්ට සිදුවන්නේ ඉහත ආත්මවලදී විවාහ සම්බන්ධ කරගෙන ඇති පාපකර්ම නිසයි. පවුල් කඩා ඉහිරවීම්, අසම්මත විවාහ ඇසුර වැනි ක්රියාවන් ඒ සඳහා මුල්වනු ඇත. නිතර තමාගේ ධනය හොරුන් විසින් පැහැරගැනීම්වලට ලක්වීමට සිදුවන්නේ තමාද පෙර භවයේ අන් අයගේ ධනය, දේපළ හොරකම් කිරීමට පෙලඹී ඇති නිසාය. මෙවන් සියලු පාප දෙයට මුල්වන්නේ පාප කර්මයන්, පෙර කරන ලද අකුසල කර්ම නිසාය, ජීවිතය පටන් ගත් දින සිට මියයන මොහොත දක්වාම දුක් විඳිමින් දිවී ගෙවන අය කොතෙකුත් සිටීද? කේන්දර සටහන තුළ ඇති ප්රධාන ග්රහයන් නවදෙනා අතරින් ඉඳහිට කෙනෙකුගේ පමණක් ග්රහයන් 9 දෙනාම උච්චව ස්වක්ෂේත්රව සිටිනු ඇත. එම ග්රහ පිහිටීම එම තැනැත්තා පෙර ආත්මවලදී කරන ලද කුසල කර්ම බලවත් බව පෙන්වයි. එයම ජීවිතයට සැප සම්පත් ලබාදීමට හේතුවනු ඇත. ග්රහයන් අතරින් සෙනසුරු බලවත්ව පිහිටා ඇත්නම් එම පිහිටීමද ඉතාමත් හොඳ පිහිටීමකි. දුකට අධිපති සෙනසුරු බලවත් වීම ජීවිතයකට ධෛර්ය, ශක්තිය ලබා දෙනවා මෙන්ම සියලු දෙයින් ජයගත හැකි බවක්ද ඇති කරයි. එම පිහිටීම දුක්විඳින ජනතාව වෙනුවෙන් උදවු උපකාර කළ පිනෙන් ලද ග්රහ පිහිටීමකි. එය දේශපාලන ලෝකයේද ඉහළ බලයකට යෑමට උපකාරී වේ. ඒ සඳහා රවි ග්රහයාගේ බලවත් වීමදී බලපායි. ජීවිතය පුරා ගතවන හැම තප්පරයක්ම තමා අතින් අකුසල් සිදු නොවන්නට වගබලා ගතහොත් ඉදිරි ආත්මවලදීත් කුසල් මැද සැප සම්පතින් පිර් නිරෝගී ජීවිතයත් ගත කිරීමට ඉවහල් වනු ඇත. කෙනෙකු උදවු උපකාර නොඉල්ලා උදවු ලැබිය යුතු තත්ත්වයේ අයට උදවු කිරීම තුළින් විපරිත ධනයෝග උදාකරගත හැකිය. එවන් ධනයෝග තුළින් ජීවිතය සමෘද්ධිමත් කරගැනීමට හැකිවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk