Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආරක්ෂාවට ශරීර කාවල් බන්ධනය

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය - “ඕ අල්ලංකාල් රෙන්ඩුම් භූමාදේවී කාවල් මුලං කාල් රෙන්ඩුම් මුක්කෝනර් කාවල් තුඩෙයි රෙන්ඩුම් තුර්කෙයි කාවල් අරෙයි ආදී සිවන් කාවල් වයරු වෛරාවන් කාවල් මාර්තු මාර්කල්ඩන් කාවල් කල්ලුත්තු කන්දර් කාවල් උදඩු උත්තමා දේවී කාවල් පල්ලු පරසුරාවන් කාවල් නවු නාරායනන් කාවල් කන්නු රෙන්ඩුක්කුම් කාලිං රායන් කාවල් නෙත්තික්කු නීල වනන් කාවල් තලෙයික්කු තම්බිරානේ කාවල් උඩම්බු සුටීම් ලුං සං කුං සක්කුරම් කාවල් එන්නෙයින් කාර්කා මිට්ටාල් එන් කට්ටල්ල ඉලු ඊශ්වරන් කට්ටු එන්නෙයික්කාරකනම සිවායං.” ක්රමය - ලී පුටුවක් ගෙන කහ දියරයෙන් සෝදා පිරිසුදු කර කෙසෙල් කොළයක් එළා ඒ මත පුවක් මල් අතුරා, හඳුන්කූරු, කපුරු, බුලත් කොළ 7. පඬුරු කාසි 7, මල් වර්ග 7, විලඳ, සාම්බාණි, පොල් තෙල් පහන් 2ක් පුදට තබා නොඉඳුල්ව සිඳගත් රන් තැඹිලි තෙල් 1108 වාරයක් මතුරා රන්, රිදී, පස්ලෝ සුරයකදා ගෙල පලඳිනු. තදබල ශරීර ආරක්ෂාවකි. සුදු හඳුන් තෙල් මතුරා ගෙල පැලඳවීමද යහපත් වේ. අංගං පිල්ලි. වින දෝෂ, දිවගුරු බැඳීම්, කලවා බන්ධන නොවදී. නිවාස ආරක්ෂාවට මුහුදු වැලි. එළ අබ 108 වර මතුරා නිවෙසට ඉසීමෙන් ආරක්ෂාව ඇති වේ. සුවඳ කුඩු හා සාම්බාවලට 108 වර මතුරා උදේ සවස නිවෙසට, ව්යාපාරයට, වාහනවලට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ, දෝෂ, ප්රේත දෝෂ, භූමිදෝෂ දුරුවෙනු ඇත. නොපෑගුණු තිරිවාන ගල් 8ක් ගෙන සඳුන් කිරි පැන්වලින් සෝදා 336 වාරයක් මතුරා නිවෙස 8 කොනවල දමනු. යක්ෂ, ප්රේත, භූතයන් වැට නොපනී. තදබල ආරක්ෂාවකි. රන්, රිදී, තඹ, පස්ලෝවලින් සාදන ලද කුඩා ත්රිශුල 4ක් ගෙන 151 වාරයක් මතුරා නිවෙසේ 4 කොන සවි කරනු. අනවින, කොඩින නොවදී. දකුණේ ඇදුරන් රහසිගතව භාවිත කළ මෙම මන්ත්රය ද්රවිඩ භාෂාව ඇතුළත් කරන ලද මන්ත්රයකි. "වට නොදෙනු" යනුවෙන් අවසානයේ ලියා ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk