Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබටම සාදා ගන්න පුළුවන් ගොවිතැන සරු කරන නැකැතක්

1 year ago 7 Min read
Subha.lk
අතීතයේ මෙන් කල්යල් බලා “ගොවිතැන් කරන්නට අපේ ගොවි මහතුන් නැවත වරක් පෙලඹී ඇත. විද්යාවත් තාක්ෂණයත් සමඟ ප්රතිබද්ධ වූ වර්තමාන කෘෂිකාර්මික ක්රමවේදයන් මිනිස් අවශ්යතාවන්ට සරිලන ගුණාත්මක අස්වැන්නක් ලබා දීමට තවමත් අපොහොසත් වී සිටින බව පෙනී යයි. අපි වසර ගණනාවක සිට සබන් දා අත සෝදා පිඟානෙන් වසවිස කන ජාතියක් වී සිටින්නෙමු. එවන් සමයක අපේ ජනතාව සාම්ප්රදායික කෘෂි ක්රමවේදයන් වෙත නැඹුරු වීම අගය කළ යුතුය. එසේම වර්තමාන කෘෂිකාර්මික භාවිතයන් කොතරම් දුරට සත්ත්ව ශරීරයට හානිකරදැයි සමස්ත ලෝකයම වටහා ගනිමින් සිටී. ලෝකය තුළ මේ වන විටත් පාරම්පරික ක්රමවේද ඔස්සේ වගාවේ සාධනීය ලක්ෂණ මතු කර ගැනීමට පර්යේෂණ දියත් වෙයි. එය එසේ වුවත් ශ්රී ලංකාවේ එවන් පර්යේෂණ සිදුවන්නේ අල්ප වශයෙනි. ගොවිතැනේ කාර්යය - ඕනෑම දිනක සුභ වේලාව----------- බීජ සිටුවීම - උදේ 6.22, වැඩ ඇල්ලීමට -උදේ 6.17, පොහොර හෝ ජලය යෙදීමට - උදේ 7.27, නව කන්නය ආරම්භ කිරීමට - උදේ 7.40, අස්වනු ඉඳුල් කිරීම හෝ අලෙවියට - සවස 2.40, අල වර්ග සිටුවීමට - සවස 4.28, අස්වනු නෙළීමට - සවස 5.06, ඕනෑම ගොවි වැඩක් ඇරඹීමට - සවස 5.20, එවන් පසුබිමක් මත සොබාදහමත් පරිසරයත් සමඟ ඒකාත්මික වූ අතීත ගොවිකම සතුව පැවැති දැනුම් සම්භාරය නැවත වරක් ආධි දයාද කිරීම අපගේ අරමුණයි. මෙය ඔබම පහසුවෙන් සාදාගත හැකි පැරණි, බලගතු නැකැත් වට්ටෝරුවකි. මෙම මුහුර්තයන් සඳහා සුබ අසුබ දින, රාශි, තිථි, නැකැත්, හෝරා ආදිය සැලකිල්ලට ගන්නේ නැත. ඒවායේ යම් දෝෂයක් පවතී නම් මේ නැකැත්වල බලයෙන් යටපත් වන බව කියැවේ. මෙම නැකැත් සියල්ල සාදා ඇත්තේ උදේ 6:00ට ඉර පායන සේ සලකාගෙනය.පංචාංග ලිතක් භාවිත කොට ඔබ යොදා ගන්නා දිනට නියමිත ඉර උදා වේලාව නැකැතට එකතු කර ගන්න. පුරාණ අත්දුටු නැකැතේ බල මහිමය අද දවසේ ඔබත් අත්විඳින්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk