Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල නොවැම්බර් 14 දින සිට නොවැම්බර් 20 දක්වා

1 year ago 7 Min read
Subha.lk
01.මේෂ - ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්රහයින් හා සඳු ග්රහයා මේ සතිය තූල ගමන් කරන විලාසය මත සසදා බලන විට ඔබ කරන කියන කටයුතු සඵලවන ප්රීතිමත් ගමන් බිමන් යෙදෙන සතියක් බවට පත්වේ. අධ්යාපනයේ හෝ ව්යාපාරවල නිතර වන ඔබට, ඔබ කලක් තිස්සේ සිතා සිටි අයුරින් ඒවායේ වෙනසකට අවස්ථාව උදාවේ. ඔබට යම් යම් මිලමුදල් ලාභ ලැබුණත්, ආදායම ද අඩුවක් නොවුණත් ලැබෙන මුදල් ඉතිරියක් නොවන අයුරින් වියදම් යෙදේ. ඒ නිසා ඔබ වියදම් සීමා කර ගන්න. පසුගිය දිනවල හවුල් ව්යාපාරවලට හෝ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇති වී තිබූ අසහන සිත්තැවුල්වලින් මිදී කටයුතු කිරීමටත් පිළිවන්කම ලැබේ. ජය අංකය :-03, සුබ වර්ණය :- කොළ පාට..................... 02.වෘෂභ - සතියේ අවසන් දින පහතුල යම් යම් කාර්යයන් කෙරෙහි ඔබ කෙරේ හටගෙන තිබූ අවිනිශ්චිතතාව පහව යයි. අධ්යාපන ක්ෂේත්රයේ කටයුතු වල ප්රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වෘත්තිය කටයුතු ගැන දැනුම දියුණුකර ගැනීම ගැන උනන්දුවක් දක්වයි. ඔබගේ වෘත්තිය ක්ෂේත්රයේ කාර්යන්ට හා නව සැලසුම් යනාදියට වගකිවයුතු තැන්වල සිටින අයගෙන් එම කාර්්යයය කටයුතුවලට නොමසුරු සහයෝගය ලබාගැනීමට හැකිවේ. රැකියා ව්යාපාරික කටයුතුවල නියුතු වන අයට එම මාර්ග වල විශේෂ වෙනසක්, ස්ථාන මාරුවක් හෝ ආයතන වෙනසකට ද සිත යොමුවෙයි. එසේම ඒවා ක්රියාවට නැන්වීමට අවස්ථාව උදාවෙයි. ජය අංකය :- 05 , සුබ වර්ණය :- කොළ පාට.............. 03.මිථූන - ලග්නාධිපති හා සඳු සති මැද දින තුනේදී පීඩිත බැවින් අධ්යාපන කටයුතූ ඉගෙනීම් ආදිය සඵල කෙරෙන සතියක් වන්නේ නමුදු නරක අයගේ ආශ්රය ලැබේ. සමාජීය වශයෙන් නරක නාමද ලැබෙන්ට පුළුවන. එසේම සිත කිලිටි වේ. සෙසු දින හතර තුල සුබදායකව ගමන් කිරීම නිසා තනතුරු නිලතල වරප්රසාද ලැබෙනු ඇත. ආයතන ප්රධානීන්ගේ ආදර සැලකිල්ලට ලක්වෙන, රජයෙන් පවා සැලකිලි ලැබෙන, පසුබිමක් ගොඩනැගේ. ජය අංකය :-11 , සුබ වර්ණය :- මදටිය පාට රතු.... 04.කටක - ඔබට මේ සතියේදී තම එදිනෙදා කටයුතු වල නව මුහුණුවරක් ඇති වූවත් තමාගේ ඇප කැපවීම මතම සිය අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකිවන බව සිතට ගන්න. ශිෂ්යත්ව ලාභාදියකට අවශ්ය කටයුතු පිළියෙලවන සතියකි. ධනෝපායන මාර්ගයන්ට අවහිර බාධාවන් මතු නොවුණත් සතියේ අවසන් දින දෙකේදී අනපේක්ෂිත වියදම් ගෙන දෙන තත්ත්වයක් ගොඩනැගේ. කෙසේ නමුත් ඔබට මෙම සතියේදී මිල මුදල් හා දේපල ලාබ ප්රයෝජනයන්ට බලය සැකසේ. එසේම අපේක්ෂා කළ ණය ගනුදෙනු හා වෙනත් ගනුදෙනු ද සාර්ථක වේ. ජය අංකය :-11 , සුබ වර්ණය :- රිදී පාට............... 05.සිංහ - ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්රහයින් මේ සතියතූල පාප පීඩාවකින් තොරව ගමන් කරන හෙයින් ඔබට මේ සතිය ශුභඵලදායි අයුරින් ගත වෙයි. උත්සාහයන්හි ප්රතිඵල අත්පත්වනු ඇත. අපේක්ෂිත හා සැලසුම් කරන දෑ ඒ අයුරින්ම සාර්ථක කර ගැනීමටත් හැකිවෙයි. ගණුදෙනු වලින් නොසිතූ වාසි ප්රයෝජන අත්පත් වේ. ආර්ථික හා දේපල වලට අදාළව යටපත්ව පැවති හිමිකම හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවරවේ. නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හෝ ව්යාපාරයේ දියුණුවට අදාළ වන වැඩ කොටස් සාර්ථක කර ගැනීමටත් මෙම සතිය තුළ හැකිවේ. ජය අංකය :-11 , සුබ වර්ණය :- කොළ පාට--------------- 06-කන්‍යා - මේ සතියේ මුල් දින හතරට වඩා අවසන් දින 3 ශුභඵලදායී අයුරින් ගතවනු ඇත. කෙසේ නමුත් ඔබ විස්වාසවන්තව ආරම්භ කරන කටයුතු හා කරගෙන ආ කටයුතු දියුණු කර ගත හැකි සතියකි. ආර්ථික, රැකියා අපේක්ෂා ඉටුවෙයි. මෙය ව්යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින අයට නව ව්යාපාරයන් සඳහා ආයෝජනය කිරීමට ඉඩ සැලසේ. ඉහත සඳහන් අශුභ දින හතරේදී සමාජීය වශයෙන් යම් යම් අය සමග කටයුතු කරන විට ප්රශ්න ඇති නොවන අයුරින් ක්රියා කරන්න. එසේම එහිදී කරගෙන ආ කටයුතු වැඩපිළිවෙළ වෙනස්වේ. ණය වීමටද සිදුවේ. එනිසා මෙය ඉතා ප්රවේශම්ව කටයුතූ කලයුතූ සතියකි. ජය අංකය:- 02 , සුබ වර්ණය:- දීප්තිමත් සුදු පාට.............. 07.තුලා - ඔබගේ ලග්නාධිපති කිවි මෙන්ම සඳු ග්රහයාගේ ගමන මත මෙම සතියතූල තිබුණ ගෞරව සැලකිලි පිරිහී යයි. සිත් තැවුල් නිතර ඇති වේ. අවුල් වියවුල් අනුන්ගේ කෝලහාල වලට පවා මැදිහත් වීමට සිදුවේ. ශරීර සනීපයද අඩු කරයි. නිකරුණේ ඇවිදිලි යෙදෙයි. අනපේක්ෂිත ලෙස කරදර මතුකරයි. තමාසතූ මුදල් හෝ වටිනාකරන දෑ නැති වේ. ආදායම අඩු වේ. නිෂ්ඵල වියදම් වැඩි වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කිරීමට ගොස් පාඩු විඳීමට සිදුවේ. එබැවින් මෙවැනි අයහපත් ප්රතිපල කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් සතියපුරාම පසුවන්න. ජය අංකය :-06 , සුබ වර්ණය :- කහ පාට............ 08.වෘශ්චික - මෙය ඔබට සුබපල හීන සතියක් හෙයින් පදිංචියද වෙනස්වීමට හෝ ඒ පිළිබඳ කරදරයක් මතුවීමටද ඉඩ තිබේ. භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාටද නැතහොත් දූ දරුවන්ට හෝ අසනීපාදී කරදර, හදිසි අනතුරු ඇතිකළ හැකියි. ඔබට මෙන්ම පවුලේ අයටත් අපලදායක සතියකි. ශරීර ශක්තිය අඩුවේ. වැඩකටයුතූ වලට පැවති උනන්දුව නැතිවේ. මේ සතිය තුළ තමාට නොවුනත් එහෙත් තමාට දැනෙන අසතුටුදායක සිද්ධියක් ඇති වේ. මුදල් හානියකටද ඉඩ තිබේ. උත්සාහයන් ව්යවර්ථ වේ. ජය අංකය :-07 , සුබ වර්ණය:- ලා කහ පාට............. 08-ධනු - ඔබට මෙම සතිය එතරම් සුබදායි නොවන අතර තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක. උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. ඒ අයගෙන් තමාට අවහිරකම් බලකිරීම් ආදියකින් පීඩා ගෙන දෙත්. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, ලේ උෂ්ණවීම්, සෙම් ආසාධන පැන නගින්ට පුළුවන. වංචාවලට අසුවිය හැකියි. සොර භයද ඇති වේ. වෙහෙස ඇති දුර ගමන් ද යෙදේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති නිසාත් ගමන් බිමන් වලදී ආරක්ෂා වන්න. එමෙන්ම මෙය ඔබට අසතුටුදායක ආරංචි ලැබෙන සතියකි. ජය අංකය :-11 , සුබ වර්ණය :- රිදී පාට........... 10.මකර - ඔබට මේ සතියේ මුල් දින හතර ශුභදායී අයුරින් ගතවන අතර අවශ්යතා පිරිමසා ගැනීමට අතට මිල මුදල් ලැබේ. නව ව්යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි සිත යොමුවන අතර පොදුවේ ඔබට මේ සතිය පුරාවට අධික වියදම් ඇති වුවත් ගෘහ ජීවිතයේ අඩුපාඩු පිරිමසා ගන්නට පුළුවන් වේ. කෙසේ නමුත් අවසන් දින තුන ශුභඵල හීනය. තම දෛනික කාර්යය කටයුතු හා ජීවන පරිසරය පිළිබඳව ද අසහනකාරී හැඟීම්, අවිනිශ්චිතතා, ඉස්මතුවන නිසා ඔබට තම මානසික සංයමය ද දැඩි උත්සාහයකින් යුතුව රැක ගැනීමට සිදුවේ. ජය අංකය :=05 , සුබ වර්ණය :- කහ පාට........... 11.කුම්භ - ඔබගේ ලග්න නැකැත් අධිපතීන් මෙම සතියතුල ස්ථානබලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මේ සතිය ශුභදායි අයුරින් ගත වෙයි. තම පවුලේ සමීපතම ඥාතියකුගේ හෝ අසල්වැසියකුගේ හෝ වැදගත් කටයුත්තක් වෙනුවෙන් ධනය ශ්රමය වැය කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු සහගතව ආරම්භ කරන කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථකවෙයි. එසේම ඔබට මේ සතියේදී තරගකාරී කටයුතු වලින්ද වාද විවාද ආදියෙන් ද ජයග්රහණ ලැබේ. සමස්තයක් වශයෙන් බලන කළ ඔබ සිත කය දෙකම එක සේ වෙහෙසා ක්රියා කරන සතියකි. තමා නිරත රැකියා ව්යාපාරයේ වැඩිපුර සිතා බලා කැපවීමෙන් රාජකාරී කටයුතු කර ප්රගතියක් ලබයි. ජය අංකය:- 03 , සුබ වර්ණය :- මදටියපාට රතු........... 12.මින - ඔබගේ ලග්නය පරිදි ලග්නාධිපති හා සඳු ග්රහයා මේ සතිය තූල ගමන් කරන විලාසය මත සසදා බලන විට ඔබ පහසුවෙන් මිල මුදල් උපයන්නට උත්සාහ කරන උනන්දුවන සැටියක් පෙන්නුම් කරයි. එහෙත් හදිසියට කලබලයට හිතට ආ පරිදි කටයුතු නොකරන්න. බොහෝ විට ඔබගේ පාසල් හා වෘත්තිය අධ්යාපන කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකිවනු ඇත. එසේම ඔබ තමා නියුතු රැකියා ව්යාපාරික ක්ෂේත්රයේ ප්රගතිය උදෙසා සිත වැඩි වශයෙන් යොමු කරයි. රැකියා ක්ෂේත්රයේ මතු දියුණුවට අමතර වැඩකොටසක් ද මෙහිදී සැකසෙන්නේය. ජය අංකය:- 08 , සුබ වර්ණය :- රිදි පාට

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk