Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රටම බංකොලොත් වුණත් ඔබ බංකොලොත් නොවී සිටීමට නම්

1 year ago 7 Min read
Subha.lk
අදින් වසර පහකට පෙර ශ්යාමල් නම් මහතෙකු නිවාස සැලසුමක් අතැතිව මා හමුවීමට පැමිණියා. ඒ ඔහු ඉදිකිරීමට බලාපොරොත්තු වූ නිවෙසේ වාස්තු පරීක්ෂා කිරීමට, නිවාස සැලසුම සහ ඉඩම පරීක්ෂා කොට 100% වාස්තු විද්යානුකූල වන ලෙස නිවාස සැලසුම, ඉඩම නිවැරැදි කර නිවෙස සකස් කිරීමට උපදෙස් ලබා දුනිමි. මගේම නිවාස නැකැතකට ඔහු 6 මසක් යනු විට නිවෙසේ වැඩකටයුතු අවසන් කර පදිංචියට ගොස් වසර 4.6කි. ශ්යාමල් ආනයන සහ නැව් භාණ්ඩ නිෂ්කාශන සම්බන්ධ ව්යාපාරයක නිරත විය. මෑතක් වනතුරු ඉතා සාර්ථකත්වයට පත්ව තිබූ ව්යාපාරය දැනට රටේ පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් කඩා වැටෙන්නට විය. නමුත් වාස්තු විද්යානුකූල නිවෙසක දිවි ගෙවන්නෙක් ලෙස ඔහු උත්සාහය අත්නොහැර කාලයට ගැළපෙන නව ව්යාපාරයක් ආරම්භ කළේය. එයද දැන් ඉතා සාර්ථක වී ඇත. මුළු රටම වැටුණත් ඔහු නොවැටී සිටියේ ප්රධාන දොර ධන පාදයේ බ්රහ්ම පාදය ඉතා නිරවුල්, නිවෙසේ හැඩය, දිග පළල, ඉඩම මේ සියල්ල 100% වාස්තු විද්යානුකූලව නිවැරැදිව පිහිටා තිබුණු බැවිනි. 1. සියලු යහපත උදාවන ලෙස ප්රධාන දොර තැබූ ධන පාදය බොහෝ දෙනෙක් අනුගමනය කරන්නේ ඇතුළු කාමරවල දොරවල් තබන න - හ -ඡ -රි -පු සිද්ධාන්තය. නමුත් මෙම නිවෙසේ ප්රධාන දොර තබන ලද්දේ ධන පාදයේය. මෙමඟින් නිවැසියන්ට සියලු යස ඉසුරු උදාව්ය. 2. පීඩා නොවූ බ්රහ්ම පාදය බ්රහ්ම පාදය පෑගීම අසුබ යැයි සිතා ගෘහමූලිකයාගේ මුල්ම අරමුණ වුයේ බ්රහ්ම පාදය මත බිත්තියක් ඉදිකිරීමයි. බ්රහ්ම පාදය මත බිත්තියක් තිබීම ඉතා අසුබ බැවින් බ්රහ්ම පාදය ජීවාහාරය හෙවත් සාලයට එන ලෙස සකස් කරන ලදී. 3. නිවැරැදි වූ නිවෙසේ හැඩය සහ වර්ගඵලය නිවෙසේ හැඩය ඉතා සුබ වන ලෙස ආයත චතුරස්රාකාර හැඩයටත් නිවෙසේ වර්ගඵලය දිග, පළල අතර වෙනස අඩි 5.6 ලෙස නියමිත වඩු රියන් ප්රමාණයක් ගෙන නිවැසියන් සියලු දෙනාට පලදෙන ලෙස සකස් කරන ලදී. වාස්තු විද්යානුකූල නිවෙසක් කියන්නේ මැජික් එකක්. ආර්ථික අර්බුද, සුනාමි මොනවා ආවත් රටම කඩා වැටුණත් වාස්තු විද්යානුකූල නිවෙසක ජීවත් වන කෙනකුට අළු මතින් නැඟී සිටින ෆීනික්ස් කුරුල්ලෙකු සේ නැගී සිටින්න, සාර්ථකත්වයට පත්වෙන්නට හැකියි. ඔබත් ඔබ නිවෙසේ ප්රධාන දොර, බ්රහ්ම පාදය, නිවෙසේ හැඩය සහ වර්ගඵලය, ඉඩමේ වාස්තු විද්යානුකූල බව ගැන සැලකිලිමත්ද?

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk