Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඇස්වහ - කටවහ නිවසේදීම කපන බලවත් කෙම් ක්රම

1 year ago 7 Min read
Subha.lk
ලොකු පොඩි කාටත් භේදයකින් තොරව ඇස්වහ කටවහ දෝෂ පැමිණීම සුලබව දක්නට ලැබෙන කාරණයක් දරුවෙක් ඉපදී මුල් මාස හයට පෙරාතුව ඇස්වහ කටවහ දෝෂ පැමිණියහොත් පුංචි බිලිඳාගේ ශාරීරික දූර්වලතාවන්ද මතු වනු ලබනවා ශරීරය දවන, අවපැහැ ගන්වන තරමේ දෝෂ ඇති කරවනු ලබනවා. ආහාර පාන පවා ප්රතික්ෂේප කරනවා. අධ්යාපනය ලබන අවධියක පසුවන දරුවෙක් නම්, මුලදී කිසිදු ගැටලුවකින් තොරව නිසි ලෙසින් අධ්යාපනය ලද දරුවාගේ ඒ ගමන් මඟ අවුල් කරනු ලබනවා මුරණ්ඩු ගති පැවතුම් වගේම ඇතැම් විට ඇඟේ පතේ දද කුෂ්ඨ, බිබිළි ආදියත් මතු වෙන්න පුළුවන්. මෙසේ දරුවන්ගෙන් මිදුණු කල වැඩිහිටියන්ටත් ප්රබල විධියට මේ ඇස්වහ කටවහ බලපෑම ඇති කරවන අවස්ථාවන් දක්නට ලැබෙනවා ඇතැමුන්ට කරගෙන යනු ලබන වෙළෙඳ ව්යාපාර හිටිහැටියේ කඩා වැටෙන තත්ත්වයන්ට පත්වී බලවත් මානසික පීඩාවන්ද ඇති වන අවස්ථාවන් ජනිත වනවා. නමුත් බොහෝ දෙනෙක් මෙවන් තත්ත්වයන් අපල උපදුවන් නිසාවෙන් මතුවන කාරණා යැයි සිතා ඊට අදාළ වතාවත්වලට යොමු වනවා.නමුත් මෙතුළින් සාර්ථක විසඳුමක් ලබා ගැනීමද දුෂ්කර වනු ලබනවා මෙම තත්ත්වයන් බොහෝ විට තමාගේ වත්තේ පිටියේ, ගෙවත්තේ වගාකෙරෙන බෝග වගාවන්ටත් ප්රබල ආකාරයෙන් මතු වෙන්න පුළුවන්, කෙතරම් බේත් හේත් යෙදුවත් සාර්ථක විසදුමක් නොලැබෙන තරම් අද දින ඔබට මෙම ඇස්වහ - කටවහ දෝෂයන්ගෙන් පීඩාවට පත්වූ තැනේදී ඉන් නිසි පිහිට තමා විසින්ම ප්රායෝගිකව සලසා ගන්නා ආකාරය අවස්ථා කිහිපයකින් ගෙන හැර දක්වමි. මෙම කාරණාවන් ඔබට නිවසේදීම ස්වයංව සිදුකර ගතහැකි ප්රතිකර්මයන්ය. පෙර කී කාරණාවන් ඔබටත් පවතී නම් නිසි ලෙසින් මේ සඳහා පෙළගැසී සහනය සලසා ගන්න. අලුත උපන් දරුවන්ගේ ඇස්වහ දෝෂ කැපීමට (මෙම ක්රමවේදය ඉපදී මාස 06 දක්වා දරුවන්ට යහපති) අවශ්යදේ - දෙහි ගැට 03, සුදු හඳුන් කුඩු, අමුකහ කැබැල්ලක්, කපුරු පෙති 03 ක්. සිදුකරන ආකාරය - පිරිසුදු සුදු කපු රෙද්දක් ගෙන දෙහි ගැට 03, අමු කහ කැබැල්ල හා කපුරු පෙති 03 එකට තබා ගොටුවක් ආකාරයට තබා ගැට ගසා එය දරුවා නිදන කාමරයේ යහනට ඉහළින් එල්ලන්න දැන් උදේ සවස මෙයට සාම්ප්රානි දුම් අල්ලන්න. මේ ආකාරයට දින තුනක් දුම් අල්වා සිවුවැනි දින මෙය අතට ගෙන උදේ 06ට පෙරාතුව ගවයෙක් උදෑසන හෙළූ ගොම පිඩක් මතට සුදු හඳුන් කුඩු ඉස.දෙහිගැට 03 දෙකට පළා, සියල්ල ගොම පිඩ මතට දමන්න.සියලු ඇස්වහ දෝෂ දුරුවෙයි. අධ්යාපනය ලබන අවධියේ දරුවන්ගේ ඇස්වහ දෝෂ කැපීමට අවශ්ය දේ - කපු ඇට ටිකක්, ඉඟිනි ඇට ටිකක්, අබ ඇට ටිකක්, දෙහි ගෙඩියක්, අඟලක් දිග, පළල ඇති තඹ පත්රයක්, පිරිසුදු වතුර වීදුරුවක්, පැගිරි දර. සිදුකරන ආකාරය - වතුරු වීදුරුවට කපු ඇට, ඉඟිනි ඇට, අබ ඇට දමා දෙහි ගෙඩියද ඒ තුළට පාවෙන්නට දමන්න. පාන්දර 03.00ට පමණ මෙම වතුර වීදුරුව කෙසෙල් කොළයකින් වසා පින්නේ තබා, එළිය වැටුණු පසුව උදේ 06.00ට පමණ තඹ පත්රය එළියේ තබා පැගිරි දරින් රත්කර, රත්වුණු පසුව වීදුරුවේ ඇති දෙහි ගෙඩිය දෙකට කපා රත් වූ තඹ තහඩුවට දෙහි බින්දුව බැගින් මිරිකමින් වත්කරන්න. පැන් වීදුරුව දරුවාට පානයට කරන්නට දෙන්න. සියලු ඇස්වහ දෝෂ කැපෙයි. වැඩිහිටියන්ගේ ඇස්වහ - කටවහ දෝෂ හැරීමට අවශ්ය දේ - කෝමාරිකා කැබැල්ලක්, වියළි මිරිස් කරල් 03, අඟුරු කැබලි 03, අඩි 03ක් දිග තුන්පට කපු නූලක්, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක්, සඳුන් කුඩු ටිකක්, ජල බඳුනක් හෝ වීදුරුවක්. සිදුකරන ආකාරය - පළමුව ජල බඳුන ගෙන එයට කෝමාරිකා කැබැල්ල, අඟුරු කැබලි ටික දමා පැය තුනක් පමණ වසා තබන්න. ඇස්ස කැපූ තැඹිලි ගෙඩිය ප්රවේශමෙන් විවෘත කර ඒ තුළට සඳුන් කුඩු ටිකක් දමා කපු නූලද ඒ තුළ බහා අඟල් තුනක් පමණ පිටතට සිටින සේ තබා නැවත තැඹිලි ගෙඩිය වසා එළිවෙනතුරු පින්නේ තබා ගන්න. (උදෑසන පානයට ගත හැකි අයුරින් කාලය ගළපා කටයුතු සිදු කර ගන්න) දැන් පළමුව ජල බඳුන ගෙන හොඳින් පෙරා එදින ඉර උදාවේදී පානය කරන්න. පසුව විනාඩි 20කට පසුව පින්නේ තැබූ තැඹිලි ගෙඩියද පානය කර කපු නූල පැඟිරි ගසක උඩ අත්තක ගැට ගසා වියළි මිරිස් කරල් 03 පැගිරි දරින්ම පුලුස්සා දුම් අල්ලන්න. තමාගේ ව්යාපාරයේ ඇස්වහ - කටවහ දෝෂ හැරීමට අවශ්ය දේ සාබ්රාණි කුඩු, තරමක ප්රමාණයේ තිරිවාණ ගල්, අබ තෙල් පහනක්, දෙහිගැට 03, කදුරු ගෙඩියක්, නුග කොළයක්, යකඩ ඇණයක් සිදුකරන ආකාරය - පළමුව ස්ථානීය වශයෙන් සතියක වේලේ පටන් පස් පවින් ඈත් වන්න. පිරිසුදු ස්ථානයක් බවට පත්කර උදේ පාන්දර 05.00ට පමණ කෙම්මුර දිනක ව්යාපාර ස්ථානයේ ඇතුළත නැගෙනහිර දෙසට මුහුණලා අබ තෙල් පහනක් දල්වා නිර්වාණ ගල් එකින් එකට හොඳින් ගිනියම් වනතුරු රත්කර ගත්හ. දැන් ඒවා සුදුසු බඳුනකට බහා හොඳින් සාම්බාණි කුඩු උඩ්න් ඉස දුම් දෙන්න. දැන් ඒ අතරතුරේ නුග කොළය මත දෙහි ගෙඩි තුන තබමින්, පසුව එකින් එක හොඳින් රත් වූ තිර්වාණ ගල් මතට දෙහි ගෙඩිය බැගින් දමන්ම ස්ථානය තුළත් වොත් දුම් ඇෆ්ගන්හ. දැන් යකඩ ඇයත් හොදින් රත්තර ආධාරකයක් මඟින් හදුරු ගෙඩිය පසාරු කරගෙන යන ලෙසින් විද එය ව්යාපාරයට ප්රවිෂ්ට වන ප්රධාන ද්වාරයේ ඉහළ ඉර උදාවේදී එල්ලන්න. සියලු ඇස්වහ දෝෂ දුරුවී දියුණුව සැලසේ. වගාවන්හි බෝග නරක් වන ඇස්වහ කටවහ දුරුවීමට අවශ්ය දේ ගසාගෙන ජලයේ වැලි, ඒ බරට සමාන ජලය, කොහොඹ ඇට 07, කුඹුරු ඇට 07. සිදු කරන ආකාරය - වැලි පැමණක් හොදින් පැඟිරි දරින් පළමුව දින තුනක් රත් කරන්න දැන් පසුවදා කොහොඹ ඇට තළා ඒ වැලි සමග කලවම් කරමින් පෙර දින සේම රත් කරන්න තුන්වැනි දින කුඹුරු ඇටද තළා දමමින් පෙර සේ රත් කරන්න. දැන් සිවුවැනි දින උදේ ඉර උදාවේදී සුදානම් කරගත් ජලය සමස්ත වගාව පුරා ඉසින්න පසුව පෙරදින රත්කරගත් වැඩිද හොදින් වගාව පුරා ඉසින්න. මෙම බලවත් දෝෂ නසන කටයුතු සඳහා නිසි ලෙසින් පෙළ ගැසී ඔබත් නිතැතින්ම යහපත සලසා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk