Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙයක් හදන්න කලින් දැන ගත යුතුම දේවල්..

1 year ago 7 Min read
Subha.lk
නිවාසයක් සෑදීමට පෙර ඔබ මිලදී ගන්නා ඉඩම ගැනද සැලකිලිමත් විය යුතුය. අද බොහෝ දෙනෙක් මේ ගැන නොසිතා නිවාස සාදා අමාරුවේ වැටෙන අවස්ථා ඇත. ඒ නිසා ඔබත් අලුතින් නිවාසයක් හදනවිට මේ ගැනත් සිතිය යුතුය. ඉඩමේ පිහිටීම, ඉඩමේ ස්වභාවය යන කරුණු ගැනද සෑදීමට වඩාත් යෝග්ය වන්නේ සමචතුරස්රාකාර නිවාසයක් සෘජුකෝණාස්රාකාර හෝ වෘත්තාකාර ඉඩම්ය. ඇතැම් අවස්ථාවල ත්රිකෝණාකාර ඉඩම්ද මිලදී ගන්නට සිදුවන අවස්ථා ඇත. එවිට එම ඉඩම නිවාසය සෑදීමට සුදුසු ලෙස පිළියෙල කර ගන්න. පාළුවට ගිය ඉඩම්, මුඩු ඉඩම් මෙන්ම මනුෂ්ය වාසයෙන් තොර ඉඩම්ද මිලදී ගන්නට සිදුවන අවස්ථාද ඇත. එවිට නිවාසය සෑදීමට පෙර බහිරව පූජාවක් තැබීම කෙරෙහිද අවධානට යොමු කළ යුතුය. එසේම යටිතල පහසුකම් ගැනද සැලකිලිමත් වන්න. සුසාන භූමියක් ආශ්රිත ප්රදේශයක ඉඩමක් මිලදී ගනු ලබන්නේ එම ඉඩම වටා තාප්පයක් බැඳ ගත යුතුය.නාගරික ප්රදේශයක නම් අසුබ නැති වෙයි. කඳුකර ප්රදේශයක නම් නිවාසයක් සාදනවා නම් එම භූමියට සරිලන පරිදි නිවාසය සාදා ගත යුතුය. මෙම ප්රදේශවල තට්ටු නිවාස හදන්නට පුළුවන. කඳුකර ප්රදේශවලදී තට්ටු නිවාස හදනවිට බිම් මට්ටමේ වාස්තු දෝෂ නැතිකර ගන්නට බැරිනම් තට්ටු ක්රමයට හදන කොටසේවත් වාස්තු දෝෂ ඇති නොවන ලෙස නිවාසය ඉදිකර ගත යුතුය. තවද සෝදා පාළුවට ලක්වන ඉඩම් මිලයට ගන්නා විට සැලකිලිමත් විය යුතුය. අද වන විට මුහුදු ආශ්රිත ඉඩම් නිතර ඛාදනයට ලක් වෙයි. එවිට එම ඉඩමක් මිලට ගෙන නිවසක් හදනවා නම් එම ඉඩම ඛාදනයට ලක්නොවන පරිදි ඉඩම වටේ තාප්පයකවත් ඉදිකර ගත යුතුය. එසේම යටිතල පහසුකම් නොමැති පළාතක ඉඩමක් මිලදී ගන්නවා නම් ප්රවාහන පහසුකම් ගැනද අනිකුත් පහසුකම් තිබෙනවාද යන්න ගැන සලකා බැලි යුතුය. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔබ ඉඩමක් මිලට ගෙන නිවාසයක් ඉදි කරනවා නම් නිවාස සැලසුම ගැනද සැලකිලිමත් විය යුතුය. නිවාස සැලසුම සාදන විට ජන්මියාගේ උපන් නැකැතට ගැළපෙන පරිදි භූමියේ ඇති ඉඩකඩ ගැනද සැලකිලිමත් විය යුතුය. මෙම සාදන සැලසුම නියමිත දිශාවලට ගැළපෙන පරිදි පිළියෙල කළ යුතුය. මෙසේ සාදාගත් නිවාස සැලසුමට අනුව නිවාසය සුදුසු කාලයේදී ඉදිකර ගත යුතුය. එනම් විශේෂයෙන්ම කෝණ මාසවල අලුතින් නිවස ඉදිනොකළ යුතුය. කෝණ මාස සුබ දිනයකදී සුබ නැකැතකට අනුව තම නිවාස ඉදිකර ගත යුතුය. එසේම මෙම දිනය පුර පක්ෂයේ දවසක් විය යුතුය. පුර විසේනිය සිට අව විසේනිය දක්වා පවතින සුබ දිනයක්ම විය යුතුය. දැනට පවතින ඉඩම් හිඟය නිසා ඔබට මිලදී ගැනීමට සිදුවන්නේ පර්චස් හතළිහටත් අඩු ඉඩම්ය. එනිසා එවැනි ඉඩම්වල වාස්තු දෝෂ බලන්නට බැරිය. එවැනි ඉඩම්වල නිවාසය ඉදිකරන විට අවම වාස්තු දෝෂවත් නැතිවන ලෙස නිවාසය ඉදිකර ගත යුතුය. මෙවැනි ඉඩම්වල ප්රේත පාදයට අයින් කළ යුතුය. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔබත් ඉඩමක් මිලදී ගෙන නිවාසයක් ඉදිකර ගන්නවා නම් ඔබට වාස්තු දෝෂ නොමැති ගෙයක් සාදා ගන්නට පුළුවන.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk