Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ කේන්දරයේ රවි - සඳු කොතැනද?

1 year ago 7 Min read
Subha.lk
ග්රහලොව මව ලෙස සලකන සඳු ග්රහයා බොහෝ විට සිතට පාන ග්රහයා ලෙස හැඳින්වේ. රාත්රි කාලයේ ඇති ගනඳුර නැති කර දැමීමට සඳු ග්රහයා මූලිකවේ. මවක් තම දරුවන්ට කොතරම් අසීරු අවස්ථාවක වුවද පිහිට වන්නා සේම රැයේ ගනදුර නසාලීම කරන්නේද සඳුය සඳු ග්රහයා ධනු ලග්නයට සුබ නැත. ඊට හේතු වන්නේ ධනු ලග්නයට චන්ද්රයා පස්වැන්නේ හත්වැන්නේ සිටී නම් අඩු වයසින් විවාහය සිදුවේ. චන්ද්රයා දුර්වල නම් සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේදී අපහසුතා ඇතිවේ. චන්ද්රයා 4 සිට දුර්වල නම් සහකාරියට විපත් ඇතිවේ. චන්ද්රයා 7 වැන්නේ නම් අවුරුදු 24-28 අතර විවාහය සිදුවේ. චන්ද්රයා 7 වැන්නේ දුර්වල නම් ආලය ප්රීතිදායකව ආරම්භ කර දුක්මුසුව කෙළවර කිරීමට සිදුවේ. චන්ද්රයා 12 වැන්නේ නම් ප්රේම සබඳතා ස්ථිර නොමැත. රවි ග්රහයා ලග්නගත බොහෝ අයට කුඩා කළ වලිප්පුව, ඇස්වල ආබාධ තත්ත්වයන් හා අධික හිසරදය ආදී රෝග ඇතිවේ. රවි ග්රහයා දෙවැන්නේ සිටින විට කතිකත්වයට දක්ෂතා දක්වයි. ඇස් රෝගවලටද 2 වැන්නේ රවි මුල් වනු ඇත. තුන්වැන්න වන වික්රම ස්ථානයට රව් සුබය. සහෝදරයන් අතර ප්රසිද්ධ වේ. නිරෝගීව, ශක්තිමත්ව කටයුතු කරයි. රවි හතර වැන්නේ සිටින විට දුර්වලය. ශරීරයේ උෂ්ණත්වය ඇතිවේ. පපුවේ දැවිල්ල ආදී රෝග ඇති කරයි. හය වැන්නට රවි සුබය. ආහාර දිරවීම පහසු කෙරේ. එහෙයින් හොඳට කෑම ගැනීම කළ හැකිය. එමෙන්ම සතුරන් මෙල්ල කරගත හැකිය. හත්වැන්නට රවි සුඛ නැත. මුත්රා රෝග, ලිංගික රෝග,අර්ශස් රෝග ආදිය ඇතිවේ. '' රවි හත්වැන්නේ ඇති අය අන් අය යටත් කර ගැනීමට උත්සාහ කරයි. හවුල් කටයුතුවලින් පාඩු ලබයි. රවි අට වැන්නේ සිටින අය පව් පින් ගැන සැලකීමක් නැත. රවි නව වැන්නට යහපත් පල ලබාදේ. ආධ්යාත්මික දෙයට මුල් තැනදී පියාට ආදරය, ගෞරවය දක්වයි. ග්රහලොව ප්රධාන ග්රහයන් දෙදෙනාගේ පල මෙසේය. උදෑසන සූර්ය නමස්කාරය කරන්නේ නම් එයින් පිහිටක්ද ඇතිවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk