Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඉසුරුමත් දිවියකට ගණ දෙවි වන්දනාව

1 year ago 7 Min read
Subha.lk
දේවියද වන අතර ස්කන්ධ කුමරු හෙවත් කතරගම් දෙවිඳු සොහොයුරාය. විනෝදයට ප්රිය ඉතා මිත්රශීලී ගණ දෙවිඳුන්ගේ මූර්තිය හස්ති හිසක් හා මිනිස් ශරීරයකින් අඹා ඇත. ගණ දෙවි උපත ගණ දෙවි උප්පත්ති කතාව එක් එක් ග්රන්ථවල විවිධ ආකාරයට රචනා වුවද ඒ සියල්ල ඉතා රසබර කතාය. හින්දු දේව පුරාණයට අනුව ගණ දෙවිඳුගේ මෑණියන් වන පාර්වතී දේවිය ළදරු ගණ දෙවි රුව මැටියෙන් අඹා පසුව එම දේව මූර්තියට ජීවය කැවූ බව සඳහන් වේ. ගණ දෙවිඳුන්ට ඇත් හිසක් ලැබූ හැටි ගණ දෙවියන්ගේ සොහොයුරු වූ ස්කන්ධ කුමරු වල්ලි මාතාවට ආලය කළද වල්ලි කුමරිය එම යෝජනාව ප්රතික් ෂේප කර ඇත. ගණ දෙවිඳුගේ සොහොයුරු වූ කතරගම දෙවිඳු මේ වන විට වාසය කළේ කතරගම වැඩිහිටි කන්දේය. වල්ලි කුමරිය ඉතා රූමත් කුමරියකි. ඇගේ ආලය ලබා ගැනීමට සිදුවූ දෙය කතරගම දෙවිඳු ගණ දෙවිඳුට කීවේය. මෙයට උපායක් කල්පනා කළ ගණ දෙවිඳු වල්ලි කුමරිය පෙන්වන ලෙස කතරගම දෙවිඳුට කිව්වේය. ඇල්හෙනේ සිටි වල්ලි කුමරිය අද්භූත සත්ත්වයෙක් දැක බියට පත්ව කෑ ගසාගෙන විත් ඇල්හෙන අසල සිටි කතරගම දෙවිඳුගේ උදවු පැතීය. ඇය ආරක්ෂාකාරී තැනක තැබූ ස්කන්ධ කුමරු අද්භූත සතා බැලීමට ඇල්කේනට ගිය විට ඇත් හිසක් හා මිනිස් සිරුරක් සහිතව සිටි තම සොහොයුරාව හඳුනාගත හැකි විය. ගණ දෙවිඳුගේ නුවණ ගැන කතරගම දෙවිඳු මහත් සතුට පත්වූයේය. වල්ලි කුමරිය කතරගම දෙවිඳුට කැමැත්ත ප්රකාශ කළද ගණ දෙවිඳුට නැවත යථා ස්වරූපය පත්වීමට නොහැකි විය. එතැන් සිට ගණ දෙවිඳුගේ රුව ඇත් මුහුණක් හා මිනිස් ශරීරයක් වී ඇත. ගණ දෙවියන් හඳුන්වන විවිධ නම්,, 1. ගණපති, 2. සිත්තිධානා, 3. විනයාගර්, 4. ගජකරණාගන්, 5. ඝන දීපන්, 6.පුල්ලෙයාර් සාමි, 7. ගණේෂ, 8. බාලචන්ද්ර, ගණපති ස්වරූප 18 - 1. බාල ගනේෂ, 2. වීර ගනේෂ, 3. ශක්ති ගනේක්ෂ, 4. මහා ගනේෂ, 5. සිද්ධි ගනේෂ, 6. වල්හ ගනේෂ, 7. ධරණි ගනේෂ, 8, හේරම්භ ගනේෂ, 9. සත්ය ගනේෂ, 10. බුද්ධි ගනේෂ, 11. නෘත්ය ගනේෂ, 12. චණ්ඩි ගනේෂ, 13. භක්ති ගනේෂ, 14. කාල ගනේෂ, 15. ලක්ෂ්මී ගනේෂ, 16. ස්කන්ධ ගනේෂ, 17. විද්යා ගනේෂ, 18. භද්ර ගනේෂ, ශ්රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය. තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල ගණදෙවි වන්දනාව බෙහෙවින් ප්රචලිතය. අප ජන සමාජයේ ගණ දෙවි වන්දනාව බෙහෙවින්ම සිදු කරන්නේ අධ්යාපනය මුල් කරගෙනය. එහෙත් ගණ දෙවි වන්දනාව තුළින් ආදරය, විවාහය සම්බන්ධව, අමනුෂ්ය දෝෂ නැතිකර ගැනීම, රැකීරක්ෂා උසස් කර ගැනීම, ව්යාපාර දියණු කර ගැනීම, ආදායම් වැඩිකර ගැනීම මෙන්ම සිතේ සැනසීම, ප්රීතිමත් බව ආදී ප්රාර්ථනාද ඉෂ්ට කරගත හැකිය. කොහොමද ගණ දෙවියන් වන්දනා කිරීමට පූජාසනය සකස් කරගන්නේ ඔබ වාසය කරන නිවෙසේදී හෝ ගණ දෙවියන් වැඩ සිටින කෝවිලකදී පූජාව තබීමට හැකිය. නිවෙස තුළ පූජාව ආරම්භ කරන්නේ නම් මුළු නිවෙසම පවිත්ර කර ගණ දෙවි පිළිමය තැබීමට පූජාසනයක් සකස් කර ගත යුතුවේ. පිරිසුදු ඉඩකඩ ඇති උස් ස්ථානයක් තෝරාගත යුතුය. මෙම ස්ථානය බුදුන් වඳින ස්ථානයේ බුදු පිළිමයට මඳක් පහතින් තිබිය යුතුය. පළමුව ඔබ කැමැති ගණ දෙවි මූර්තියක් තෝරාගෙන පූජාසනය මත තබන්න. කැමැති නම් පිළිමයට සළුවක් " ඇන්දවිය හැකිය. පිළිමය ඉදිරියෙන් පහනක්, මල් තැබීමට පීරිසියක්, කැවිලි තැබීමට සුදුසු බඳුනක් හා හඳුන්කූරු දැල්වීමටද රඳවනයක් තබන්න. දැන් ඔබේ පූජාසනය සකස් වී හමාරය. ගණ දෙවි පූජාව - 1. පොල්තෙල් පහනක්, 2. පිච්ච මල්, දාස්පෙතියා, සපත්තු මල් හෝ පිදීමට ගන්නා රතු මල්, 3. පැණි රස කෑම වර්ගයක් (ලඩ්ඩි, සූකිරි, රටඉඳි, කිරිටොෆි...) ,4. පිච්ච මල් මාලයක්, 5. සුවඳ හඳුන්කූරක් හෝ දෙකක්, පූජාව තබන ආකාරය - මුළු නිවෙසම පිරිසුදු කර ඔබද පිරිසුදු වී, පිරිසුදු ඇඳුම් ඇඳ පූජාව තබන්න. පූජාසනයද පිරිසුදු කරගන්න. පළමුව පිච්ච මල් මාලය, ගණ දෙවිඳුට පලඳවන්න. පසුව පහන දල්වා මල්ද , කැවිලි හා හඳුන්කූරුද පුදන්න. ඔබ පූජාව තබන විට ගණ දෙවියන්ට අසීමිත ආදර භක්තියකින් පූජාව තබන්න. අවංක ගුණගරුක බැතිමතුන්ට ගණ දෙවියන් ආදරය කරුණාව ඉක්මනින් ලබාදෙනවා. මඳ වේලාවක් ගණ දෙවි පිළිමය දෙස බලා සිට පහත සඳහන් මන්ත්ර ගායනා කරමින් ගණ දෙවියන්ට ආරාධනා කර පූජාව පිළිගන්නා ලෙසත් ඔබේ ජීවිතේ ඇති කම්කටොලු, බාධක, දුක, ගණ දෙවියන් ඉදිරියේ කියා සිටින්න. ටිකෙන් ටික ඔබේ ජීවිතයේ දුක නැති වී සතුට පැමිණෙන බව ඔබට අත්විඳින්න හැකිවේවි. අවධානයට ගත යුතු දේ, 1. බුදු පහන තැබීමෙන් පසුව ගණ දෙවියන් වන්දනා කරන්න. 2. ඉක්මනින් ධනය ලබාගන්න, අරමුණින් නොසැලකිලිමත්ව පූජාව නොතබන්න. 3. පූජාව අවසානයේ පූජාසනය මත තැබූ කැවිලි ඔබත් නිවෙසේ අනෙක් අයද ආහාරයට ගන්න. ගණ දෙවියන් වන්දනා කරන මන්ත්ර ආරාධනා මන්ත්රය - “ඕම් ශ්රීම් භ්රම් ක්ලීම් ග්ලොම් ගණපතයේ වරවරද සර්වජනම් වසමානයේ ස්වාහා වක්ර තුන්දා මහා කායා සූර්ය කෝටි සමප්රභා... නිර්විග්රහනම් කුරු මේ දේවා සර්වකායේසු සර්වදා.” තව බොහෝ ගණ දෙවි මන්ත්ර ඇත. ගණ දෙවි වන්දනාවේදී ඔබ ඉගෙන ගත් අලුත් මන්ත්ර මිහිරි හඬින් ගායනා කරන්න. තවද ආසිරි වනිගරත්න මහතාගේ ගනේෂා 108 පොත තුළින් භාවනා ප්රශංසාව හා මන්තර ප්රශංසාව ඉගෙන ගත හැකිය. දිනපතා ගායනා කිරීමට ගණපති නාමාවලිය - “ගණපති ඕම් ජය ගණපති ඕම්, ගජමුග වයින්ගර ගණපති ඕම්, ගුණපති යාම් සිව ගණපති ඕම්, කුණ්ඩලි මණ්ඩල ගණපති ඕම්, මූෂික වාහන ගණපති ඕම් , මූලක් ප්රාවන ගණපති ඕම්, මාසුර දේසිත ගණපති ඕම්, වල්ලභ මෝහන ගණපති ඕම්, ගණපති ඕම් ජය ගණපති ඕම් , ගජමුග වයින්ගර ගණපති ඕම්, ගුණපති යාම් සිව ගණපති ඕම්, කුණ්ඩලි මංඩල ගණපති ඕම්, විග්න විණායක ගණපති ඕම්, විගසිත නමුග ගණපති ඕම්, උත්තර තෙප්යාබල ගණපති ඕම් , උත්තුව නාදන ගණපති ඕම්, ගණපති ඕම් ජය ගණපති ඕම්, ගජමුග වයින්ගර ගණපති ඕම්, ගුණපති යාම් සිව ගණපති ඕම් , කුණ්ඩලි මණ්ඩල ගණපති ඕම්, පාර්වතී පාරථි ගණපති ඕම්, පරම සිව ඥාන ගණපති ඕම්, පූර්ව විරාදර ගණපති ඕම්, පුවන පුරන්දර ගණපති ඕම්, ගණපති ඕම් ජය ගණපති ඕම්, ගජමුග වයින්ගර ගණපති ඕම්, ගුණපති යාම් සිව ගණපති ඕම් , කුණ්ඩලි මංඩල ගණපති ඕම් ” දෙවියන් සිටිය යුත්තේ පන්සලේ, කෝවිලේ පූජාසන මත නොව බැතිමතුන්ගේ සිත තුළය. ඔබ දෙවියන්ව විශ්වාස කරන තරමට ඔබට පිහිට ආශීර්වාදය ලැබේ. ඔබට ගණ දෙවි පිහිට ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk