Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවන්ගේ අධ්යාපනය සාර්ථක කරන ගනේශ්වර දිව්යරාජ යන්ත්රය..

1 year ago 7 Min read
Subha.lk
හින්දු පුරාණෝත්තිවලට අනුව ගණ දෙවියන් මිනිසුන්ට පැමිණෙන සියලු දුක්කම්කටොලු, විපත් දුරු කරන බව විශ්වාස කරන අතර මිනිසුන්ගේ සුබ සිද්ධිය තකා ශාන්ති භාවයෙන් විනෝදජනක, විහිළුවට නොකිපෙන කැමැති බුද්ධිමත් දෙවියකු නිසා ඔහු පිදීම හින්දු ලංකා චාරිත්ර ධර්මයක් වශයෙන් පුදති. එහෙත් ලාංකිකයන් ගණ දෙවියන් අදහන්නේ නුවණට අධිපති නිසා පමණයි. හින්දු භක්තිකයෝ තම දුක සැප දෙකේම ගණ දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව, ආශීර්වාදය පතයි. එහෙත් ලාංකිකයන් ගණ දෙවි පුදන්නේ මූලික වශයෙන්ම තම දූදරුවන්ට ඉගෙනීමට ආශීර්වාදය පතා හෝඩි පොතේ 'අ' යන්න යන අකුර කියවන විට පමණකි. ගණ දෙවියන් අවතාර 18කින් පෙනී සිටින අතර විශේෂයෙන් නැණ නුවණට අධිපති දෙවියෙක්ය. ඉගෙනීම ලබන පාසල් දරු දැරියන්ට මිණි පහනකි. ශිල්ප ශාස්ත්රාදිය ඉගෙනීමට ආරම්භයෙන් හෝ මංගල ප්රස්ථාවලදී ද, යුද්ධයකට පිටත්වීමට පෙරද ශුභ ගමනක් යන්නට පෙරද, යම් වැඩක් පටන් ගැනීමට පෙර ගණ දෙවි පිදීමෙන් සියලු උපද්රවන්, බාධා දුරුවී ශුභ පල උදාකර දෙන බව විශ්වාසයකි. එනිසා "ගණෝශාය නම:" කියා ඔහුට තෙවරක් නමස්කාර කළ යුතුයි. මහා භාරත යුද්ධයෙන් පසු හස්තිතා පුරයෙහි රජ වූ යුධීශ්වර නම් ජ්යෙෂ්ඨ පාණ්ඩව කුමාරයාද, නල රජුගේ දමයන්ති බිසවද දෙවියන්ට අධිපති ඉන්ද්රියාද කෘෂ්ණ දෙවියාද පවා ගණපති පිදීමෙන් ඔවුන්ගේ අභිමතාර්ථ ජයගෙන ඇත. ගණ දෙවියෝ අධිපතීත්වය දරන්නේ වරුණ දිශාවේ සිටය. ඉගෙනීමට අතහිත දෙන ඔබේ දරවාටද නුවණ ලැබීමට, බුද්ධිය වර්ධනය වී විභාග ජය ලබාගැනීමට මේ ගණදේව යන්ත්රය ඉතා යහපත් වේ. පළමුව ගේ මැද මල් අසුනක් තබා එහි බෙලි කොළ අතුරා ලදපස්මල්, සිදරන්, දිවුල්, අන්නාසි, කොමඩු, අඹ, මිදි, කෙසෙල් ආදී පලතුරු කපා වට්ටියක තබා, කොණ්ඩ කැවුම්, අග්ගලා, පැණි වළලු, බූන්දි, කළු දොදොල්, පිටි මුසු කෑම, ලදපස්මල්, කිරිබත්, අෂ්ට පාන, රතුමල්, සුවඳ ධූප, උක්හකුරු, බුලත්, පොරි, බැදිකඩල, පලාවර්ග, පොල්ගෙඩියක් බිඳ, යහනේ තබා මෙම යන්ත්රය ඉරු දින රාත්රි 10.00 පසු වී මේ යන්ත්රය 7 වරක් පෙන්වා ඇති මන්ත්රවලින් ජප කර, එහි ඇති තෙල්, දරුවාගේ කර පලඳවා දින 7ක් ගිය පසු මෙම යන්ත්රය පලඳවන්න. එසේ පලඳවන්නේ ඔහුගේ මතක ශක්තිය දුර්වල කරන රාහු ග්රහයාගේ බලය අඩු වීම සඳහාය. යන්ත්රයේ දිග අඟල් 7, පළල අඟල් 1 1/2 ශුභයි. ප්රී කිරීමට පෙර පළමුව මෙම ශ්ලෝකය 7 වරක් ගයන්න. “ගණෝශාය නම:- සම්බුද්ධං පුණ්ඩකාක්ෂං සර්වඥ කරුණා ස්පදං සමන්ත භදාං ශාස්කාරං ශාක්ය සිංහං නමාම්යහං ශ්රී ඝණාං ශ්රීමතිං ශ්රේෂ්ඨ ශීල රාශිය ශිවඞකරං ශිමන්තං ශ්රිකරං ශාන්තං ශාන්ත වෙශං නමාම්යහං” දැනුම, ප්රඥාව, තඩම් මතක සිටීමට,විභාග ජය ලැබීමට මේ යන්ත්රයෙන් 1008 වරක් ජප කරගන්න. ” ශ්රී ගජනාත් ජය ගජනාත් ඕම් විද්යාන ගණේෂාය නමහ ඕම් මයුරේශ්වරයා නමහ - ඕම් සිද්ධි විනායකාය නමහ ඕම් බාලලේෂ්වරාය නමහ - ඕම් වරූ විනායකය නමහ ඕම් චිත්තමානයේ නමහ - ඕම් ගිජිත් මජීකාය නමහ ඕම් විග්නේෂ්වරාය නමහ - ඕම් විදන ගණේෂාය නමහ ඕම් මහා ගණපතියේ නමහ - ත්රිපුර සංකාර විසේනෂ රූපා ටං ටං සරණ සරණ - නිතෛනයාන් තම්බිනේන් වා වා ගණපති මහාගණපති - (….නම...) ආකර්ෂණත් කුරු කුරු “ මෙම යන්ත්රය පැලඳීමෙන් ඉගෙනීම ලබන දරුදැරියන්ගේ බුද්ධිය වර්ධනය වී දැනුම, ප්රඥාව ලබා පාඩම් මතකයේ සිටීමට හා විභාග ජය ලබාගැනීමට ඉතා උතුම් යන්ත්රයකි. මස් මාංසවලින් තොර දූදරුවන්ට යහපත් පල ලැබේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk