Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුද්ධි මට්ටම සහ කුසලතා ගැන කේන්දරයෙන් දැනගන්න පුලුවන්ද?

1 year ago 7 Min read
Subha.lk
බුද්ධිය කෙනෙකු උපතින්ම ගෙනඑන්නකි. එය දැනුම හෙවත් ඥානය මෙන් කෙනකුට දිය නොහැකිය. බුධ ග්රහයාගේ බල දුබලතාව මත බුද්ධි බලය ඇතිවේ. දැනුම තම බුද්ධි පරාසය අනුව අඩු හෝ වැඩි බවට පත්වේ. එය අධ්යාපනයට බලපාන ගුරු ග්රහයාගේ පිහිටීම අනුව සිදුවේ. මේ සඳහා සඳු හා රවිගේ මෙන්ම සිකුරු ග්රහයාගේද බලපෑම් වඩාත් තීව්ර කරනු පෙනේ. මෙහි ග්රහයන් බලවත් වීම මත මහා ප්රාඥයන් බිහිවී ඇත. සම්බුද්ධ උපත අනුව එය වඩාත් තහවුරු වෙයි. කටක ලග්නයෙන් උපන් සිදුහත් කුමරුගේ කේන්දරයේ ගුරු හා බුධ පමණක් නොව රවි, සඳු වැනි සෙසු ග්රහයෝද විවිධාකාර බලයෙන් යුතුව යෙදී ඇත. “යුවති රැසේ යෙදුනෝතින් සිසි පුත් පුවත සිල්ප දරමින් පිය පොහොසත් දියන ඉසුරු ලැබ සේනා පිරිසත් අමත වීදුරු යෝගය අප මුනි ලත්” (ජාතක රත්නය) බුධ ග්රගයා කන්යා හෝ මිථුන රාශි ගතවීමත්, ගුරු ග්රහයා කටක, මීන හෝ ධනු රාශි ගතවීමත් බුද්ධිමතුන් බිහිකරවන බව සඳහන් වේ. එසේම උත්තරායන රවි හා සඳු සමඟ සංයෝග වූ සෙසු ග්රහයෝද බලවත් වෙතැයි කියැවේ. “උදාගයතේ රෂිශිත මයුභ්යම් චක්ර සමාගම ගාම පරියේක්ෂා මියුලකරා සුසි කොත්කම් සංකෞ මොටිඛිත වීර්ය යුතා පරිකල්පසාරී “ (වරාහ මිහිර) වරාහ මිහිරාචාර්යවරයා විසින් දක්වනු ලැබ ඇති පරිදි උත්තරායන රවි හා සඳුද විශේෂ බලයෙන් යුක්තව බුද්ධ උපතෙහි පිහිටා තිබේ. තුන් කල් දක්නා විශිෂ්ට බුද්ධියක් උන්වහන්සේ සතු වූහ. එදා ඇසූ පිරූ තැන් ඇති වියතුන් බහුශ්රැත විය. අද පොතපත සුලබ යුගයේ ඔවුහු බහු පාඨකයෝ වෙති. “කොග්ගල මහා ප්රාඥයා” යැයි විරුදාවලිය ලත් මාර්ටින් වික්රමසිංහ මහතා විශ්වවිද්යාලයකට ගියේ නැත. එහෙත් ඔහු විසින් සරසවි සිසුන් සඳහා ලියන ලද පොතපත බොහෝ වේ. කොණ්ඩේ බැඳගෙන රෙද්ද ඇඳගෙන ලියන මහතෙකු නමිනි උන්නේ ගැම්ම හින්දා මහත් මෙහෙයක් ව්යත් ලෝකෙට සුරත දුන්නේ කොන්වෙවී තිබූ මහඟු මිණි මුතු ඉන් පසුයි පෙරමුණට පැන්නේ චින්තකයෙකුයැයි කියන්නට අද අපට ඔබ හැර කවුද ඉන්නේ මාර්ටින් වික්රමසිංහ චර්තාපදානය ලියූ වරක් සුප්රකට කවියකු වගේ එසේ පවසා ඇත. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම් අසාද් ලෝකයේ වැඩියෙන්ම ආචාර්ය උපාධි ලත් විද්වතා ලෙස ලොව ප්රකටය. ඔහු විසින් ලබා ඇති ආචාර්ය උපාධි සංඛ්යා විස්සක් බව සඳහන් වේ. ඉන්දියාවේ පළ වන නොබෙල් හොරස්කෝපිස් සඟරාවේ සඳහන් වන පරිදි ඔහුගේ උපතේ බුධ හා ගුරු ග්රහයන් බලවත්ව පිහිටා ඇති බව හෙළිවේ. ජ්යොතිෂයෙහි තවත් අංශයක් වූ සාමුද්රිකා ශාස්ත්රය අනුවද උපන් හපනුන් හඳුනාගත හැකිය. අත්ලෙහි ඇති සුළඟිල්ලට පහළින් පටන් ගෙන දබරඟිල්ල තෙක් පිහිටි හෘද රේඛාවටත්, හෘද රේඛාවට පහළින් ආරම්භ වූ දබරැඟිල්ල තෙක් විහිදී ගිය ශීර්ෂ රේඛාවත් අතරේ පිහිටිය හැකි කතිරයකින් යුත් බුද්ධි රේඛාව පිහිටි අය සහජ බුද්ධිමතකු වන බව සඳහන් වේ. අපරදිග ප්රකට හස්ත රේඛා විශේෂඥයකු වූ කිරෝකම ‘කිරෝස් ෆාමිස්ට්රි' ග්රන්ථයේ මෙය හඳුන්වා ඇත්තේ 'සොලමන්ස් ලයින්' නමිනි. සොලමන් රජු ග්රීක සාහිත්යයේ බුද්ධිමත් රජකු ලෙස හැඳින්වේ. බෞද්ධ සාහිත්යයේ එන 5 මහෞෂධ පඬිතුමාද එවැනිම බුද්ධිමතෙකි. යමකුගේ අත්ලෙහි මේ බුද්ධි රේඛාව වැටී ඇත්නම ඔහුට කොපමණ වියදම් කර ඉගැන්වුවත් නිශ්ඵල නොවේ. ඒ උගත් දාර්ශනිකයකු වන බැවිනි. බුද්ධිමතුන් හඳුනා ගැනීමට ජ්යොතිෂයෙන් ලැබෙන පිටිවහල විශාලය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk