Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

තුන් දොස් බන්ධන හා හිර බන්ධන කැපීමට මන්ත්රයක්..

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය - “අරිකාල් මාතුං ඉතිපිසෝ භගවා නයිරික්කාල් ස්වාමියාගේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ මුච්චං පදිනෙට්ටු තර්යා සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං සුර කට්ටු විෂ්ණු අණිං බුද්ධෝ භගවාතී කන්ද කුමාර අණිං පලයන් තෝස්වාහඃ “ ක්රමවේදය - යකඩ ඇණ නොගැසූ ලී පුටුවක් ගෙන කහ දියරයෙන් සෝදා පිරිසුදු කර කෙසෙල් කොළයක් දමා ඒ මත පුවක් මල් අතුරා හඳුන් කූරු, කපුරු, පිනිදිය, බුලත් 7, පඬුරු 7, ඇටි ඇට වර්ග 5, මල් වර්ග 5, බිත්තර 1, අඳුන් ගොටු 3, සඳුන් ගොටු 3, 5රි ගොටු 3, දියගොඩ මස්, දුම්මල ගොටු 3, පොල් තෙල් පහන් 1 පුදට තබා ආතුරයාගේ රෝගය අනුව දෙහි ගැට 7, 9, 21 හෝ එක නැට්ටේ දෙහි ගැට 3ක් ගෙන කහ දියරයෙන් සෝදා මල් නටුවේ තබා, පළ මුව මල් පහන් පුදා තුනුරුවන් වැඳ, දෙවනුව සූනියම් දෙවිඳුට පහනක් දල්වා අවසර ගෙන ඉහත සඳහන් මන්ත්රයෙන් 336 වාරයක් මතුරා කපනු. කපන ලද දෙහි වතුර බඳුනකට දමනු. පසුව එය ගලායන දිය ඇළකට දමනු. සියලුම තුන් දොස් බන්ධන, කලවා බන්ධන හා හිර බන්ධන කැපී ඔබට යහපත උදාවනු ඇත. දෙහි කැපීමෙන් පසු බුද්ධ බලයෙන් හෝ මන්ත්ර බලයෙන් නූල් 7 පට ගෙන ගැට 7 යොදා ජීවම් කරන ලද ආරක්ෂා නූලක් ආතුරයාගේ ගෙල හෝ දකුණත බඳිනු. ගව මස්, ඌරු මස් කෑමෙන් වළකින්න. උදේ - සවස මල් පහන් පුදා තුනුරුවන් වැඳ යහපත් ලෙස දිවි ගෙවන්න. බුද්ධ බලය හා මන්ත්ර බලය එකට එකතු කර මියූ මෙම මන්ත්රය පැරැණි පොතකින් උපුටා ගන්නා ලදී. යන්ත්ර මන්ත්ර ගැන උනන්දු වන ‘මව්බිම' පාඨකයනි, ඔබ මෙයින් පල ප්රයෝජන ගනිත්වා ආරක්ෂාවට නූල් ජීවම් කිරීමට මෙය යොදා ගන්න. “සාසනස්ස ච ලෝකස්ස - වුද්ධි භවතු සබ්බදා සාසනම්පි ච ලෝකඤ්ච - දේවා රක්ඛන්තු සබ්බදා “ නූල් 7 පට ගැට 7 යොදා අටෝරාශියක් (108 වර) මතුරා බඳිනු ආරක්ෂාවට (නැතිනම් මන්ත්ර බලය යොදා ගනු)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk