Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුබපල ගෙනෙන ධර්ම කර්මාධිපති යෝගය

1 year ago 7 Min read
Subha.lk
කේන්දරයක නව වැනි කොටුව ධර්මස්ථානය වේ. මෙතුළින් කෙනෙකු ආගම දහම කෙරෙහි දක්වන ඇල්ම භක්තිය පෙන්නුම් කෙරේ. දහවැන්න යනු කර්මස්ථානයයි. එනම් රැකියා ස්ථානයයි. දහවැන්නෙහි තැන්පත් හා සම්බන්ධ වන ග්රහයන් අනුව කෙනකුගේ රැකියාව තීරණය කළ හැකිය. මෙම ස්ථාන දෙකේ එකතුව ලෙස හැඳින්වෙන ධර්ම කර්මාධිපති යෝගය බලවත් සුබඵල උදා කරයි. ලග්නය ධර්ම කර්මාධිපති යෝගය උදාකරන ග්රහයෝ - මේෂ / මිථුන ශනි, ගුරු, කටක / මීන කුජ, ගුරු , සිංහ / කුම්භ කුජ, සිකුරු , කන්යා / මකර බුධ, සිකුරු , තුලා ,සඳු, බුධ , වෘශ්චික රවි, සඳු , ධනු ,රවි, බුධ , වෘෂභ, ශනි , මෙහිදී මේ ග්රහයෝගයට සම්බන්ධ වන ග්රහයන් දෙදෙනා හඳහනක පිහිටා ඇති ආකාරයද සුබ ඵල ලැබීමට වැදගත් වේ. 1, 2, 4, 5, 7, 9, 10, 11 ස්ථානවල මෙම ග්රහයෝගය ඉතා බලවත් සුබ ඵල උදා කරන අතර 6, 8, 12 බොහෝ විට එතරම් ප්රතිඵලදායක නොවේ. මෙම යෝගයේ සුබ ඵල ලෙස කෙනකුට උත්පත්ති තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක් උදාවීමට ඇති අවස්ථාව ඉතා ඉහළ අගයක පවතී. මොවුන් තුළ ගුණවත් බව, ආගමානුකූලව ජීවත්වීම, මවුපියන්ට සැලකීම ආදී ගුණාංග පිහිටයි. මෙසේ සුබ ඵල ලැබෙනවා යැයි කී පමණින් සුබ ඵල ලැබෙන්නේද නැත. ඊට ධර්මකර්මාධිපති යෝගය උදා කරන ග්රහයන්ගේ දශාවන් ලැබීම වැදගත් වේ. තවද කලට වේලාවට වැඩ කිරීම, සත්යවාදී බව, අවිහිංසාවාදී වීම ආදී ලක්ෂණ මෙම යෝගය ඇති අය තුළින් විදහා දැක්වේ. කුඩා කල සිට නායකත්වයට දක්වන ආශාව නිසා ඉහළ තනතුරුවලට සුදුස්සෝ වෙති. සමාජය තුළ වඩාත් කැපී පෙනෙයි. මේ අනුව ධර්ම කර්මාධිපති යෝගය ප්රබල ග්රහයෝගයක් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk