Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයේ තොරතුරු හෙළි කරන අත්ලේ විවිධ පිහිටීම්

1 year ago 7 Min read
Subha.lk
විවාහය කෙනකුගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් වන අතර තවත් අයකුට එය ජීවිතයේ අමිහිරි අත්දැකීමක් විය හැකිය. ඒ පිළිබඳව තොරතුරු ඔබේ කේන්දරයේ ග්රහ පිහිටීම අනුව වගේම ඔබේ අත්ලේ පිහිටන විවිධ රේඛා සහ සලකුණු මඟින් පැහැදිලි වෙයි. අත්ල අයිනේ සිට සුළැඟිල්ලේ මුලටත් හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහක රේඛා නමින් හස්ත රේඛා විද්යාවේ හඳුන්වයි. ඒ හැරෙන්නට අත්ලේ වෙන ස්ථානවල පිහිටි වෙනත් රේඛා සහ සලකුණු මඟින්ද විවාහය පිළිබඳව යම් යම් කරුණු හෙළි දරව්වේ. යමකුගේ අල්ලේ විවාහ රේඛා පිහිටා නැත්නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්රේම හැඟීමක් නොමැත. මෙවැනි රේඛා කිහිපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ සිත දුටුවන් කෙරෙහි බැඳීයන ස්වභාවයක් ඇත. විවාහ රේඛාව ප්රමාණයට වඩා පළල්ව පිහිටා ඇති විට විවාහයට කිසිදු උනන්දුවක් නැත. විවාහ රේඛාව ඉදිරියට ගමන්කර කරුවකින් අවසන් වේ නම් (1-1) එය කලහාකාරි විවාහයකි. සිකුරු මණ්ඩලයේ සිට ඇදී එන ඕනෑම රේඛාවක් විවාහ රේඛාව හා සම්බන්ධ වේ නම් විවාහය කරදරකාරිය ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි විවාහ රේඛාව වාසනාවන්ත විවාහයක් ප්රකට කරයි. දැන් අපි බලමු විවාහ රේඛාවල පිහිටීම අනුව එම රේඛා විවාහයට කෙසේ බලපායිද කියා. විවාහ රේඛාවේ කෙලවර හෘදය රේඛාව දෙසට බෑවුම් වූයේ නම් (2-2) එය වඩා අශුභ තත්ත්වයකි. සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් ඒමඟින් ප්රකට කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි රේඛාවද කුමන හේතුවක් නිසා හෝ අඹු සැමි වෙන්වීම හෙළි කරයි. වෙන්වීමට හේතුව ස්වාමිපුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර ප්රදේශයක හෝ විදේශ රටක වූයේ නම් ප්රශ්නයක් නෙවේ. නමුත් එකට ජීවත්වීමේදී සාමය නැතිවූ නිසාම හෝ ප්රේමයේ පලුදු වීමක් නිසානම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත්වේ. විවාහ රේඛාව අග (3-3) උඩ්න් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසුව ඇතිකරගන්නා වූ සම්බන්ධතාවකි. මෙය ස්ථිර අභියම් සම්බන්ධතාවක් විය හැකිය. විවාහ රේඛාවේ පහළ යටින් (4-4) සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇති කර ගන්නා වූ ප්රේම සම්බන්ධයක් තවදුරටත් පවත්වාගෙන යන බවයි. අවස්ථා දෙකේදීම රේඛා ඉතා පැහැදිලිව ඇත්නම් සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ ආත්ම ශක්තිය මත ප්රතිඵල වෙනස්වී වෙන්වීම් රේඛා සලකුණද නොපෙනී යනු ඇත. විවාහ රේඛාවට ළංව පිහිටීම (5-5) ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වී ඇතිනම් විවාහ ජීවිතයේ හදිසි බිඳවැටීමකි. විවාහ රේඛාව ආරම්භයේ සිහින්ව පසුව ගැඹුරුව ප්රබල වී නම් මුලදී යන්තමින් පැවැති ආදරය පසුව බලවත්වේ. රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින් වී නම් මුලදී පැවැති ආදරය පසුව හීනවී යයි. දැන් බලන්න මේ සමඟ පළවන 2 රූපසටහන, මනාව පැහැදිලිව ඇති දෛව රේඛාව (1-1) චන්ද්ර මණ්ඩලයේ සිට ඇදී එන ප්රබල රේඛාවක් සම්බන්ධවී නම් (2-2) එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවෙයි. මනාව සෘජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්රබල විවාහ රේඛාවකුත් පැහැදිලිව සටහන් වී ඇතිනම් ඒමඟින් සදා සැපවත් විවිහා දිවියක් පෙන්නුම් කෙරේ. ප්රබල රේඛාවක් වුවත් එහි දූපත් සලකුණු වැටී ඇත්නම් විවාහය සාර්ථක නොවේ. ඇතැම් අයගේ කුජ රේඛාව (3) ජීවන රේඛාවත් සමඟ ආරම්භ වී ටික දුරක් ගොස් වෙනස් වෙයි. (3-3) එම වෙනස්වන ස්ථානයට අදාළ වයස් සීමාවේදී එම අයගේ විවාහය සිදුවන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. වෙන්වීම සටහන් වන්නේ ජීවන රේඛාවට අදාළ අවු: 25 කාල සීමාවේදීය. එකට ජීවත්වූ මවුපිය සහෝදර සහෝදරියන්ගෙන් තාවකාලිකව වෙන්වී සහකාරයාගේ හෝ සහකාරියගේ සරණයට පත්වෙන බව එම කුප් රේඛාව මඟින් පෙන්වයි. ඔවුන්ගේ ඇසුරෙහි ගත කළ ජීවිතය කුජ රේඛාවේ පළමු කොට සෙනුත් ඉදිර යුග ජීවිතය දෙවැනි කොටසෙනුත් අනාවරණය වෙයි. කෙනකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදී අවසන් වී නම් (4) ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවනු ඇත්තේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව අවුරුදු 35ට පළ මු සිදුවිය හැකිය. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන්වීම (5) ප්රේම සම්බන්ධයකින් සිදුවන විවාහයකි. ගුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ සදා සැපවත් වාසනාවන්ත විවාහ ජීවිතය සැබෑ සලකුණක් වෙයි. එය බොහෝ දෙනකු වැලන්ටයින් කතිරය ලෙස හඳුන්වයි. එහෙත් ගුරු මණ්ඩලය මත සටහන් වූ තාරකා ලකුණ නම් සුබ නොවේ. විවාහ දිවියට සම්බන්ධ නොයෙකුත් අවුල් වියවුල්වලට එය හේතුවෙයි. දැල් සළකුණු ද ඒ වගේම අසුබදායකය. ඇතැම් අයගේ අත්ල මත පලාපල ප්රකාශ කරන්නට පළමු සැබෑ සටහන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂාකර තීරණ ප්රකාශ කළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk