Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වසංගත රෝගවලට වැට බදින සෙත් කවියේ අනුහස්..

1 year ago 7 Min read
Subha.lk
ලෝකයේ විවිධ රටවල වෙසෙන මිනිසුන්ට මෙන්ම ශ්රී ලාංකික ඔබ අප සියලු දෙනාටද මේ දිනවල මුහුණපෑමට සිදුව ඇත්තේ මහා භයානක විපතකටය. එනම් කොවිඩ් වසංගත රෝග බියයි. බලවත් යැයි සම්මත රටවල මිනිසුන්ට පවා මෙම රෝගය පාලනය කරගත නොහැකිව ඇතැම් රටවල් එකම විසාලාවක් වූ අයුරු පසුගිය දිනවල මාධ්ය මඟින් අපට දක්නට ලැබිණි. අප රටේද අද පැතිර යමින් ඇති කොවිඩ් වයිරසය බාල, තරුණ, මහලු හැම දෙනාටම පීඩාකාරී වේ. අපට ඇති එකම අස්වැසිල්ල ආගම දහමේ පිහිටයි. 'ධම්මො හවේ රක්ඛති ධම්මචාරී' යන බුදු වදනින් පැහැදිලි කර ඇත්තේ ධර්මානුකූලව ජීවිතය ගත කරන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන බවයි. එදා විසාලා මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ රතන සූත්ර දේශනාවයි. මෙහි ගාථා 17කි. බුදු ගුණ ගාථා 3කි. දහම් ගුණ ගාථා 02කි.සඟ ගුණ ගාථා 07කි. ඉතිරි ගාථා 05 නමස්කාර ආදිය සඳහාය. මෙහි ගාථා උපේන්ද්රවජ්රා යන වෘත්තයෙන් ප්රබන්ධ කර ඇත. උදා-“යානීධ භූතානි සමාගතානී” මෙහි පාදයකට අකුරු 11 බැගින් යෙදී ඇති අතර අර්ථය වෙනස් වීම වැළැක්වීමට සමහර ගාථාවල අකුරු අඩු වැඩි වී ඇත. අනඳ තෙරණුවන්ද බුදුරදුන්ගේ පාත්රයට පැන් ගෙන නිලධාරීන් සමඟ විසාලානුවර වටේ පාද චාරිකාවෙහි යෙදෙමින් මෙම සූත්රය බොහෝ වාර ගණනක් සජ්ඣායනා කර ජනී ජනයා සුවපත් කළ බව පූජාවලියෙහි සඳහන් වේ. එදා බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නය සිදු කළ ඒ මහා මෙහෙවර අද සිදුකරන්නේ අප රටේ වෙහෙර විහාරස්ථානවල වැඩ වසන ගෞරවනීය මහ සඟරුවනයි. කොවිඩ් වයිරසය අපේ රටට පැමිණි මුල් දවසේ පටන් මේ දක්වා ගම්නියම් ගම්වල සැරිසරමින් රතන සූත්රය දේශනා කර පිරිත් කර පිරිත් පැන් ලබාදෙමින් රට වැසියන් මෙම උවදුරෙන් මුදා ගැනීමට උන්වහන්සේ කරන කැපවීම අපි අමතක නොකළ යුතුය. ඔබ අප සියලු දෙනා මේ තරමින් හෝ ආරක්ෂා වී ඇත්තේ අපේ රටේ පවතින මෙකී ආගමික පරිසරය නිසාය. එසේ නම් ඔබ අප අවබෝධ කරගත යුත්තේ ධර්මානුකූලව ජීව්ත ගත කරන්නේ නම් ස්වාභාව ධර්මය තුළින්ම අපගේ ජීවිත ආරක්ෂා වන බවයි. ශ්රී සම්බුද්ධ පාද ස්පර්ශයෙන් තෙවරක්ම පාරිශුද්ධත්වයට පත් පින්බිම ශ්රී ලංකාවයි. ශ්රී ලංකාව සහ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීමේ වගකීම එදා උන්වහන්සේ පවරනු ලැබුවේ ශ්රී විෂ්ණු දිව්ය රාජයාණන් වහන්සේටය. ලෝක පාලක දෙවියන් ලෙසද ශ්රී විෂ්ණු දෙවියන් ප්රකටය. ජාති - ආගම් භේදයකින් තොරව අදහන, දුක සැප දෙකෙහිදීම සමසේ පිහිට වන දෙවියකු ලෙස ශ්රී කතරගම දිව්ය රාජයාණන් වහන්සේ ප්රකටය. එම නිසා හැකි සෑම අවස්ථාවකම පින් රැස්කර ගෙන උන්වහන්සේට පින් අනුමෝදන් කර ආශීර්වාද ලබාගැනීම තුළින් අපගේ ජීවිත ආරක්ෂාව සලසා ගත හැකිය. ඒ අනුව ලෝකය, ශාසනය අපව ආරක්ෂා කරනු ලබන ශ්රී විෂ්ණු, කතරගම දිව්ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලබාගත හැකි පරිදි ශබ්ද ශාස්ත්රානුකූලව ගණ පිහිටුවා මා විසින් රචනා කරන ලද අගනා සෙත්කවි දෙකකි. නිති පුද සිරිත් පවත්වා රාත්රි 9න් පසු එක කවියක් 3න් වර බැගින් (1×3) ගෙදර බුදුමැඳුර අබියස සිට සුගායනය තුළින් ඔබට,රටට,අපට වින කරන කොරෝනා වසංගත රෝග බය රටින්ම තුරන් කිරීමට ඇප කැප වෙමු. ශ්රී විෂ්ණු දිව්ය රාජයාණන් වහන්ස - දාරක පේමෙනි ලෙව්සත සුරකින දස පාරමී දම් සපුරමි නා පෑනෙක අණ තෙද සිරිවෙණු සුරිඳුනි සම්මා සම්බුදු බව පත නා බාධක කෝවිඩ් වසංගතය දුරලමින අපට මෙත පතුරම් නා මාරක රෝ බිය දුරහැර ලක දන රැකගනු මැන ඔබ බැතිපෙමි නා……………. ශ්රී කතරගම දිව්යරාජයාණන් වහන්ස - දික්රුපු නම් ලද රුපු නෙඩි මංන සුර කැල රැකි අණ තෙද පතුරා කිත් පැසසුම් මැද වැජඹෙන කඳ දෙව් රජිදේ රැඳි මයුර සුන අරා මෙත් සිත පාමින ලක් ජන වැසි නව සමාව දී රෝ දොස දුරැ රා අත් කරමින් සෙත රැකගනු මැන අප කෝවිඩ් වයිරසෙ කර බැහැරා…………….

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk