Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මුහුදු අනතුරු පිළිබඳ විමසිලිමත් විය යුතු කාලයක්

1 year ago 7 Min read
Subha.lk

මහ සයුර නියෝජනය කරන ග්‍රහයකු වන නැප්චූන් ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 1 වැනිදා ආශි්‍රතව වක්‍ර චලිතයෙන් මිදී නිවෘත චලිතයක් කරා පිවිසෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 1 වැනිදාට ආසන්න දිනවලද, 2021 වසරෙහි දෙසැම්බර් 1 වැනිදායින් පසුව එළැඹෙන දිනවලද මුහුද රළු වීමට, සුළි කුණාටු ඇති වීමට සහ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට ඉඩකඩ ඇති බැවින් එම දින ආශි්‍රතව ධීවරයන් සහ මුහුද ආශි්‍රතව රැකියාවන් කරන වෙනත් අය තම ආරක්‍ෂාව පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය. 

 

මීට අමතර ලෙස 2021 වසරෙහි දෙසැම්බර් 4 වැනිදා මධ්‍යය එදින ප.ව. 1.05 වන සේ වෘශ්චික රාශිය තුළ දෙට නැකැතේ 1 වන පාදයෙන් පූර්ණ සූර්යග්‍රහණය සිදුවීමට අනුවද 2021 වසරෙහි දෙසැම්බර් මාසයෙහි පළමු සතිය තුළ මහ මුහුදෙහි කාලගුණයේ සිදුවන බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාස පෙන්නුම් කෙරේ.

 

එමෙන්ම 2021 වසරෙහි දෙසැම්බර් 4 වැනිදා සිදුවීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණයට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 4 ආශි්‍රත දිනවල සහ 2021 වසරෙහි දෙසැම්බර් මස 4 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල  වර්ධනයක් පෙන්නුම් කරන අතර නව ගිවිසුම් ආදිය අස්සන් කිරීමටද නව අණපනත් සම්මත වීමටද ඉඩකඩ පවතින බව පෙනේ. එලෙසම 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා සිදු වීමට නියමිත කුජ මාරුවට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත් 2022 වසරෙහි ජනවාරි 16 වනිදාත් අතර කාල සීමාව තුළ කිසිවෙක් බලාපොරොත්තු නොවූ සිදුවීම් හේතුවෙන් දේශපාලන ක්‍ෂේත්‍රය දැඩි ලෙස උණුසුම් වීමට ඉඩකඩ පවතින බව පෙනේ. විශේෂයෙන් සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 4 ආශි්‍රත දිනවල සහ 2021 වසරෙහි දෙසැම්බර් 4 වැනිදායින් පසුව එළැඹෙන දින 10 තුළ බලාපොරොත්තු රහිත හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනවලට පවා ඉඩකඩ පවතින බව පෙනේ. තවද මෙම ග්‍රහ ගෝචරවලට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 4 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර පාර්ලිමේන්තුව තුළ සිදුවන අසුබදායක සිදුවීම්ද පෙන්නුම් කෙරේ. එමෙන්ම කුජ ග්‍රහයා වෘශ්චික රාශිය තුළ හැසිරෙන 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත්, 2022 වසරෙහි ජනවාරි 16 වැනිදාත් අතර කාලසීමාව තුළ නාය යෑම්වලට, ගොඩනැඟිලි කඩා වැටීම්වලට සහ පොළොව සෙලවීම් ආදියට වෙනදාට වඩා ඉඩකඩ පවතින බව පෙනේ. කෙසේ වෙතත් 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා සිදුවීමට නියමිත කුජ මාරුවට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදායින් පසුව එළැඹෙන සති 2 තුළ කෘෂිකාර්මික ගැටලුවලට යම් තරමකට හෝ සහනදායී විසඳුම් ලැබෙන බව පෙනේ.

 

 

 

2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා පෙ.ව. 5.58ත් 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා පෙ.ව. 7.49ත් අතර කාලසීමාව තුළ චන්ද්‍ර ග්‍රහයා නීචව හැසිරෙන අතර එම කාලසීමාව තුළ කුජ ග්‍රහයා ප්‍රබලව හැසිරෙන බව පෙනේ. එම නිසා 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනි දින අනතුරු වැඩි වීමේ ඉඩකඩ ඉහළ යන බැවින් ගමන්-බිමන් යෑමේදී වෙනදාට වඩා විමසිලිමත් විය යුතු අතරම අවදානම්කාරී කටයුතුවලින් ඉවත්වීම සුදුසුය.

 

කෙසේ වෙතත් 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා සිදුවන කුජ මාරුව වඩාත්ම තීරණාත්මක වන්නේ මේෂ ලග්න  හිමියන්ට වන අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

 

ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - පාරින්ද්‍ර සුගතදාස (28/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk