Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෑම වැඩකටම බාධා කරන සකට යෝගය

1 year ago 7 Min read
Subha.lk
ගුරුට හයේ, අටේ, දොළහේ සඳු සිටි කල්හි සකට යෝගය යෙදේ. සකට යෝගය යම් කිසි කේන්දරයක සිටි විට ඔහුට දියුණුව පිණිස කරන සෑම වැඩකටම බාධා ගෙන දේ. එනම් ඥාතීන්ගේ සබඳතා පලූදු වීම, මිල මුදල් සෙවීමේ කටයුතුවලදී ඉතා බාධක ගෙනදීම, රැකියා කටයුතු එක දිගට එක ස්ථානයක කර ගෙන යෑමට අපහසු වීම. පරාශර ඍෂිතුමා වරහ මිහිර ග්රන්ථයේ සඳහන් කොට ඇත්තේ සියලු ග්රහයන් 1,7 සිටි විට සකට යෝගය යෙදෙන බවයි. නමුත් වැඩි මතය ඉහත ගුරුට හයේ, අටේ, දොළහේ සිටි විට යෙදෙන බවයි. මෙම යෝගයේ අශුභ පල සෑම විටම ගෝචර සඳු උපන් ලග්නයේ ගුරු සිටි රාශියෙන් 6,8,12 ගමන් කරන විට ගෙනදේ. අප යම් කිසි නැකැතක් සාදන විට තත්කාල ලග්නයේ ගුරු සිටි රාශියෙන් 6,8,12 සඳු සිටි විට සකට යෝග දෝෂය නිසා එම නැකැතේ බල අඩුවේ. මේ නිසා නැකැත් සෑදීමේදී සකට යෝග දෝෂය මඟහරින වේලාවක එම නැකැත සාදා ගත යුතුයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk