Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙවියන්ට විභාග සමත් කරවන්න පුලුවන්ද ?

1 year ago 7 Min read
Subha.lk
පසුගිය දිනක පළවූ ලිපියකින් පසු මා හට දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. ඒ අතරින් වැඩි පිරිසක් අසා සිටියේ, මගේ දරුවා මෙවර විභාගයට පෙනී සිටිනවා, දෙවියන්ට බාර වුවහොත් විභාගේ සමත් වෙයිද? කොහොමද දෙවියන්ට බාරයක් වෙන්නේ. තවත් අය ප්රකාශ කර සිටියේ මගේ දරුවාගේ විභාගේ වෙනුවෙන් බාරයක් වුණා. ඒත් විභාගේ අසමත්, ඇයි මෙහෙම වුණේ. බාර වුණු විදිහ වැරැදිද නැත්නම් අපෙන් වරදක් සිදුවුණාද දන්නේ නැහැ යනුවෙනි. ඔවුන්ගේ එම හඬ තුළ තිබුණේ ඇයි දෙවියෝ අප දිහා බැලුවේ නැත්තේ, අපි සමඟ කෝප වෙලාද යන මතයයි. තවත් සුළු පිරිසක් පවසා සිටියේ අපේ දරුවා වෙනුවෙන් දෙවියන්ට බාරයක් වුණා. දරුවා ඉහළින්ම සමත් වුණා. දැන් බාරය ඔප්පු කරන්න ප්රධානම දේවාලයට යන්න ඕනේද? කොච්චර කාලයකින් බාරය ඔප්පු කරන්න ඕනේද? වැනි ප්රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට මට සිදු විය. බොහෝ අය කතා නොකළට අද සමාජය තුළ මෙවැනි ප්රශ්න ඇත. මෙය කියවන ඔබටත් සමහර විට මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නට පුළුවන්. ගුරුවරයකු හැටියට ශිෂ්යයන් ගැන මට හොඳ අවබෝධයක් ඇත. ඒ අනුව ශිෂ්යයන් අධ්යාපන මට්ටම අනුව කොයි වගේ ප්රතිඵලයක් ගනීද? යන්න අපට හොඳ ඉවක් පවතී. එසේම මවුපියන් තමාගේ ළමයාව ඉතා ඉහළ තලයකට ගෙන ඒමට බොහෝ වෙහෙසක් දරති. ඒත් ඉතා සුළු පිරිසක් මවුපියන්ගේ බලාපොරොත්තු කඩකර දමන්නේ මවුපියන්ගේ නෙත්වලට කඳුළක්ද උරුම කරමිනි. අප රට තුළ පවතින මෙවැනි තරගකාරී විභාග තුළ පාසල් අධ්යාපනයට අමතරව, උපකාර පන්තිවල අමතර දැනුමත් ළමයාට ලබාදීමට මවුපියන්ගේ දැඩි උනන්දුවක් පවතී. එම දැනුමත් මදි නිසාදෝ යන්ත්ර - මන්ත්ර හා නොපෙනෙන බලවේගයන්ගේ පිහිටද ළමයාට ලබාදීමට උත්සාහ කරයි. ඒ අනුව විභාගය ළංවීමත් සමඟ ආගම් භේදයකින් තොරව දෙවියන්ට බාරහාර වීමට මවුපියන් පෙලඹේ. මෙය වරදක් හැටියට මා දකින්නේ නැත. ඒ මන්ද සෑම මවුපියකුගේම ඒකායන බලාපොරොත්තුව ළමයාගේ ජයග්රහණයයි. ඒ අහිංසක බලාපොරොත්තු ඉටුකර ගැනීමටයි අවසාන මොහොතේ දෙවියන්ගේ පිහිට පතන්නේ. කෙසේ වෙතත් අප රටේ පවතින කඩයිම් විභාගවලට සිසුන් ලක්ෂ 4 - 5 අතර ප්රමාණයක් වරකට පෙනී සිටියි. මේ අතර දෙවියන්ට බාරහාර වී විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම කිසිදු බාරහාරයක් නොවී සහභාගි වන සිසුන්ද සිටිති. මෙම කණ්ඩායම් දෙකෙන්ම අවසානයේදී විභාගය හොඳින් සමත් වන සිසුන් මෙන්ම අසමත්වන සිසුන්ද සිටියි. එසේ නම් මෙම ප්රශ්නය දෙස බුද්ධිමත් ඔබ විමර්ශනාත්මකව බැලිය යුතුයි. ඉතා උනන්දුවෙන් පාඩම් කර, මහන්සි වී විභාගයට පෙනී සිටින දූ දරුවන් මෙන්ම, උනන්දු නොවී සුදුසු වයස එළඹීමත් සමඟ විභාගයට පෙනී සිටින සිසුහු ද සිටිති. මෙවැනි අයකු දෙවියන්ට බාර වී විභාගය සමත් කර දෙනමෙන් ඉල්ලීම සාධාරණද? අපේ සමහර මිනිසුන් මෙන් මුදල්වලට, වෙනත් ලාභ ප්රයෝජනවලට විභාගවලට උදවු කරන ආකාරයට දෙවියන්ගෙන්ද මෙම ගනුදෙනුව සිදුකළ හැකිද? දෙවියන් යනු කවුරුන්දැයි පළමුව තේරුම් ගත යුතුය. දෙවියන් සෑම විටම සර්ව සාධාරණය. එවැනි කරුණක් උදෙසා දෙවියන්ගේ පිහිට ලබා ගත හැකිය. ඒ සඳහා අපද සුදුස්සන් විය යුතුයි. මෙය අධ්යාපන සුදුසුකමක් නොවේ. එය ආධ්යාත්මික සුදුසුකමයි. මෙය විභාග සමත් කරනවාට වඩා අපහසුය. ඔබ කෙසේ හෝ මෙම සුදුසුකම් ලබාගත හොත් ඔබ යමක් ඉල්ලුවත් නැතත් ඒ සෑම දෙයක්ම ඔබට හිමි වේවි. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවි. ඒ තුළින් ඔබගේ ප්රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගත හැකිය. විභාග සම්බන්ධයෙන් දෙවියන් හා ගනුදෙනු කළ යුත්තේ කෙසේද? යන්න මා ලද අත්දැකීම් අනුව යමක් පවසන්න කැමතිය. අප ළමයින්ගේ ජන්ම පත්රය පරීක්ෂා කිරීමේදී හොඳ අධ්යාපන මට්ටමකට දරුවාට යා හැකිව තිබුණත් එයට අසුබ දශාවන් හෝ ග්රහයන්ගේ ගෝචරයෙන් අපලකාර් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නට පුළුවන. මෙම අවස්ථාවේදී නියමිත ශාන්තිකර්මවලට යොමුවෙමින්, දෙවියන්ට බාරවී කටයුතු කිරීම තුළ එම අසුබ කාලය, දුරු කර අධ්යාපනයට තිබූ බාධක ඉවත් වීම තුළින් ළමයාගේ උනන්දුව ඇතිවී විභාගය සාර්ථකව සමත් කරගත හැකිය. මෙහිදී විභාගය සමත් කරවූයේ දෙවියන් නොව ළමයාගේ ශක්තියයි. එසේම සමහර දරුවන්ගේ ජන්ම පත්රය තුළ විභාගයට මුහුණ දෙන කාල වලදී සුබ දශාවන් හා සුඛ ග්රහ රටාවන් නිර්මාණය වී තිබේ. මේ තුළින් දරුවා ඉතා උසස් ලෙස විභාගය සමත්වේ. මෙයට කිසිදු දෙවිකෙනෙකුගේ පිහිට අවශ්ය නොවේ. මෙවැනි දරුවන් ඉහත මා සඳහන් කළ දෙවැනි කණ්ඩායමට අයත් දරුවන්ය. එසේම තව එක් දෙයක් මතක තබාගත යුතුයි. ඔබ කොතරම් දරුවාගේ අධ්යාපනික තත්ත්වය උසස් කර ගැනීමට හිතුවත් දරුවාට උරුම වූ අධ්යාපන මට්ටමක් පවතී. එයයි විශ්ව නීතිය. ඒ අනුව එම තත්ත්වය කරා දරුවා රැගෙන යෑමට ඔබ බුද්ධිමත් විය යුතුයි. මෙයට ඔබට තිබෙන ප්රධාන අලෝකය ජ්යොතිෂයයි.දරුවාගේ නිවැරැදි ජන්ම පත්රය විභාගයට වසරකට පෙර හෝ අඩුම ගානේ මාස 6කට වත් පෙර පරීක්ෂා කරගන්න. ඒ අනුව දරුවාගේ තත්ත්වය තේරුම් අරගෙන, ශාන්තිකර්ම කිරීමට අවශ්ය නම් එම අපල කාලය දුරු කර ගැනීමට දෙවියන්ට බාර වී පිහිට පතන්න. එම වතාවත් කාලයක් තිස්සේ කර ගැනීම තුළ ඔබට අවශ්ය පිහිට ලැබේ. ඒ තුළින් ළමයාගේ විභාග ජය පමණක් නොව, ලැබෙන්නට තිබෙන අනෙකුත් වරප්රසාදද හිමිවේ. සෑම ක්රියාවකට ප්රතික්රියාවක් පවතින බව සිහියේ තබාගෙන කටයුතු කරන්න. එවිට දෙවියෝද ඔබට සාදුකාර දෙනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk