Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුව නොවන උළුක්කු තැලීම් කඩිනමින් සුව කරන බලගතු සදුන් තෙල් ජීවම

1 year ago 7 Min read
Subha.lk
සඳුන් තෙල් ජීවමක් - නිවෙසේදීම තමාට තනිව සාදාගත හැකි බැවින් ගුණාත්මක බවින්ද ඉහළයි. නියම පිරිසුදු සඳුන් තෙල් ජීවම සදහා යොදා ගන්න. ලොකු, පොඩි ඕනෑම කෙනෙක් එදිනෙදා කටයුතු සිදු කිරීමේදී, ගමන් බිමන් යෑමේදී වගේම, කය වෙහෙසා සිදු කරන ඕනෑම කටයුත්තකදී නොදැනීම හෝ නොදැනුවත්වම ශාරීරික පීඩාවන්ට ලක්වීම සාමාන්ය දෙයක්. මෙවන් අවස්ථාවක දී ඉන් ලබන වේදනාවේ ප්රමාණාත්මක භාවය අනුව ක්ෂණිකව ඒ මෙහොතේදීම දේශීය හෝ බටහිර යන දෙඅංශයෙන් ඕනෑම එකකට යොමුව පිහිට ප්රතිකාර ළංකර ගනු ලබන්නේය. ඇතැම් අවස්ථාවන්හිදී කෙටිකාලීන ප්රතිකාර හමුවේ මේවා ඉක්මන් සුවය කරා යොමු වීම සිදුවුවත්, ඇතැම් ජන්මින් මෙවැනි තත්ත්වයන් හමුවේ ජීවිත කාලය පුරාවටම පීඩා විඳින අවස්ථාවන් ද නැත්තා නොවේ. මෙසේ බොහෝ කාලයක් පුරාවට කලකට ඉහතදී ඔබ පීඩාවට ලක්වූ තැළීම්, උළුක්කු වීම්වලින් සහනයක් නොවී නිරායාසයෙන් පීඩාවට ලක් වනවා නම් හෝ අපහසුතාවයෙන් පෙළෙනවා නම්, අද දින ඔබට දේශීය ගුප්ත ක්රමයන් තුළ අදටත් බලාත්මකව පවතිනු ලබන සහනදායි ක්රමවේදයක් පෙන්වා දීමට කැමැත්තෙමි, ඔබ කොතරම් වියපැහැදම් කළද බලාපොරොත්තු වන අයුරින් නිසි සහනය නොලැබුණු අවස්ථාද තිබෙන්නට පුළුවන්. කෙසේ නමුත් මෙය තමාට තමාගේ කැපවීම තුළින්ම යම් පරිශ්රමයක් දරා නිවසේදීම සූදානම් කර ගත හැකි ප්රතිකර්මයක් නිසාවෙන් අනෙකුත් යන්ත්ර මන්ත්ර යොදා ගැනීමේදී පිළිපැදිය යුතු පවිත්රභාවය ආදියට මුල් තැනක් ලබා දෙන්න. පුරුදු පරිදි සාමාන්ය ලෙසින් සූදානම් කර ගනු ලබන මල් යහනක් සාදා ජීවම සඳහා යොමු වන්නේ නම් කාරණාවේ ඵලදායීත්වයද ඉහළ යනු ඇත. මල් යහනේ තැබිය යුතු දේට අමතරව මේ සඳහා යොදාගත යුත්තේ පිරිසුදු සඳුන් තෙල් කාලක් පමණි. ඒ වගේම මෙම සඳුන් තෙල් ඉතාමත් පිරිසුදු තත්ත්වයේ ඒවා විය යුතුය. දැන් පළමුව පුර පක්ෂයේ දිනක උදෑසන 06.00ට පෙරාතුව මල් යහන තනා හොඳින් සාම්බාණි දුම් දී, යහන මධ්යයේ පිරිසුදු මැටි පාත්රයකට සඳුන් තෙල් සියල්ල දමා තැම්පත් කරන්න. එහි වටා හොඳින් නැවුම් මල් තබා නැවතත් සුවඳ දුම් දෙන්න. දැන් පළමුව උතුම් තුන් රුවනේ ආශිර්වාදය ගෙන යහනට මුව ළං කරමින් දේවාරාධනාව සිදු කරමින් දෙවනුව තමාගේ ගැටලුව ඉෂ්ට දේවතාවුන් හමුවේ කියා සිට, සිදු කරනු ලබන ආශීර්වාදාත්මක ක්රියාවේ තතුද දේව මණ්ඩලය හමුවේ කියා සිටින්න. අවසානයේදී ඇති මන්ත්රයෙන් පළමු දින 108 වාරයක් ජීවම් කරන්න. මෙන්න බලවත් මන්ත්රය - ඉන්දුචාප නිබෝනීල භූතන්තාව සුසජ්ජිතෝ බංවනං කුස සන්ථාස තුංග නාකේරෝචතී ගිංගිංඩිං දෝං දෝං හිං හිං හිං අං ඉං චිං ඩිං විෂ්ණු විනාසාය සුං සුං නම: නැවතත් දෙවැනි දිනද ඒ ආකාරයෙන්ම 108 වාරයක් සඳුන් තෙල් ජීවම් කිරීම සිදුකර කටයුත්ත අවසන් කර ගන්න. දැන් ඔබ සඳුන් තෙල් පාත්රය සුරක්ෂා සහිත බෝතලයකට දමා ගැනීමෙන් පසුව පාච්චිය සඳහා යොදාගත හැකිය. ශරීරයේ කැක්කුම්, තැළීම්, උළුක්කු පවතිනා ස්ථානයේ ජීවම් කළ තෙල් හොදින් තවරා - ඉතිපිසෝ භගවා.... ආදී නව අරහාදී බුදු ගුණ සජ්ජායනය සිදු කරමින් හොඳින් අතගාමින් අදිනු. මෙසේ දිනකට දෙවතාවක් හොඳින් මෙසේම ඉදිරියට සිදු කරන්න. දින 07ක් ගත වන්නට පෙරාතුව මෙතෙක් නොලද බලවත් සහනය ලබන්නට හැකියාව ඔබට පවතිනු ඇත. මෙතුළින් ඔබට දිවියේ නිරෝගී සැප ලබන්නට හේතු වාසනා වේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk