ඕරාව ශක්තිමත් කොට ත්රීශක්තිය සමබර කර ගනිමු.
සෑම ආකාරයකින්ම කල්පනා කර බලන විට අංගසම්පූර්ණ වූ මිනිස් සිරුර වනාහි ප්රධාන ඉන්ද්රිය හා උපාංග කිහිපයකගේ එකතුවෙන් සැදුම් ලද්දක් බව ඕනෑම කෙනකුට වැටහේ. එහෙත් එහි ප්රමාණයෙන් වැඩි කොටස පමණක් පරීක්ෂා කර බලා නිගමනයකට එළැඹීම යුක්තියට එකඟ නොවේ. යුක්තිසහගත නොවේ. සත්ත්වයා සහ ලෝකය පිළිබඳවද එසේමය. ලෝකයෙහි සෑම කරුණක්ම ඉතා සියුමිව විනිශ්චය කිරීම ආර්ය සෘෂිවරයන්ගේ ක්රමවේදය විය. අන් වස්තූන් මෙන්ම මෙම මනුෂ්ය ශර්රය පිළිබඳවද අවබෝධ කර ගැනීමට යථාර්ථවය, ආප්තෝපදේශ, ප්රත්යක්ෂ, අනුමාන යුක්ති යන සතරකාර උපායයෝ ඔවුන්ට උපකාර් විය. එහෙයින් මේ මනුෂ්ය ශර්රයද එක්තරා පරමාණු සමූහයකගේ විධිමත් මිශ්රණයක් බව ඔවුන්ට ප්රත්යක්ෂ විය.
ශරීර අවයවයෝ වනාහි අති බහුල බැව්හුත් අති සියුම් හෙයිනුත්, ඉන්ද්රීය විෂය ඉක්මවා සිටින නිසාත් පරමාණු භේදයෙන් අසංඛ්යවෙන් යන චරක ආචාර්යවරයාගේ කියමනෙන් එය මනාව වැටහේ. ශරීරය පිළිබඳ ඇති සියලු රහස් තත්ත්වයන් අවබෝධ කරගැනීමට ඉන්ද්රිය විෂය ඉක්මවා යන අනිඉන්ද්රිය ඥානය මෙහෙයවා සියුම් අවයව අවබෝධ කරන සහිත අවසාන තීරණයකට එළැඹීමට ඔවුනට හැකි විය. ඔවුන්ගේ මතයට අනුව ලෝකයේ පවතින සියලු ජීව කටයුතු එක්තරා ශක්ති ත්රිත්වයක (ශක්ති තුනක) එකිනෙකට සම්බන්ධ වූ සහයෝගිත්වය හේතු කරගෙන රඳා පවතී.
මෙම ශක්ති ත්රිත්වය ලෙස, 1. ගති ශක්තිය නැතිනම් සෙලවීම.
2. තේජෝ ශක්තිය හෙවත් තාප ශක්තිය, උණුසුම.
3.ආපෝ ශක්තිය හෙවත් හීතල ගතිය (රැස් කිරිම) හඳුන්වා දිය හැකිය.
ලෝකය පිළිබඳ සියලු වස්තූන්ගේම ආරම්භයේ සිට විනාශය දක්වාම ඇති ක්රියාකාරී ස්වභාවය මෙම ශක්ති ත්රිත්වයට අයත් වේ. මොවුන් අතරින් යම්කිසි අඩු වැඩියක් වූ විට විවිධාකාර වූ වෙනස්කම් හෙවත් විපර්යාස ඇති වේ. මෙම ශක්ති ත්රිත්වයෙහි කටයුතු වන්නේ ගති, තාප හා ආපෝ යනාදියයි.
අපරදිග මත පිළිබඳ විමසීමේදී ඔවුනගේ මතයද ඍෂිවරුන්ගේ මතයට සැලකිය යුතු සමානකමක් දක්වන බැව් පෙනේ. ලෝකයේ පවත්නා සෑම දෙයක්ම ඇසට නොපෙනෙන අණු විශේෂයකින් (molecules) සැදුණු බවද එම අනු පිළිබඳව එක්තරා කම්පනයක් (molecular vibration) මුළු ලෝකයෙහිම පැතිර පවත්නා බවද එම කම්පනය හේතු කරගෙනම ලොව ඇති සියලු ක්රියාවන් සම්පාදනය වන බවද අපරදිග මතය කියැවේ. මෙකී අණු පිළිබඳව කම්පනය ඇතිවන්නේ ගති ශක්තිය හෙවත් ගමන් කිරීමේ ශක්තිය නිසාවෙනි. ගති ශක්තිය යම් තැනක වේද තාප ශක්තියද එතැනම වේ. ගති ශක්තියෙන් ආනව්ක කම්පනය හෙවත් අණු සෙලවීම් සිදුවන විට එම අණු එකිනෙක ගැටීම (friction) හේතුකොට ගෙන තාපය උපදී. කම්පනය අඩු වැඩි වීම හේතුකොට ගෙන තාපයද අඩු හා වැඩි වේ. ශරීරය තුළද තාපය රඳා පවතින්නේ මේ ආකාරයෙනි. මෙම ආනවික කම්පනයෙන් හටගන්නා තාපය මර්දනය කිරීම පිණිස ලෝකයෙහි අනෙකුත් ශක්තියක් නොමැති වී නම් ලොව ඇති සියලු දේ භෂ්මඞ් යනු නොඅනුමානය. එහෙත් ලෝකයෙහි එබඳු විපර්යාසයක් සිදු වනු දකින්නට නොලැබෙන හෙයින් එම තාපය මර්දනය කරන අභ්යන්තර ශක්තියක් ඇති බව වටහා ගත හැකිය. එම ශක්තිය වනාහි ආපෝ ශක්තිය වේ.
මෙම ආපෝ ශක්තිය හටගත් තාපය ක්රියාවිරහිත කිරීම හෙවත් නිවා දැමීම සිදු කරයි. කරකැවෙන චක්ර සහිත වූ ස්ථානවල මධ්යයේ යොදා ඇති තෙල් ග්රීස් වැනි හා ආපෝ පදාර්ථය හේතුකරගෙන චක්ර සහිත ස්ථානවල ඇතිවන රත් වීම වළකාලන්නේය. ඒ ආකාරයෙන්ම ආනවික කම්පනය හේතුවෙන් හටගත් තාපයද ආපෝ ශක්තිය හේතු කරගෙන නිවා දමන්නේය. සියලු වස්තූන් කෙරෙහි මෙම නීතිය පොදුවේ. ලෝකයද මෙම ශක්ති ත්රිත්වය තුළ රඳා පවතී. පංච මහා භූතයන්ගෙන් හටගත් මෙම ලෝකය හා ශරීරයද එක හා සමානව මෙම වෙනස්කම්වලට මුහුණ දේ. මෙම ශක්ති ත්රිත්වය අතරෙන් ගති ශක්තිය වාතයෙන්ද තේජෝ ශක්තිය සූර්යයාගෙන්ද ආපෝ ශක්තිය චන්ද්රයාගෙන්ද ලෝකයට ලැබෙන බව වර්ෂ දහස් ගණනකට පෙර විසූ ප්රසිද්ධ ශල්ය වෛද්යවරයකු ලෙස ඉමහත් ගෞරවාදරයට පාත්ර වූ ධන්වන්තරී සෘෂිවරයා පවා ප්රත්යක්ෂයෙන් දැන සිටියේය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කාරණයක් ඇත්තේය. එනම් මා මෙහි මුලින්ම සඳහන් කොට ඇති ජීව ශක්තිය පිළිබඳවය. මනුෂ්යයන් පිළිබඳ කතා කිරීමේදී ඔහුගේ ශර්රයේ ක්රියාකාරිත්වය ඇති කරන එක්තරා ශක්තියක් ගැන අපි කතා කළෙමු. ඒ ජීවන ශක්තිය නම් විය ශාරීරික ඉන්ද්රියන් කෙබඳු ආකාරයකින් හෝ පීඩා නොවී නිරෝගීව තිබුණත් ජීවන ශක්තිය ගෙවී ගොස් තිබේ නම් එහි ප්රාණය නොපවතී. පීඩා වී තිබුණත් ජීවන ශක්තිය නොගෙවී තිබේ නම් ප්රාණය නොනැසී පවත්නා වේ.
අප වර්තමානයේ නිවෙස්වල භාවිත කරන සෑම විදුලි බුබුළකට වුවද යම්කිසි සීමාසහිත ආයු කාලයක් තිබේ. එය ඉක්මවූ පසු එහි කිසිදු ආලෝකයක් දක්නට නොලැබේ. බොහෝ විට බල්බයන් හොඳින් තිබුණද ඒවාට ලැබිය යුතු විදුලි ශක්තිය නොමැති බව දක්නට ලැබේ. විදුලි ශක්තිය ලැබුණුද සමහර බල්බ පිලිස්සී ගොසිනි. විදුලිය සැපයුමද බල්බවල තත්ත්වය හොඳ වුවද එහි අභ්යන්තර උපාංගවල ගෙවී යෑම නිසාද බල්බය ආලෝකය පිට නොකරයි. එමෙන්ම මිනිසාගේ සිරුරේද එබඳු විදුලි ආලෝකය වැනි ජීවනීය ශක්තියක් ඇත්තේය. ගෘහස්ථ බල්බවලද ආලෝකය ඇති කරන්නේ අදෘශ්යමාන ධන හා ඍණ (Negative,Positive) විදුලි ශක්ති දෙකක් සුදුසු අන්දමින් සංයෝග වූ නිසාය. මිනිස් සිරුරේද එක්තරා ශක්ති දෙකක් තැන්පත්ව ඇත්තේය. අපි එම ශක්තීන් පරමාත්ම, ජීවත්ම ශක්ති නමින් හඳුන්වමු. එම ශක්තීන් දෙක අපට ලැබෙන්නේ පිළිවෙළින් හිරුගෙන් හා සඳුගෙන්ය. කිසියම් හේතූන් නිසා මේ ශක්ති ද්විත්වය මිනිසාගේ සිරුරින් සිඳි ගිය කල්හි නිවෙසෙහි විදුලි බල්බයේ ශක්තිය හීනවී අඳුරු වූවා සේම, පහනේ තෙල් දැවීගොස් අඳුරු වූවා සේම මරණයට පත්වෙයි. මේ ගැන හොඳින් සලකා බැලීමේදී ප්රධාන වශයෙන්ම රවි සහ සඳු යන දෙදෙනා සෙසු වස්තූන් කෙරෙහි මෙන්ම මිනිස් සිරුරද කෙරෙහි බලපාන අයුරු විස්මයජනකය. අහසේ රවි සඳු දෙදෙනා හැසිරෙන ආකාරයෙන්ම එකී වස්තුන්ගේ ධාතු සංයෝගයෙන් සැදුම්ලත් ඕසාම මිනිසා තුළද ඔවුන්ගේ බලය ගැබ්වී සිදුවුණු ක්රියාකාරිත්වය අනුව ආශ්වාස, ප්රශ්වාස දෙකෙහි මාර්ගයෙන් මනුෂ්යයා සම්බන්ධ සුබ අසුබාත්මක නොයෙකුත් සැඟවුණු රහස් තේරුම් කර ගැනීම මෙම ලිපි පෙළේ ප්රධානම අරමුණක්ය.
හිරු, සඳු සහ මහ පොළොව තුළ ඇති ශක්තිය ගැබ්වී ඇති අවුරුදු දස දහස් ගණනාවක් පැරැණි ස්වාභාවික පාෂාණ මාර්ගයෙන්ද පාෂාණ අත් පලඳනා පැලඳීමෙන්ද අපට ශරීරයෙහි ඇතිවන බොහෝ තත්ත්වයන්වලට ඉතා සාර්ථක විසඳුම් රැසක් සපයා ගත හැකිය.