Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආදරය සහ රාගය පෙන්වන සිකුරු සහ කුජ

1 year ago 7 Min read
Subha.lk
මිනිසුන් අතර පමණක් නොව සජීවී සියලු සත්ත්වයන් අතර ආදරය සහ රාගය පවතී. ලෝක සත්ත්වයාගේ පැවැත්මට මේ ආදරය සහ රාගය අත්යවශ්යය. ලෝකය කවර කෙදිනක කෙසේ නිර්මාණය වූවත් එදින සිටම මේ ආදරය සහ රාගය පැවැත ආයේය. බොහෝ විට මේ දෙකේ වෙනස හරි හැටි හඳුනා නොගැනීම ගැටලුවක්ව පවතී. වැඩි දෙනාගේ මතය වන්නේ ආදරයත් රාගයත් එකම කාසියක දෙපැත්තක් බවය. අප තේරුම් නොගත් සත්යයත් එයයි. එනම් ආදරය එකක්, රාගය වෙනත් එකකි. Love and sex දෙකක් මිස එකක් නොවේ. ඊට අපගේ ජන්ම පත්රයේ ග්රහයන් බලපා ඇත. අප ආදරය සේ දකින්නේ පෙම්වතා සහ පෙම්වතිය හෝ සැමියා සහ බිරිය අතර ඇති බැඳීම පමණි. ඒත් මවුපියන් සහ දරුවන් අතර ඇති ආදරය, ගුරුවරුන් සහ ගෝලයන් අතර ඇති ආදරය, සහෝදර සහෝදරියන් අතර ඇති ආදරය, යහළුවන් සහ යෙහෙළියන් අතර ඇති ආදරය, මිනිසා සහ සත්ත්වයන් අතර ආදරය වශයෙන් උදාහරණ රාශියක් ඇත. ඒවා ආදරය මිස රාගය නොවේ. ඇතැම් විට මේ ආදර රාගය ලෙස අන් අයට පෙනෙන්ට පුළුවන. එකම රාජකාරී ස්ථානයක සේවය කරන ස්ත්රී පුරුෂ දෙදෙනෙකු ආදරය කරන්නට පුළුවන. එය විවාහය කරා යෑමක් නොවේ. දෙදෙනාගේ අදහස්, උදහස්, ගතිගුණ, රුචි අරුචිකම් හෝ වෙනත් හේතු නිසා ඇති වූ බැඳීමකි. ඔවුනට ලිංගික අවශ්යතාවන් ඇති නොවිය හැකිය. විදුහලක විදුහල්පතිවරයකු ගුරුවරයාට හෝ ශිෂ්යාවකට ඇගේ දක්ෂතා මත හෝ අසරණකම මත හෝ වෙනත් දෙයක් මත උදවු උපකාර කරනවා වන්නට පුළුවන්. එතැන ඔවුනොවුන් අතර ඇත්තේ මානුෂික බැඳීමක් පමණි. ඒත් සමාජය එය වරදවා රාගයෙන් බලන්නට පුළුවන. ඒ ඔවුන්ගේ දෘෂ්ඨියයි. ඇතැම්විට කිසිදා හමුනොවුණු දෙදෙනකු ආදරය කරන්නට පුළුවන්. සංසාරගත බැඳීමකි. රාගය ඊට වඩාත්ම වෙනස්ය. එහිදී මූලිකත්වය ලැබෙන්නේ මානසික අංශයට නොව ශාරීරික අංගයටය, ලිංගිකව එක්වීම ප්රධාන අරමුණය. ලිංගිකව එක්වීමට නොහැකි වුවත් ඒ හා සමාන තෘප්තියක් ලැබීමේ අරමුණය. නැතහොත් මුදල් යන සංකේතයයි. මුදල නිසාද අනෙකාට ‘ආදරය’ කරන බව පෙන්වීමට උත්සාහ කරන අය සමාජයේ බොහෝ ඇත. විවාහවන්නට නොව යමක් ‘කඩා ගන්නට’ උත්සාහ ගැනීම ඔවුන්ගේ අරමුණයි. ආදරය සුන්දරය. රාගය බියකරුය. බොහෝවිට මුලින් ආදරය පෙන්වා පසුව රාගයට පොලඹවා ගන්නා අවස්ථාද නැතිවාම නොවේ. සාහිත්යය ඉගෙනීම සිදු කරද්දී විශේෂයෙන්ම පද්ය රචනාවලදී (ගද්ය රචනාවලටද නැතිවාම නොවේ) නව නළු රස ගැන ඔබ අසා ඇත. යම් සිදුවීමක් සිදුවන අවස්ථාවේ ඇතිවන්නේ ‘භාවයන’න්ය. රාගයේදී සිදුවන්නේ භාවයන් ප්රකෝපවීම හෝ ඇවිස්සීමය. එහෙත් යම් සිදුවීමක් පසුකාලීනව ආවර්ජනය කරනව්ට හෝ සිදුවීමක් විස්තර කරන විට ඇතිවන්නේ ‘රසයයි’. ඒ අනුව භාව හා රසවල් අතර වෙනස හඳුනාගත යුතුයි. දෙදෙනකු ලිංගිකව හැසිරීම රාගයයි භාවයයි. එහෙත් ඒ දේ විස්තර කිරීම රස්යයි.’ පැරැණි සන්දේශ කාව්ය පරිශීලනයේදී ඒ බව වඩා පැහැදිලිය. ආදරයේදී අපට හමුවන්නේ ශෘංගාර රසයයි. අපි සරල උදාහරණයක් ගනිමු. කිසියම් තරුණියක් නම් අඟ පසඟ ප්රදර්ශනය කිර්ම හෝ ප්රදර්ශනය වන අයුරින් ඇඳුම් ඇඳීම රාගය ඇවිස්සීමය. එහෙත් යම් විටෙකදී ඒ දෙස බැලීම රාගය නොව ශෘංගාරයයි. එනම් එය රසවිඳීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ප්රදර්ශනය කිරීම සහ ප්රදර්ශනය නැරඹීම තවත් එකකි. තව දුරටත් මේවා විස්තර කළ හැකි වුවත් ජ්යොතිෂයට මේවා කෙසේ අදාළවන්නේද යන්න පැහැදිලි කිර්ම ජ්යොතිෂ ලේඛකයකුගේ වගකීමයි. මේ නිසා මෙතැනින් පසුව මේ සිදුවීම්වලට බලපාන ග්රහයන් හඳුනා ගැනීම අප කළ යුතුය. ඒ සඳහා ඔබගේ හෝ ඔබගේ සහකරු හෝ සහකාරියගේ ජන්ම පත්රය වැදගත්ය. රාගය නිරූපණය කරන්නේ ‘කුජ’ නැතිනම් අඟහරු ග්රහයාය. ඒ නිසා විවාහ පොරොන්දම් බැලීමේදී බොහෝ විට ‘කුජ දෝෂ' හෝ භෞම දෝෂ ගැන සැලකිලිමත් වීම සිදුවේ. කුජ දෝෂ ඇති අයකු කුජ දෝෂ, ඇති අයකු සමඟම විවාහ විය යුතු යැයි පැවැසෙන්නේ ඒ නිසාය. රාගය ඇත්තකු රාගය ඇති අයකු සමඟම විවාහ වීමෙන් විවාහ ජීවිතය සාර්ථක වේ. සරාගී යුවතියක් විවාහ විය යුත්තේ සරාගී තරුණයකු සමඟිනි. ‘ශනි’ රාගයක් නැති මහලු ග්රහයාය. ඒ නිසා ශනි හත්වැන්නේ හෝ ඊට අදාළ රාශියක සිටීමෙන් විවාහ ජීවිතය අසාර්ථක වේ. කුජ රාගය, බලය, ශක්තිය පෙන්වන නිසා යමකුගේ ජන්ම පත්රයේ කුජ බලවත්නම් එසේම ඔබගේ දශා කාලය කුජ මහදශාව’ නම් ඔබට රාගය, ශක්තිය, රුධිරය ආශ්රිත රෝග මෙන්ම සටන්කාමී බවද ඇතිවේ. විවාහයේදී යමකු කුජ සුදුසු නැතැයි පවසන්නේ නම් ඊට පිළියම්ද ජ්යෙතිෂයේ සඳහන් වේ. දැන් ආදරය ගැන කතා කරමු. කෙනෙකුගේ ආදරය ලබන්නටත් කෙනකුට ආදරය කරන්නටත් ඔබ වාසනාවන්ත විය යුතුය. ස්ත්රී පුරුෂ භේදයකින් තොරව ගතහොත් අද සමාජයේ ඇතැමුන් ඇසුරු කරන්නට බොහෝ දෙනා කැමැතිය. එසේම ඇතැමුන් කතා කරනවාටවත් අපගේ ඇසුරට ගන්නටවත් කැමැති නැත. සිකුරු බලවත් වීම ‘මාලවී යෝගය' ලෙසද පෙන්වයි. සිකුරු ග්රහ මණ්ඩලයේ සුරූපනියයි. ඒ නිසා සිකුරුගේ ආකර්ෂණය මත ආදරය සැප සම්පත් ලබන්නට අප වාසනාවන්ත විය යුතුය. සිකුරු මහ දශාව අවුරුදු 20 (විස්සක්ම) ඇත්තේ ඒ අනුවය. රස විඳීම වරදක් නොවේ. රෝසමලක් දෙස බැලීම. එහි සුවඳ බැලීම වරදක් නොවුනද එය නෙළා ගැනීම, පොඩි කර දැමීම වරදකි. ආදරයද එසේමය. රූමත් තරුණියක දෙස බැලීම, ඇය හා ඇසුරු කිරීම වරදක් නොවුවද, ඇයව දූෂණය කරන්නේ නම් ඇයගේ ස්පර්ශය ලබන්නට උත්සාහ ගන්නේ නම් එය වරදකි. දැරියකගේ ආදරය දිනා ගැනීම පහසු වුවත්, අපහසු වුවත් ඇයව කෙලසීම සමාජයද දකින්නේ වරදක් ලෙසිනි. ස්ත්රී පක්ෂය නොව පුරුෂ පක්ෂයද ඇතැම් විට දූෂණයට ද ලක්වන අවස්ථා ඇත. තරුණ කොල්ලන් නගරයේ වැන්දඹුවන්ගේ ග්රහණයට ලක්වන අවස්ථා අපමණය. වැන්දඹුවන්ගේ පමණක් නොව සරාගී ස්ත්රීන්ගේ ‘උගුලට' අසුවන පිරිමින් ගැන මාධ්ය මඟින් අසන්නට ලැබේ. එහිදී අප ‘ස්ත්රී', 'පුරුෂ' වශයෙන් බෝඩ් ලෑලි ගැසීම වැරැදිය. මෙය දෙපාර්ශ්වයටම පොදුය. මෙතෙක් කල් අප ආදරය 'සිකුරුගේ බලයක් ලෙසත් ‘රාගය‘ කුජගේ බලයක් ලෙසත් පැවැසුවත් ඇතැම් විට මෙම ග්රහ ගමන අනුව ඇතැමුන්ගේ 'කුජ' සහ 'සිකුරු' එකම රාශියක සිටිනු දැකිය හැකිය. එව්ට ඔවුනට දෙවියන්ගේ පිහිටම තමා' යනුවෙන් පැවැසුවද වරදක් නැත. සොඳුරු යුවතියක හා සලෙළු මත් තරුණයකු හුදෙකලා වුවහොත් ඇතිවන තත්ත්වය පැහැදිලිය. ඔවුහු අධි කාමාශා ඇත්තන්ය. සරාගීය. ඒ නිසා එවැන්නෝ ජීවිතය ආගමානුකූලව හැඩගසා ගැනීම වැදගත්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk