Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අද කෝටිපතියෙක් හෙට දුගියෙක් වන්නේ ඇයි?

1 year ago 7 Min read
Subha.lk
අද වන විට බොහෝ උදවිය ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇත. එදා කෝටිපතියෙක් ලෙස ජීවත් වුණු අය අද ඉතා දුක්ඛිත අයුරින් සිටින බවත් දැක ඇතැයි මම සිතමි.. මීට හේතුව කියාදීම උචිතය. කෙනකුට හරියන ප්රදේශයක් ඇත. ඒ වගේම ගැළපෙන බිරියක් සිටිය යුතුයි. මේක තමයි අපගේ තුන් ලොවටම අග්ර බුදුරජාණන් වහන්සේ මුලින්ම කල්පනා කරපු දෙය. බුදු වීමට කලින් දිව්ය ලෝකයේ සිට කාලය, දේශය, දීපය, කුලය මෑණියෝ කියා සොයා බැලුවේ හේතුවක් උඩය. අප යමක් කිරීමට පළමුව සිතා බැලිය යුතුය. සෑම කෙනකුටම හරියන ප්රදේශයක් ඇත. තමා කරන රැකියාවට තමන් පදිංචි ප්රදේශය සුදුසුද හිතන්න, පහනේ ආලෝකය ළඟම නැත. දුරට ආලෝකය විහිදෙනවා ඇත. ගමේ කෙනා ගමට අගේ නැත. එදා කොළඹ අවට ප්රදේශයට වැඩිපුර ගියේ දකුණේ මිනිසුන් එම අය කෝටිපතියන් වුණු බව කිව යුතුයි. තවද යමකුට හැදෙන්න වුවමනා නම් නෑයා, වේයා, මීයා යන තුන්දෙනා ඈත් කිරීම වටිනවා ඇත. නෑයාට කොතරම් කළත් ඇති වීමක් නැත. මීයා යන සතා සියල්ල කපා දමන බව වටහා ගත යුතුය. වේයා විසින් කරන්නේද විනාශකාරී දෙයකි. මා විසින් ලියන දේවල් ඔබත් හිතා බලන්න. ඊළඟ කරුණ තමා, විවාහය. ග්රහයන් 9 දෙනෙක් ඇත. ඊට තව තුන්දෙනෙක් එකතු වී ග්රහයන් 12 දෙනෙක් අද වන විට භාවිතයට ගෙන තිබේ. රවි, චන්ද්ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු වන අතර යුරේනස්, ප්ලූටෝ, නැප්චුන් සමඟ බලන විට ග්රහයන් 12 දෙනා හඳුනා ගත හැකිය. මා කියන්න හදන්නේ 13 වැනි ග්රහයා ගැනයි. ඉහත කියන ග්රහයෝ 12 දෙනාටම වැඩිය 13 වැනි ග්රහයා අති ප්රබලය. එය හොඳට හිටියොත් රජ සැප ලැබෙන අතර නරකට සිටිය විට රජ කෙනෙක් වුවත් හිඟමනට පත්වන බව කිව යුතුය. කෝට්පතියන් ගැන කවර කතාද? 13 වැනි ග්රහයා කියන්නේ තමාට ලැබෙන විවාහ සහකාරියයි. මේ ලිපිය බලා විවාහ වෙලා ඉන්න අය දික්කසාද වන්න එපා. හැම දේකටම පිළියම් ඇති නිසා කලබල වෙන්න හොඳ නැත. ස්ත්රී කේන්දරවල විස කන්යා යෝග සමහර විට යෙදීමට පුළුවන. පුරුෂ මර යෝග වගේම, අති ධාවන කාමයෝග, නරක අයුරින් කාලසර්ප යෝග යෙදීමද කෝටිපතියෙක් හිඟන්නෙක් වීමට බලපවත්වනු ඇත. ඊට අමතරව තවත් විස යෝග රාශියක් තිබේ. ඒවා පිළිබඳව විස්තර පසුවට කියා දීමට බලාපොරොත්තු වෙමි. පොරොන්දම් 20ක් පමණක් බලා තීරණ ගැනීම හොඳ නැත. විවාහයට බැලිය යුතු කරුණු කාරණා රාශියක් තිබේ. අද කාලේ විවාහ උත්සව සඳහා විශාල මුදල් වියදම් කරනු ඇත. නමුත් ඊට අදාළ ශාස්ත්රීය පැත්තට මුදල් වියදම් කිරීමට අකැමැතිය. එදා පුරාණ ඉසිවරු කියපු දේවල් ගණන් ගන්නේ නැත. ගමේ වෙද මහතා ජ්යොතිර්වේදී මහතා අමතක කර දමා කටයුතු කළ එකේ විපාක කොරෝනාව තුළින් පෙන්නවා ඇත. පනින්න පෙර සිතා බලන්න. බුදු දහම, ආයුර්වේදය, ජ්යොතිෂය ගැන දැන්වත් අවධානය යොමු කර බාධක ජය ගන්න බලන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk