Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසකට උළුවහු නිවැරදිව තබන්නේ මෙහෙමයි.

1 year ago 7 Min read
Subha.lk
ඔබට අලුතින් නිවෙසක් ඉදිකරන විට නිවෙසේ උළුවහුද නිවැරදිව තබාගත යුතුය. එසේම මට දැනට පදිංචි නිවසේද උළුවහු නිවරදිව තබා එතුණ දැයි ලිය යුතුය. එසේ නොමැති නම් වාස්තු දෝෂ ඇති වෙයි. විශාල නිවේසනට කුඩා උළුවස්සත් සහිත ප්රධාන දොර අසති වන අතර කුඩා නිවසකට විශාල උළුවස්සක් තිබීමද අසුය. විශේෂයෙන්ම විශ්වසේ ප්රධාන උළුවස්ස අනිත් උළුවහුවලට වඩා උසින් වැඩි විය යුතුය. අඩුම වශයෙන් ප්රධාන උළුවස්ස අඩි 06ක්වත් විය යුතුය. එයද වුවනාවට වඩා උස වැඩිවීම අසුබය. ප්රධාන දොර සහිත උළුවස්සට කරල හෝ මල් ලෑල්ලක් දමනවා නම් උළුවස්සේ උඩ අඩි 7 අඟල් 11ක්වත් තිබිය යුතුය. ප්රධාන උළුවස්ස තබන විට පළල මෙන් දෙගුණයක් උස ගත යුතුය, අඩුම වශයෙන් ප්රධාන උළුවස්සේ පළමු අඩි 3 1/2 ක්වත් විම යහපත්ය. සමහර නිවාසවල ප්රධාන උළුවස්සේ උසට නොගැළපෙන ලෙස පළල ගෙන ඇත. එයද අසුබය. තවත් සමහර නිවාසවල පසුව වඩා උස දෙගුණයකටත් වඩා වැඩිය. මෙම දෙවීයම් අසුබය. සෑම උළුවස්සක්ම පළමු ගත යුත්තේ උළුවස්සේ උසින් භාගයකි. උළුවස්සේ උස අඩි 03ක් යැයි සිතුවොත් පළල ගත යුත්තේ අඩ් 03කි. වර්තමානයේ මෙන් නොව අතීතයේදී නිවාස ඉදිකිරීමේදී ප්රධාන දොර හා අනිකුත් දොරවල් බිත්තියේ කෙළවරට තබා ඇත. එයද අසුබය. සමහර විට නිවාසයේ ඉඩ ප්රමාණය ලබා ගන්නට මෙසේ කරන්නට ඇත. විශේෂයෙන්ම නිවෙසේ ප්රධාන දොර තබන විට එය නිවැරදි පාදයේ තැබිය යුතුය. ඔබ ධනු ලග්නයේ කෙනෙක් නම් ඔබේ. එය ප්රධාන උළුවස්ස ගුරු පාදයට තැබීම ඉතා සුබය. උළුවස්සක් සෑම ව්ටම ලී තුනකින් ආවරණය විය යුතුය. උළුවස්සේ රාමුවට ලී 04ක් තිබුණොත් එය ජනේලයක් වනු ඇත. තවද ප්රධාන උළුවස්සට දෙපැත්තට ජනෙල් ඇල්ලීමද අසුබය. සෑම විටම දොර හා උළුවහු ජනෙල්ද වෙන වෙනම තැබීම යහපත්ය. උළුවස්සට සම්බන්ධ කර ජනෙල් අල්ලනවා නම් ඒවා වෙන වෙනම ජනෙල් හා දොර උළුවහු ලෙස ගත යුතුය. තවද නිවෙසේ තිබෙන ඕනෑම උළුවස්සකට පරාලයක් එල්ල වීමද අසුබය. කලන ප්රධාන උළුවස්සට පරාල අසුවී තිබෙන විට ඇති එය ගෙහිමියාට විපත් හා කරදර ගෙන දෙයි. සාමාන්යයෙන් වාස්තු විද්යාවට අනුව දොරවල් ඔත්තේ ගණනක්ද ජනෙල් ඉරට්ටේ ගණනක්ද තබයි. සමහරුන් පවසන පරිදි මෙසේ තැබීම අවශ්ය නොවන බවද පවසයි. එය වැරදියි. නිවෙසේ ගිනි කතිරය ගැනද උළුවහු තබන විට සැලකිලිමත් විය යුතුය. ගිනි කතිරය කැපී යන පරිදි දොර උළුවහු තබනු නොලැබේ. නිවෙසේ උළුවහුවලට බාල්ක එල්ල වීමද අසුබය. මැදින් බාල්ක තිබීමද අසුබ වෙයි. නිවෙසේ එක කෙළින්ම පිටුපස පෙනෙන පරිදි දොර උළුවහු තැබීම අසුබය. මේ නිසා නිවෙසට ගලා එන විශ්ව ශක්තිය නිවෙස තුළ නොරැඳේ. මේ නිසා නිවැසියන්ට රෝගාබාධ වැලඳීමට ඉඩ ඇත. සමහර දෙනා මෙය දෝෂයක් නොවන බවද පවසයි. ඒ අය වාස්තු විද්යාව නොදැන කරන ප්රකාශ නිසා ගෙහිමියාට අසුබ ඇතිවනු ඇත. එසේම බිත්තියේ හරි මැදින් ප්රධාන උළුවස්ස තැබීමද අසුබය. එවිට මුදුන් යට ලීයට දොර අසුවීමට ඉඩ ඇත. මුදුන් යටලීයට අසු නොවන පරිදි දොර තබන්නට හැකි නම් ප්රධාන උළුවස්ස මැදින් තිබුණාට වරදක් නැත. ප්රධාන දොර මාතෘ බිත්තියට ගන්නට පුළුවන් නම් මෙම දෝෂවලට අසු නොවේ. පීතෘ බිත්තියට ප්රධාන උළුවස්ස තබන විට මුදුන් යට ලීයට ප්රධාන දොර අසුවන්නට ඉඩ ඇත. ප්රධාන උළුවස්ස ඉදිරියට හෝ පසුපසට නැමී තිබීමද අසුබය. ප්රධාන උළුවස්ස නිවැරදිව ලම්බාකාරව තැබිය යුතුය. එසේ නොමැතිනම් නිවැසියන් දිළිඳු බවට පත් වනු ඇත. තට්ටු නිවාස හදන විට ඉහළ මාලයේ ප්රධාන දොර තබන විට පහත මාලයේ ප්රධාන උළුවස්සට කෙළින්ම තබනු නොලැබේ. කාමරවල උළුවහු තබන විට බිත්ති කෙළවරටම අල්ලා උළුවහු තැබීම අසුබය. එය කාමරයේ මැදට අවශ්ය නැත. ප්රධාන දොර උළුවස්ස තබන විට එය ප්රධාන පාරට හෝ ප්රධාන ගේට්ටුවට කෙළින් තබනු නොලැබේ. එනම් දොර කෙළින්ම පාර අසුබ වන නිසාය. එසේම නිවෙසේ ප්රධාන දොර හා උළුවස්ස ශක්තිමත් විය යුතුය. එකම දැව වර්ගයකින් ප්රධාන දොර හා උළුවස්ස තැබීම යහපත්ය. එසේම නිවෙසේ හරි මැදට දොර උළුවහු තැබීමද අසුබය. ඔබත් අලුතින් නිවෙසක් හදනවා ඒම් මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. දැනට ඔබ පදිංචි නිවෙසේ මෙම දෝෂ තිබෙනවා නම් දක්ෂ වාස්තු විද්යාව දන්නා අයකුට කියා ඔබේ නිවෙසද පරීක්ෂා කරගෙන වාස්තු දෝෂ නිවැරදි කර ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk