Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ වයස අනුව සුබ සහ අසුබ පල ගෙනදෙන කාලය බලන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

ඉපදීම, මරණය උරුමකර ගත් දෙයකි. ඉපදීම නොවුණි නම් මරණයක් නැත. නිර්+වාන හෙවත් තෘෂ්ණාව නැති කළ තැන යළි ඉපදීමක් නැති නිවන උරුම වෙයි. කෙනකු ඉපදී ගත කරන ජන්ම කාලය අතර අවුරුදු ගණන් ගතවී යනු ඇත. එසේ ගත කරන අවුරුදු සුබද අසුබද කියා දැන ගැනීම මෙම ක්‍රමය අනුව බලාගත හැකිවේ.

 

ජන්ම කාලයේ පටන් වර්තමාන වර්ෂය දක්වා අවුරුදු ගණන මෙපමණ යැයි දැන එම වයස් සංඛ්‍යාවද අස්විද නැකැතේ පටන් ජන්ම නැකැත දක්වා නැකැත් ගණනද මේෂ රාශියේ පටන් උපන් රාශිය දක්වා රාශි ගණනද යන සියල්ල එකට එකතු කරන්න. එසේ එකතු කරගත් මුළු ගණන වෙන වෙනම දෙකෙන් වැඩිකර එන සංඛ්‍යාව හතෙන් බෙදන්න. යළිත් එකතුවේ මුළු ගණන හතරෙන් වැඩිකර එන සංඛ්‍යාව අටෙන් බෙදන්න. 

 

ඉහත එකතු කළ මුළු ගණන තුනෙන් වැඩිකර එම සංඛ්‍යාව හයෙන් බෙදන්න. එම තුන් අයුරින්ම බෙදෙන ලද කොටස්වල ඉතිරිවීමක් තිබේද? එම අවුරුද්ද සුබපල දෙයි.

 

මුල සහ අග සංඛ්‍යාවල ඉතිරි නොවී නම් එම වසර ධන හීන වෙයි. අවස්ථා තුනම ශේෂ නොවී බෙදුණේද මරණය හෝ මරණයට සමාන දුක් ලැබෙන අවුරුද්දක් වෙයි.

 

 

උදාහරණ

කෙනකුගේ වයස අවුරුදු 76 යැයි සිතමු. උපන්නේ කන්‍යා ලග්නයෙන් හා අස්විද නැකැතේ යැයි සිතමු. මේෂ ලග්නයේ සිට 6 වැනි රාශිය කන්‍යාව නිසා වයස 76ට හයක් එක්කරන්න. ජන්ම නැකැත අස්විද නැකැත නිසා එයට තව එකක් එකතු කරන්න.

 

76 + 6 = 82 + 1 = උත්තරය 83

83 × 2 = 166 ¤ 7 = 5ක් ඉතිරි වෙයි

83 × 4 = 332 ¤ 8 = 4ක් ඉතිරි වෙයි

83 × 3 = 249 ¤ 6 = 3ක් ඉතිරි වෙයි

 

මේ අනුව බලන කල වයස අවුරුදු 76 ගත කරන කාලය මහත් ජයෙන් යුක්ත වසරකි. කිසිදු රෝගාබාධයක් මතුනොවී ශාරීරික සුවතාව ඇතිවෙයි. සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඒ අනුව බලන කල 76 වසර ජයග්‍රාහී වසරක් වෙයි.

 

වයස අවුරුදු 77 ලබා ගතකරන කාලය කෙසේ දැයි විමසා බලමු.

77 + 6 = 83 + 1 = 84

84 × 2 = 168 ¤ 7 = 24 = ඉතිරි නැත

84 × 4 = 336 ¤ 8 = 42 = ඉතිරි නැත

84 × 3 = 252 ¤ 6 = 42 = ඉතිරි නැත

 

මේ අනුව බලන කල මෙසේ ජන්ම ලාභය ලැබූ කෙනෙක් ඇතිද ඔහු වයස අවුරුදු 77 ගත කරන කාලය ජීවිතයේ අවසානයට ලබන මරණය උරුම වෙයි. ශරීරයේ පවතින අතුරු ආබාධ තත්ත්වයන් වඩා වර්ධනය වෙයි. දැඩිසේ පීඩනයට ලක් වෙමින් මරණයට පත්වෙයි. පාඨක ඔබත් මේම ගණිත ක්‍රමය අවබෝධ කරගෙන ගන කරන වයසේ සුබ අසුබ පරීක්‍ෂාකර ගන්න. විෂම ග්‍රහචාරයක් පවතී නම් ප්‍රවේශම් වන්න. මෙවන් කාලවල ආර්ථික අපහසුතාද ඇත.

 

සාමවිනිසුරු, ජ්‍යෙතිෂ්‍ය ශබ්ද විද්‍යා විශාරද

බෙල්පාමුල්ලේ එච්.ජී සිරිසේන (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk