Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මුල් වරට දරුවෙකුට බත් කවන්නේ කොහොමද ?

1 year ago 7 Min read
Subha.lk
දරුවෙකුට මුල් වරට බත් කවන විට එය නිවැරදිව කළ යුතුය. එය ජ්යොතිෂ ශාස්ත්රානුකූලව කරනු ලැබේ. මේ සඳහා දරුවාගේ උපන් නැකැතට සීහුම් වන දවසක් තෝරා ගෙන සුබ දිනයක්ද තෝරාගත යුතුය. මේ සඳහා පුර පක්ෂයේ දිනයක් යොදා ගනී. එනම් පුර විශේණිය සිට අව විශේණිය දක්වා ඇති දිනයක් ගත යුතූය. ජලවක තිථියද රක්නා පවතින දිනයන්ද, පුර පසළොස්වක දිනයද, අමාවක දිනයද මේ සඳහා ගනු නොලැබේ. දින වශයෙන් සඳුදා, බදාදා, බ්රහස්පතින්දා හා සිකුරාදා දිනයන් ගන්නට පුළුවන. අඟහරුවාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්ද යොදා නොගනී. ලග්න වශයෙන් සලකන කල වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, ධනු, කුම්භ තත්කාල ලග්න ලෙස ගන්නට පුළුවන. දරුවා උපන් නැකැතින් 08 වැනි නැකැත ඇති දිනයද දරුවාගේ උපන් ලග්නයෙන් 08 වන ලග්නයද තත්කාල ලග්නය ලෙස නොගනී. බත් කැවීමේ චාරිත්රය සඳහා පිරිමි දරුවකුට නම් උපතේ සිට 06, 08, 10, 12 මාසද ගැහැනු දරුවකුට නම් උපතේ සිට 05, 07, 09, 11 වන මාස මේ සඳහා යොදා ගනී. එම දිනයට පවතින රාහු කාලයද මඟහරවාගෙන සුබ දිනයද සුබ දිසාවද තෝරාගෙන බත් කැවීම කළ යුතුය. දරුවා හෝ මව කිසියම් රෝගී තත්ත්වයකින් පසුවන විට බත් කැවීම නොකළ යුතුය. නියමිත දිනයේදී දරුවා මේ සඳහා සූදානම් කරන විට දරුවා හොඳින් නහවා පිරිසුදු කළ යුතුය. එම වතුරට කහ ස්වල්පයක් අඹරා මිශ්ර කර නහවන්නේ නම් සුදුසුය. තම්බා ගත් දෙහිවලින් දරුවාගේ හිස සේදීමද කරනු ලබයි. ඉන්පසු අදාළ දිනයට නියමිත වර්ණයෙන් දරුවාට පිරිසුදු ඇඳුමක් ඇන්දවිය යුතුය. නැකැත් වෙලාවට පළමුව බුද්ධ පූජාව බෙදා දරුවා ලවා අත ගස්සවා පූජා කළ යුතුය. එසේ ආගමික වතාවත් ඉටුකළ පසුව දරුවාට බත් කැවිය යුතුය. පළමුව කිරිහොදි සමඟ බත් පිඬක් අනා දරුවාට කවන්න. සුබ දිසාවට මුහුණ ලා වාඩිවීමට හැකි වන ලෙස පැදුරක් බිම දමා ඒ වන ඇතිරිලි දැමිය යුතුය. එහි ඉදිරිපස පොල් තෙල් පහනක්ද පත්තු කළ යුතුය. නිවෙසේ මධ්යය මේ සඳහා යොදා නොගනී. දරුවාට බත් කවන විට මිරිස් නොයොදා ආහාර ගත යුතුය. කිරිබත්, කැවිලි වර්ග, පලතුරුද, රන් රිදී මුදල් වැනි දේ ද, පෑන් පැන්සල්, පොත් වැනි අධ්යාපනයට සම්බන්ධ භාණ්ඩද, රෙදිපිළි වර්ගද, සෙල්ලම් බඩුද එම ඇතිරිලි මත තබන්න. පිරිමි ළමයකුට නම් පියා විසින් දරුවා වඩාගෙන සිටින විට මව විසින්ද ගැහැනු දරුවකුට නම් මව විසින් දරුවා වඩාගෙන සිටින විට පියා විසින්ද බත් කවනු ලබයි. මව නොමැති අවස්ථාවක ඇවැසිය. නැන්දා හෝ මාමා විසින් මෙය කළ යුතුය. පළමු බත් පිඬ කැවූ පසුව දරුවාට කැමැති දෙයක් ගන්නට දරුවා පැදුර මත තබන්න. මේ අවස්ථාවේදී දරුවාගේ කරේ පංචායුධයක් දමන්නටද පුළුවන. දරුවා පැදුර මත තැබූ පසුව පළමුව ගන්නේ ආහාර වර්ගයක් නම් එය දරුවාට කවන්න. දරුවාට නුසුදුසු කෑම වර්ග පැදුර මත නොතියන්න. මෙම චාරිත්ර අවසානයේදී වැඩිහිටියෙක් විසින් පහත සඳහන් ගාථා කියා දරුවාට සෙත් පතන්න. 1. යංකිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථූ රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ 2. සංකිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථූ රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ 3. යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු රතනං සඟ සමං නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk