Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කිත් පැසසුම් සහ ජයග්රහණ ලැබෙන චාමර යෝගය

1 year ago 7 Min read
Subha.lk
වසර හැත්තෑවකට ආසන්න වශයෙන් ජීවත් වීමට වරම් ලැබූ අය මේ යෝගයෙන් උත්පත්තිය හෙවත් ජන්ම දායාදය ලබති. මොවුන් බමුණන් මෙන් වේද ශාස්තෘයන්ගේ දස්කම් විස්කම් දක්වති. පාලන තන්ත්රය දෙස බලද්දී මේ යෝගයෙන් ජන්ම දායාදය ලැබුවෝ පරිපාලනයෙහි දක්ෂයෝ වෙති. එපමණක් නොවේ. මේ යෝගය ලැබුවෝ පැහැදිලි කතා විලාසයකින් යුක්ත අය වේ. මොවුන් පාලකයන්ගේ ගරු බුහුමනට ලක්වේ. සුබවාදී ලෙසින් රජුන්ගේ ගෞරවාදරයට පත්වනවා පමණක් නොව ගරු බුහුමන්ද ලබති. අධ්යාපනය එසේත් නැතිනම් ශිල්ප ශාස්ත්රය දෙස විමසීමේදී ඉතාමත් පැහැදිලි නිපුණත්වයක් ලැබුවෝ වෙති. කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලැබීමේදී කේන්ද්රස්ථානයක ලග්නාධිපතියා එසේත් නැතිනම් උත්පත්තිය ලග්නය හිමි ග්රහයා ස්ථානගත වී ඇත්ද එසේත් නැතිනම් ලග්නයට උච්ච ග්රහයා මෙසේද ඒ අවස්ථාවේදී උච්චවත් ක්ෂේත්ර වූ හෝ ස්වක්ෂේත්ර වූ ගුරු හෙවත් සුරු ගුරුගේ ක්ෂේත්රයට හසුවේද එතැනදී කෙළින්ම යෙදෙන්නේ චාමර යෝගයයි. එපමණක් නොව, ලග්නය සතර හත දහයට යන කුමන ස්ථානයට හෝ සුබවාදී ග්රහයෝ දෙදෙනෙක් ස්ථානගත වී ඇත්ද එවිට යෙදෙන්නේද චාමර යෝගයයි. මේ අනුව විමසීමේදී චාමර යෝගය දෙයාකාරයට යෙදෙන බව පැහැදිලි වේ. එසේම මෙකී සුඛ ග්රහයන් දෙදෙනාම අසුබ ග්රහයන් දක්නා ලබන්නේද කිසිම දැක්මක් නැතිවම අසුඛ ග්රහ සංයෝගවලින් තොර විය යුතුය. එමෙන්ම එකී සුඛ ග්රහයෝ උච්චක්ෂේත්රව හෝ ස්වක්ෂේත්රව සිටියේ නම් මෙම යෝගයෙන් සුබ පල වඩා වැඩිය. යම්කිසි ජන්මියකු උප්පත්තිය ලැබුණේ මීන ලග්නයෙන්ද එම ලග්නයට උච්චක්ෂේත්ර ග්රහයා සිකුරුය. සිකුරු ග්රහයා ලග්නයේ ස්ථානගතව සිටියදී මීන ලග්නයෙන් පස්වැන්න වන කටක රාශියට උච්චක්ෂේත්ර වූ ගුරු පස්වැන්නේ ස්ථානගතව සිටින විට එම බ්රහස්පතිව ලග්නයේ බලවත්ව තෙදවත්ව සිටින කිවි දැකීම හේතුවෙන්ද චාමර යෝගය යෙදෙන බව දත යුතුය. ජ්යොතිෂයේ දැක්වෙන පරිදි කිවි සහ ගුරු සතරක් ලෙසින් හැඳින්විය හැකිය. මෙහිදී තවදුරටත් සලකා බැලීමේදී සතුරු බලය වෙනත් අංශයකට ගෙනිය හැකිය. කොහොම වුණත් ගුරු ග්රහයා සිකුරුගේ සතුරු බලය අභිභවා ඉදිරියට යමින් මෙම චාමර යෝගයේ ඇති සුබපලයන් නිසි අයුරින් උදා කර දේ. ඒ වගේම තවත් කෙනකුගේ උත්පත්තිය කටක ලග්නයෙන් සිදු වී තිබෙන්නට බැරි නැත. එතැනදී ගුරු ලග්නයේ උච්චව සිටීමත් සඳු ස්වක්ෂේත්රව එම ස්ථානයේම වැජඹීමත් හේතුවෙන්ද චාමර යෝගය උදාවන්නේය. මෙහිදී සලකා බැලිය යුත්තේ පාප ග්රහයන්ගේ අසුබ දැකීම් නොලබා සිටියහොත් බොහෝවිට චාමර යෝගයේ සත්යම් සුබ පලයන් ගෙන දීමද සිදුවේ. මෙම යෝගය තවත් කිහිප විධියකටම යෙදීමට බැර්කමක්ද නැතුවා නොවේ. කෙසේ වෙතත් චාමර දක්ෂ නිපුණ අයට තෝතැන්නකි. වාසනාවන්ත පිහිටීමකි. ජය ලබන මංපෙතකි. ප්රසිද්ධියේ උල්පතකි. බඅහඅමන් ලැබීමේ පහසුම පින්බිමකි. නිරෝගිව ජීවත් වීමට අත්වැලකි. ශිල්ප ශාස්ත්රය හැදෑරීමට මෙවන් යෝගයක් ලැබීම කියලාවත් කරගන්නට බැරි ග්රහ පිහිටීමකි. දක්ෂ යන්ගෙනුත් දක්ෂයන් බිහි කරන මෙම යෝගය මනාව ඔබටත් තිබේදැයි විමසා බලා ඔබත් ඒ අනුව ඉදිරියට යන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk