Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනාගතය ගැන පෙරනිමිති කියන සිහින

1 year ago 7 Min read
Subha.lk
විඩාවක් නැති වුවද නින්ද මිනිසාට අවශ්යය. නින්දේදී අපට මිහිරි හෝ අම්හිරි සිහින දර්ශනය වේ. සමහර විට උදයේ පිබිදෙන විට සිහිනය අමතකය. අසුඛ යැයි හැඟෙන සිහිනයක් දුටුවිට උදෑසනම පැඟිරි ගසකට සිහිනය පවසා සිත සැහැල්ලු කරගන්නා අයද සිටිති. අප සිහින විමසා බැලිය යුත්තේ සවිඥානකව නොව විද්යාත්මකවය. ගොළු, බිහිරි, අද පුද්ගලයන්ද සිහින දකිනි. සිහින දැකීමට බාල මහලු භේදයක් නැත. යටි සිත තුළ තැන්පත්ව ඇති අත්දැකීමක් නින්දේදී සිහිනයක් ලෙස දිගහැරෙයි. මිහිරි සිහින අසුඛ වීමටත් අමිහිරි සිහින සුඛ වීමටත් හැකියාව ඇත. සිහිනය පිළිබද විමසිලිමත් වීමේදී එය අතීත අත්දැකීමක් වර්තමාන සිදුවීමක්, අනපේක්ෂිත අනාගත අනාවැකියක් ගැබ්වී තිබීමට හැකිය. ප්රබල චිත්ත බලවේගයක් හෝ ශක්තියක් මඟින් නොදුටු හෙට දින ගැන සිහිනයක් ලෙස දැනුවත් කිරිම පුදුමසහගතය. සංකේතාත්මකව හෝ එකිනෙකාගේ මනසට ගෝචරය වන පරිදි සිහිනය දර්ශනය වෙයි. එක් පුද්ගලයකු සිහිනෙන් දුටුවේ ගමට පායන ලද හිරු නිවී ගම අඳුරු වන අයුරුය. දින දහයකට පමණ පසු මෙම ගමට උදාවූ රාත්රියක දැඩි සුළිසුළඟක් හමා ආවේය. නිවාස හානි වී ගෙවතුවල ගස් මුලින් ඉදිරි වැටී විශාල හානි සහ කරදර සිදුවීය. ගමේ පිහිටි විශාල ජලාශයට අයත් බැම්ම බිඳී යෑමට ආසන්න වී තිබුණි. තවත් පුද්ගලයකු පෙම්වතිය අහිම් වීම නිසා තනිකඩව සිටියේය. වසර කිහිපයකට පෙර ගමෙන් බැහැර වූ ඇය ගැන තොරතුරු සොයා බැලීමට හෝ උත්සුක නොවීය. රාත්රියක සිහිනෙන් ඇය ඔහු කරා ආවාය. පසුදින ඔහුට විදුලි පුවතක් මඟින් දැන ගැනීමට ලැබුණේ දින දෙකකට පෙර ඇය මිය ගිය බවය. මුදල් ගැටලුවකින් පෙළුණු එහෙත් උපේක්ෂා සහගත පුද්ගලයකුට සිහිනයෙන් කිසිවකු අංක කිහිපයක් පෙන්වීය. එම අංකද ඇතුළත් ලොතරැයි පතක් පසුදිනක මිලදී ගත් යථෝක්ත පුද්ගලයාට ණය ගෙවා නිදහස් වීමට හැකි අයුරින් ජයග්රහණයක් හිමිවිය. තමාට දෂ්ට කිරීමට රන් පැහැති නයෙක් උත්සාහ කරන අයුරුත් බොහෝ වෙහෙසී බේරුණු ආකාරයත් තරුණියක් සිහිනයෙන් දුටුවාය. දින කිහිපයකදී ඇයට අනපේක්ෂිත අයුරින් රජයේ රැකියාවක් හිමිවිය. චෛතසික සංසිද්ධියක් වන සිහිනය පිළිබඳව විමසිලිමත්ව බැලීමේදී අනාගත සිදුවීමක් මෙලෙස සිහිනයක් ලෙස දර්ශනය වීම අධි මානසික ශක්තියක ප්රතිඵලයක් ලෙස සැලකීමට හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk