Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රට යන්න පුලුවන්ද අත බලා කියන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk
විවිධ හේතු නිසා විදේශ ගත වන්නන්ගේ සංඛ්යාව එන්න එන්න තව වැඩිවන බව දක්නට ලැබේ. කෙනකු වැඩිදුර ඉගෙනීම සඳහාත් තව කෙනකු රැකියාව සඳහාත් වෙනත් කෙනකු රටතොට බැලීම වැනි විවිධ හේතු මතත් විදේශ ගත වන බව පෙනේ. මෙවැනි අයගෙන් එම ගමන් සාර්ථක වන බවත් තවත් අයකුගේ එම ගමන් අසාර්ථක වන බවත් දක්නට ලැබේ. ඒ කෙසේ වෙතත් එම ගමන් සාර්ථක හෝ අසාර්ථක වීමටත් එම ගමන් බිමන් යෙදෙන ආකාරයත් ඉපැරැණි හස්ත රේඛා ශාස්ත්රය මනාව පෙන්වාදේ. ඒ අනුව ඊට බලපාන හස්තරේඛා සලකුණු මොනවාද? කියා මෙම ලිපියෙන් විමසා බලමු. රූපසටහන බලන්න. එහි ඒ.ඒ. සලකුණු දෙස බලන්න. එය ප්රධාන වශයෙන් විදේශ ගත වන රේඛාවක් හැටියට හස්තරේඛා ශාස්ත්රය හඳුන්වා දී ඇත. කෙනකුගේ ජීවන රේඛාවෙන් ශාඛාවන් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවක් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් එයද සංචාරක රේඛාවන් හැටියට හස්ත රේඛා ශාස්ත්රය පෙන්වා දේ. රූපසටහනේ B.B. දෛව රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවක් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් එයද සංචාරක රේඛාවක් හැටියට හස්ත රේඛා ශාස්ත්රය පෙන්වා දේ. රූපසටහනනේ C, C නවද සඳු මණ්ඩලයෙන් ඉතා කෙටි රේඛාවන් කිහිපයක් ඉහළට ඇදී ඇත්නම් ඒවාද විදේශ ගතවන රේඛාවන් හැටියට හස්ත රේඛා විද්යාව පෙන්වා දේ. රූපසටහනේ D, D සූර්ය රේඛාවෙන් ශාඛාවන් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවන් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් ඒවාද සංචාරක රේඛාවන් හැටියට හස්ත රේඛා ශාස්ත්රය පෙන්නා දේ. රූපසටහනේ E, E සිකුරු මණ්ඩලයෙන් ශාඛාවන් දෙවැනි කුජ මණ්ඩලය වෙත ගමන් කර ඇත් නම් එයද සංචාරක රේඛාවන් හැටියට හස්ත රේඛා ශාස්ත්රය පෙන්නා දේ. රූපසටහනේ F, F බලන්න. විදේශ හෙවත් සංචාරක රේඛාවන් හැටියට තවත් හස්ත සලකුණු බොහෝ තිබෙන බවත් එයින් ප්රධාන වශයෙන් බලපාන හස්ත රේඛාවල කරුණු කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කළ බව සලකන්න. මෙම යෝග කෙසේ පිහිටියත් එවැනි අයගේ ඉහත සඳහන් සලකුණු ඉතා හොඳින් පැහැදිලිව පිහිටීමෙන් එවැනි අයගේ එම ගමන්බිමන්වලින් සාර්ථක ප්රතිඵල ලැබෙන බවත් පෙන්වා දේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk