Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අවුරුද්දටම සුව සෙත උදා කරන බලගතු සෙත්කවි දෙකක්

1 year ago 7 Min read
Subha.lk
ශ්‍රීමත් ශ්‍රී විෂ්ණු දෙවිඳුනි සියත සංඛය දරන දිදුලන සුර්ද මෙන සිත දසත පැතිරුන සුගත හිමි දිනු සසුන සුරකින නෙදැනි මහවෙණු දෙවි බුදුවන පතිත මාරක කොරෝනා ලෙඩ දුරැර සිරිලක සතට පැමිනුන සපත කළ මැන සකල ජනසෙන සතුරු කරදර දුරිත කරමින ශ්‍රීමත් කතරගම දෙවිඳුනි සකල ලෝසත වෙතට පිහිටව රුහුණු රට මහ දෙවොලෙ වැජඹෙන විපුල ගුණපිරි දෙවිඳ බරනෙත් තෙදස දසදෙස පැතිර පවතින මෙකල මාරක කොරෝනා ලෙඩ දුරැර සිරිලක සැමට පැමිනුන සපල කළ මැන සුරිද පැතුවන නිතින ජනසෙත සලස දෙවමින මෙම සෙත් කවි දෙක විහාරස්ථානයක දේව මන්දිරයක් අබියස හෝ බෝධීන් වහන්සේ නමක් අබියස, සුවඳවත් පලතුරු 7ක් ඇතුළත් පූජාවක් දෙවියන් වෙත පුදා එක් සෙත් කවියක් වාර 7ක් බැගින් දින 7ක් කියවා ඔබටත්, ඔබ පවුලේ සැමටත්, රටේ ජනතාවටත් සෙත් ප්රාර්ථනා කරන්න. විහාරස්ථානයකට යෑමට යම් අපහසුතාවක් ඇත්නම් තම නිවෙසේ බුද්ධ වන්දනා කරන ස්ථානයේ පළමුව තෙරුවන් වැඳ විෂ්ණු, කතරගම දෙවිවරු සිතේ මවාගෙන මෙම සෙත් කවි දෙක 7 වරක් බැගින් දින 7ක් කියවා ඔබටත්,පවුලේ සැමටත්,රටේ ජනතාවටත් ලැබූ නව වසර සියලු දුක් පීඩා දුරු වී යහපත උදාවේවායි ප්රාර්ථනා කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk