Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල ඔක්තෝම්බර් 31 දින සිට නොවැම්බර් 06 දක්වා

1 year ago 7 Min read
Subha.lk
01.මේෂ - ලග්නාධිපති වික්රමස්ථාන ගතවද, රවි කලත්ර ස්ථානයේ නීචවද, කිව් හා කේන්ද්රගතව ස්වක්ෂේත්ර බලයෙන්ද ගුරු වැයස්ථානයේ ස්වක් ක්ෂේත්රව ද සඳු පුණ්යස්ථානයේද සිටිමින් ආරම්භ වන මෙම සතිය මේෂ ලග්න හිමියන්ට මිශ්රඵල උදාකරනු ඇත. රාහු හා කේතු ලග්නයේත් හත්වැන්නේත් තව දුරටත් සතුරුව ගෝචරව සිටියි. සියලු ග්රහ ගෝචරයන් සලකා බැලීමේදී පසුතැවිලි, කනගාටු, චිත්ත පීඩා ආදිය දැනෙන සතියක් විය හැකිය. ශරීරයට වෙහෙසකර ගතියක් දැනෙන්නටද පුළුවන. වැඩිහිටි අයකුගේ අප්රසාදයට හෝ තර්ජනයකට ලක්වීමට ඉඩ තිබේ. රැකගෙන සිටි ගෞරවයට හා නම්බුවට තරමක හානියක් ඇති විය හැකිය. සතියේ මුල් දින කිහිපය ගත වී යත්ම ක්රමයෙන් සිතේ ප්රීතිය වැඩිවන බවක් දැනෙනු ඇත. බලාපොරොත්තු වූ අදහස් ඉටුකර ගැනීමට හැකියාව ලැබේ. ශරීර සනීපය යහපත් වන බවක් පෙනී යයි. අනුන්ගෙන් ආධාර උපකාර ලැබෙනු ඇත. පවුලේ වැඩිහිටියකුට යහපතක් සිදු වීමට හේතුයි. සුබ දිනය:- සඳුදා, සුබ වර්ණය :- දම් පාට, ජය අංක: 07, 16 ………………………. 02.වෘෂභ- හයවැන්නේ ස්වක්ෂේත්රව නීච වූ රව් හා ඒකරාශීව ගෝචර වෙද්දී ඇරඹෙන මෙම සතියේ සඳු අටවැන්නේ ගමන් කරයි. ශනි නවවැන්නේත් ගුරු 11 වැන්නේත් ගමන් කරන බැවින් තරමක ශුභඵලයන් භුක්ති විඳීමට ඔබට අවස්ථාව උදාවනු ඇත. බොහෝ ලැබීම් මෙන්ම නැතිවී ගිය යම් යම් වස්තූන් පවා නැවත ලැබෙන්නට පුළුවන. අලුත් තත්ත්වයකට හෝ තැනකට නැති නම් උසස්වීමකට ඉඩ සැලසෙනු ඇත. ආදායම ක්රමයෙන් වර්ධනය වන අතර වෙළෙඳාම් ආදී ව්යාපාර කටයුතු ද වැඩිදියුණු වේ. ඒ හා සමානවම වැය පක්ෂයද ඉහළ යා හැකි බැවින් හැකි තාක් ප්රවේශමෙන් කටයුතු කිරීම මැනවි. සතුරු කරදර පහව යන ලකුණු පෙන්නුම් කරයි. සිතේ සතුටද සමාදානයද රජයනු ඇත. රැකී රක්ෂා අපේක්ෂවෙන් සිටි අයට සතුටුදායක තොරතුරු ලැබීමට පුළුවන නම්යශීලී බවත් නිහතමානිකමත් වැඩිවන මෙම කාලයේ උසස් අයගේ හෝ රජයේ සැලකිල්ලට, ගෞරවයට භාජන වීමට හේතුවේ. සුබ දිනය:- සෙනසුරාදා, සුබ වර්ණය - තද නිල්, ජය අංක - 08, 17…………………………. 03.මිථුන- තවදුරටත් ශනි අටවැන්නේ ගමන් කරන මිථුන ලග්නයේ ලග්නාධිපති රවි, සිකුරු හා ඒකරාශීව ලග්නයට ත්රිකෝණගතව ගෝචරව ගමන් කරයි. ලග්නයෙන්ද සදුගෙන්ද කේන්ද්රගතව ගුරු හා කුජද ගෝචරව සිටී. රාහු සුඛස්ථානගත නමුත් සිටිනුයේ සතුරු බලයෙහි සමස්ත ග්රහචාරය අනුව බලන කල ඥාතීන්ගෙන් දොස් ඇසීමට මිථුනයෙන් උපන් ඔබට සිදු විය හැකිය. තත්ත්වයද ස්ථානද වෙනස් වීමට ඉඩ ඇත. උසස්වීම් වෙනුවෙන් මහන්සි වීමට උත්සාහ ගන්නා කාලයක් ද විය හැකිය. යහපත් දේ අවබෝධ කරගැනීමටත් වැදගත් වැඩකට උත්සාහ කිරිමටත් පුළුවන පහත් අයගෙන් කරදර විඳීමට ද ඉඩ ඇත. ඒ අතරම හොඳ ආහාර පාන වර්ග ලැබීමක්ද පෙන්නුම් කරයි. මිතුරු ඇසුර වැඩිවිය හැකි අතර බඩුමුට්ටු ලැබීමක්ද විය හැකිය. අනුන්ගෙන් ප්රශංසා ලැබීමට හේතුයි. තරඟ සිට්ටු ආදියෙන් මුදල් ලාභ ලැබීමට පුළුවන. ලැජ්ජාවෙන් යන ගමනක් යෙදෙන්නට ඉඩ ඇත. නරක අයගේද ඇසුරට ශුද්ධ ඇති බැවින් කල්පනාකාරී වවන්න. සුබ දිනය - සිකුරාදා, සුබ වර්ණය - ළා නිල් පාට, ජය අංක:- 06, 15……………………………. 04. කටක රවි, බුධ, කිවි සමඟ කේතු සිවුවැන්නේ ගෝචර වෙද්දී ශනි හත්වැන්නේද ගුරු පුණස්ථානයේද රාහු කර්මස්ථානයේද කුජ වැයස්ථානයේද ගෝචරයෙන් ගමන් කරයි. ඒ අනුව ගමන් බිමන්වලදී බලාපොරොත්තු රහිත කරදර සිදුවීමට කටක ලග්න හිමියන්ට ඉඩ ඇත. යමෙක් කුජගේ මහ දශාව හෝ අන්තර් දශාව ගත කරමින් සිටින්නේ නම් මෙම කාලය දැඩිව ප්රවේශම් විය යුතුය. විභාගවලින් ජය ලබාගැනීමටද හැකිවේ. ඥාතීන්ගේද හිතවතුන්ගේද උපකාර ලැබෙනු ඇත. මවුපස ඥාතීන් විශේෂයි. මවට සැප හා නිරෝගී බව ඇතිවේ. මවගෙන් උපකාරද ලැබේ. ප්රීතිමත් ගමන් ද ඇති වෙයි. ගෙදර දොර සැප පහසුව ඇති වන සේ කටයුතු සිදුවිය හැකිය. යහපත් මිතුරන් මුණගැසීමට අවස්ථාව උදාවනු ඇත. ගොවිතැන් කටයුතු වලින් ලාභ ගෙන දේ අඹූසැමි සබඳත තරවන බවක් පෙන්නුම් කරයි. ප්රේම සබඳතා වලටද හේතුයි. ස්ථාන, ගෙවල් ඉඩම් පිළිබඳ ප්රශ්න ගැටලු කරදර ඇති වීමට ඉඩ ඇත. සුබ දිනය- බ්රහස්පතින්දා, සුබ වර්ණය - සුදු පාට, ජය අංක: - 09, 36………………………………. 05.සිංහ - සිංහ ලග්නයේ ලග්නාධිපති වික්රමස්ථානගතව බුධ සිකුරු හා කේතු සමඟ ගෝචරවන මෙම සතියේ කුජ අයස්ථානයේ ගමින් කරමින් කලත්රස්ථානයට ත්රිකෝණ දෘෂ්ටි ලබාදෙයි. රාහු නව වැන්නේත් සඳු පස් වැන්නෙත් ලග්නයට ත්රිකෝණව ගමන් කරයි. ග්රහ ගෝචරය අනුව සිංහ රැසින් උපන් ඔබට සිතට සතුට දැනෙන කරුණු ඇතිවිය හැකි අතර උසස් අයගෙන් උපකාර සැලකිලි හා ලාභ ප්රයෝජනද ඇතිවේ. ධන ලාභ ලැබීමේ භාග්යයක්ද පෙන්නුම් කරයි. සතුරන් පරාජය කිරීමට හෝ මෙල්ල කිරීමට ශක්තිය ලැබේ. ශරීර ශක්තියද ධෛර්යයද වැඩිවනු ඇත. ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගේ සැලකිලි ලැබීමට පුළුවන සහෝදරයන්ට සැප් ලැබෙනු ඇත. ප්රීතිමත් හිතවතකුගේ ආශ්රය ඇති විය හැකිය. තමාගේ බලය යම් පමණකට හෝ ඉහළ යන කාලයකි වස්ත්රාභරණ හා විසිතුරු බඩු ලැබිය හැකිය. ලියකියවිලිවලින් ප්රීතියද විවිධ ලාභ ප්රයෝජන ද ලැඛෙනු ඇත. කරන ලද වරදකට දඬුවම් විඳින්නට සිදුවිය හැකිය අමුතු කටයුතු හෝ දේවල් ගැන හිත යයි. සුබ දිනය - ඉරිදා, සුබ වර්ණය: නිල් පාට, ජය අංක:- 04, 13 06.කන්යා- බුධ, රව් හා කිව් සමඟ ධනස්ථානයේ ගෝචර වන මෙම සතිය ආරම්භයේ සඳු වැන්නේත් රාහු අටවැන්නේත් පිහිටවන් තන අග්න හිමියන්ට තරත පැටටු සහගත කාල වකවානුවක් උදාකිරීමට පුළුවන, සුළු දේ ලොකු දේවල් බවට පත්වී අමාරුකම් ඇතිවිය හැකිය. තම් ඉක්මන්තපිත් සිත දමනය කර නොගැනීමත් නිසා මෙවැනි දේ සිදුවිය හැකිය. පොඩි වදටත් ලොකු දඩුවම් විඳින්නට ඉඩ ඇත. දරු ශිෂ්යාදීන්ට අසනීප හා කරදර ඇති කරයි. ඉගෙනීම්වල නිරත අයට නම් අමුතු දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැකිය. ආගමික පූජක උතුමන්ලාව ඉතාම් යහපත් අයුර්න් සිය වතාවත් කරගෙන යෑමට අවස්ථාව උදාවේ තමා අරමුණු කරගන සිටි හෝ මෙතෙක් කරගෙන ආ කටයුතු නිවැරදි. ඍජු මාර්ගයට හරවාගෙන සාර්ථකත්වය කරා ගෙනයෑමට වැඩි උත්සාහයක් දරන වකවානුවක්ද විය හැකිය. කතාබහ යහපත් වේ. සරණාවන්ත වචන පිටවන කාලයකි. සුබ දිනය:- සඳුදා, සුබ වර්ණය- දම් පාට, ජය අංකඃ - 07, 25, 07.තුලා - ඔබගේ ලග්නාධිපති සිකුරු ලග්න ගතව සිටියදී රව්, බධ, කේතුද එහිම ගෝචරව සිටී. සිවුවැන්නේ ශබ්ද හත්වැන්නේ රාහුද ගමන් කරද්දී සඳු වික්රමස්ථානයේ ගෝචරව සතිය ආරම්භ වේ. තුලාවෙන් උපන් ඔබට මෙම ග්රහචාරය අනුව මිල මුදල් පිළිබඳ ව්පිළිසර සිතිවිලි පහළවීමට ඉඩ ඇත. ඇඳුම් පැලඳුම් ලැබීමට අවස්ථාව උදාවේ. ගමන් බිමන් පිළිබඳව ද ලියකියවිලි පිළිබඳවද නිතර සිතේ කර ගෙන යන වැඩ කටයුතු වල පසුබෑමක් හෝ වැඩට කම්මැළි ගතියක් ඇතිවිය හැකිය. කුඩා ළමයින්ගෙන් නිතර නිතර කරදර ඇතිවීමක් පෙන්නුම් කරයි. සමහර විට නෑයෙක් හෝ සමීප හිතවතෙක් අමනාප වන්නටද පුළුවන, රැවලිකාර කපටියකුගේ උපදෙසක් නිසා සිත්තැවුලක් හෝ මුදල් හානියක් වීමට ඉඩ තිබේ. කතාවේ දුර්වලකමක් හෝ උගුර බැරැණ්ඩි වීමක් විය හැකිය. කෙසේ නමුත් විනෝදයෙන් කාලය ගත කිරීමට හැකිවේ. ලෙඩකින් පීඩා විඳිමින් සිටියේ නම් මේ වකවානුවේදී නිරෝගී සුව අත්වීමට නියමයි. සුබ දිනය- සෙනසුරාදා, සුබ වර්ණය : - අළු පාට, ජය අංක - 17. 26…………………… 08.වෘශ්චික - ලග්නාධිපති කුජ අට වැන්නේ ගමන් කරමින් සිටින මේ සතියේ රවි, බුධ, කිවි, කේතු දොළොස් වැන්නේද රාහු හයේද ගුරු පහේ ශනි තුන්වැන්නේ හා සඳු දෙවැන්නේද ගෝචර වශයෙන් හැසිරේ. සමස්ත ග්රහචාරය අනුව වෘශ්චික ලග්න හිමියන්ට ණය වීමට සිදුවිය හැකි බවක් පෙනීයයි. ශරීර ශක්තිය, බලය, උනන්දුව තරමක් දුරට අඩුවීමට පුළුවන. සමහර විට නරක ආරාචි අසන්නටද සිදුවේ. බඩේ උෂ්ණ ගතිය වැඩිවිය හැකිය. මුදල් හානිවීම්වලටද කරුණු යෙදේ. අගෞරව වන කතාවක් අසන්නට සිදුවිය හැකිය. මේ කාලයේදී සුළු හෝ තුවාලයක් සිදුනොකර ගැනීමට වගබලා ගැනීම යහපති ඊර්ෂ්යාකාරයන් නිසා සිතට බියක් හෝ සැකක් ඇති වීමට පුළුවන. එක් එක් වේලාවට ඇතිවන ආශාවන් නිසා නරක පුරුදු වලට ඇබ්බැහි විය හැකි බැවින් කල්පනාකාව කටයුතු කළ යුතුය. සාමාන්ය මට්ටමේ දියුණුවක් ඇතිවීමටත් ඉඩ තිබේ. ප්රීතිමත් මිත්ර සමාගම් ඇති වීමටත් ඔවුන් හා රහස් සාකච්ඡා, රහස් ගමන් ඇතිවීමටත් පුළුවන. සුබ දිනය:- සිකුරාදා, සුබ වර්ණය; නිල් පාට, ජය අංක:- 06, 15……………………. 09.ධනු- ගුරු සිවුවැන්නේ කේන්ද්රගතය. සඳු ලග්නයේය. ශනි ධනස්ථානයේ සිටියදී රවි, බුධ, සිකුරු හා කේතු සමඟ අයස්ථානයේ ගෝචර ගමනකය. කුජ හතේත් රාහු පහේත් ගමන් කරමින් ධනුවෙන් උපන් ඔබට සිතේ සතුටට කරුණු සලසා දෙනු ඇත. මීට පෙර දිනවල තිබුණාට වඩා තත්ත්වය යහපත් අතට හැරෙනු ඇත. සමහර විට වෙනදාට වඩා කටුක ආහාරයක් භුක්ති විඳින්නට සිදුවිය. හැකිය. මිත්රයෙක් සමඟ ටික වේලාවක් හෝ සම්භාෂණයක යෙදී සිටීමට හැකිවේ. සුළු වශයෙන් හෝ යමක් ලැබෙන ලකුණු පෙන්නුම් කරයි. ආදායම් ලැබෙන මාර්ග හෝ ආදායම් වැඩිකරගන්නා මාර්ග පිළිබඳ යහපත් අදහස් ඇති විය හැකිය. සමාජයෙන් ඈත්ව අප්රසිද්ධව නිදහස්ව කාලය ගතකිරීමට කැමැත්තක් ඇති වීමට පුළුවන. හිසේ මුහුණේ උෂ්ණ ගතිය අඩුවී සිසිල් ප්රසන්න බවක් දැනෙනු ඇත. අන් අයටද තමාගේ කාරුණික ප්රසන්න පෙනුමක් දිස්වනු ඇත. මවුපියන්ට යහපත සැලසීම වෙනුවෙන් කැපවී කටයුතු කරන්නට සිදුවිය හැකිය. සුබ දිනය:- බ්රහස්පතින්දා, සුබ වර්ණය:- ක්රීම් පාට, ජය අංක: 06, 24…………………….. 10.මකර - ලග්නාධිපති ස්වක්ෂේත්රව සිටින අතර රවි කර්මස්ථානයේ නීච රාශිගතව සිටී. රාහු රවිට හත්වැන්නේ ගමන් කරන අතර ගුරු තුන්වැන්නේ ගමන් කරයි. සඳු දොළොස්වැන්නේය. මේ අනුව මකර ලග්න හිමියන්ට තදබල අපල ඇතිනොවන නමුත් තරමක කරදර සහිත කාලයක් වනු ඇත. තිබුණු ගෞරව සැලකිලි පිළිගැනීම් නැති වී යා හැකිය. වියදම් අධික වීමටත් පුළුවන, සුළු සුළු ලේ ගලන තුවාල ඇතිවිය හැකිය. ජලයෙන් යම් යම් හානි, කරදර ආදිය ඇතිවීමට හේතුයි. රන් රිදී මුතු මැණික් වැනි වස්තු ලාභ ඇතිවන බවක්ද දක්නට තිබේ. කතාවෙහි දක්ෂ බවක් ඇති වේ. 1. සිත් සතුටු වන අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට හැකිවේ. අත් දේ ඉගෙන ගැනීමට ලැබෙනු ඇත. ධර්මානුකූල කටයුතු මඟින් දියුණුවට මංමා පදෙනු ඇත. ගුප්ත විද්යාවන්ගෙන් ප්රයෝජන ගැනීමට සිතා සිටින අයට මේ දිනවල හොඳ ප්රතිඵල ලද හැකිය. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවල දියුණුවක් ලැබීමට හැකි කාලයකි. පියාගෙන් උපකාර ලද හැකිය. සුබ දිනය; සඳුදා, සුබ වර්ණය සුදු පාට, ජය අංක- 16, 25…………………. 11.කුම්භ - මෙම සතිය ආරම්භ වනුයේ කුම්භ ලග්නයේ කේන්ද්රස්ථාන හතරම පා කරවමිනි. ලග්නාධිපති දොළොස් වැන්නේ හැසිරෙන අතර සඳු එකොළොස් වැන්නේය. පීතෘ කාරක රවි, බුධ, සිකුරු, කේතු හා නව වැන්නේ ගෝචර වෙයි. දෙවැන්නේ ස්වක්ෂේත්ර ගුරුය. ගරු නම්බු ලැබීමටත් මුදල් ලාභ ලැබීමටත් වාසනාව උදාව ඇති බවක් පෙනේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග්රහ භුක්ති විඳින්නට හැකිවේ. ගෙදර දොර කෑමබීම අඩුපාඩු නොවන සතියකි. රැකී රක්ෂාවලින් උසස්වීමද විභාගවලින් ජය අත්වීමද මේ කාලයේ දැකිය හැකිය. පවුලේ පිරිස වැඩිවීමට හේතුයි සමහර විට ආවාහ විවාහයක් හෝ දරු උපතක් සිදුවන්නට පුළුවන සුදුසු වයසේ සිටින අයට මංගල යෝජනාද ප්රේම සබඳතාද ඇතිවේ වැදගත් කතා පැවැත්වීමටද ඉඩ ලැබේ. ඇඳුම් පැලඳුම් ලැබෙන්නට පුළුවන ත්යාගවන්ත සිතක් ඇතිවේ. ප්රසිද්ධ වීමට කරුණු යෙදෙනු ඇත. දුවා දරුවන්ගේ අධ්යාපන කටයුතු සාර්ථක වීමද දියුණුවද ඇතිවන කාලයකි. සුබ දිනය - සෙනසුරාදා, සුබ වර්ණය- කළු පාට, ජය අංක - 08, 35………………………… 12.මීන - සඳු කර්මස්ථානයේ ගෝචර වෙද්දී ඇරඹෙන මෙම සතියේ මීන ලග්නාධිපති ලග්නගතය. ශනි අයස්ථානයේද රාහු ධනස්ථානයේද සිටී. රවි, බුධ, කේතු, සිකුරු අටවැන්නේත් කුජ සිවු වැන්නේත් ගෝචරය. මේ අනුව ශරීර සනීපය ඇතිවේ. ප්රධානත්වයක් ඇතිවිය හැකිය. සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. තම අදහසට අනුවම වැඩ කටයුතු සිදුවනු ඇත. විශේෂ දියුණුවකට මං පෑදෙනු ඇත. ධන ලාභ ලැබීමටද හේතුයි. තම ආනුභාවය, තේජස වැඩිපුර පැතිරෙනු ඇත. තම බලපුළුවන්කාරකම් ක්රියාවේ යොදවන්නට අවස්ථාව උදාවිය හැකිය. උසස් වැඩිමහල් අය හා හිතමිත්ර කම් ගොඩනඟා ගැනීමටද හැකිවේ. දේශපාලනයේ නියුතු මීන ලග්න හිමියන්ට විශේෂ දියුණුවක් ඇතිවිය හැකි කාලයකි. තත්ත්වයට සුදුසු තනතුරු ලැබෙන්නට පුළුවන. පවුලේ දියුණුව වැඩිවේ. අත් නයන් ලැබාවෙන් හෝ පවුලේ අයට දරුවන් ලැබීම නිසා හෝ පවුලේ පිරිස වැඩිවිය හැකිය. භූමි ලාභද පෙන්නුම් කරන බැවින් පතල් වැනි කර්මාන්ත කරන අයට යහපති. සුබ දිනය:- බ්රහස්පතින්දා , සුබ වර්ණය - රතු පාට. ජය අංක - 09, 18

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk